අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Space Force

 

 

Comedy

Creators : Steve Carell, Greg Daniels

Stars : Steve Carell, John Malkovich, Ben Schwartz

 

Space Force තමයි මේ කතා මාලාවේ නම වෙන්නේ කතා මාලා 02 කින් යුක්ත වුන මේකෙ පලමු  කතා මාලාව 2020 වර්ෂයේදි එලි දැක්වෙනු ලැබෙනවා.Netflix, Deedle-Dee Productions, Film Flam  යන චිත්‍රපට සමාගම්හි හවුල්කාරිත්වය සමග මෙම කතා මාලාව එලි දක්වනු ලබනවා. අපි කව්රැත් හොඳට අඳුනන විකට රංගනයන්ට දායක වෙන Steve Carell ප්‍රධාන රංගනයෙන් දායක වන අතර ඊට අමතරව John Malkovich / Ben Schwartz / Diana Silvers වැනි සහය නළු නිලියන්ද තම දායකත්වය මෙම කතා මාලාව වෙනුවෙන් ලබා දීලා තියෙනවා. IMDB  දර්ශකයට අනුව 6.7 ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගන්නට හැකිවෙලා තියෙන මෙම කතා මාලාව Comedy කාණ්ඩයටම වෙන් කරල තියෙනවා. Comedy කාණ්ඩයටම පමණක් වෙන් කරල තිබුනත් මේක ටිකක් විද්‍යාව පැත්තටත් බර නිසා science & comedy කියල කාණ්ඩයකට මට වෙන් කරන්න හිතෙනවා. එක්සත් ජනපද සන්නද්ධ හමුදාවේ නවතම ශාඛාව වන අභ්‍යවකාශ බලකායේ අණදෙන නිලධාරියා ලෙස ජෙනරාල් මාර්ක් නයාර්ඩ් පත් කර සිටිනවා.ඔහු ඉහළ අරගලයකට මුහුණ දෙමින්, විද්‍යාවෙන් බහුල වුන සටන් බලකායකට අණ දෙමින්, එම බලකායේ අයවැය කප්පාදුව සමගත් කටයුතු කරමින් අභ්‍යවකාශ හමුදාව නැවත එක්සත් ජනපද ගුවන් හමුදාවට යටත් කර ගැනීම වැළැක්වීමට උත්සාහ කරනවා වගේම ජෙනරල් නෙයාර්ඩ්ට මූන දෙන වෙන ප්‍රහ්නත් එක්ක එයාගේ බලකායේ ‍සාමාජිකයින්ගේ වැඩ වගේම ජෙනරල්ට වෙන ඇබැද්දිත් එක්ක මේ කතා මාලාව ඉදිරියට ගලන් යනවා.

 

Season 01
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08
Episode 09
Episode 10