අතීතයේ මිනිස් වර්ගයා ගස් මතින් බිමට ආ විට, ඔවුන් ගින්දර භාවිතා කිරීමට උගත්තා ,තියුණු තල සෑදීම ආරම්භ කළා, රෝද සොයාගත්තා, මාර්ග තැනීම ආරම්භ කළා, අවසානයේ බීජ පැළ කිරීමට උගෙන එක් තැනක පදිංචි වුණා. නමුත් ඔවුන්ට රජෙකු හෝ ජාතියක් තිබුණේ නැහැ. මිනිස් වර්ගයාට සිහින පෙණුනේ නැහැ, එමෙන්ම තවමත් ඔවුන් ස්වභාවධර්ම…

අතීතයේ මිනිස් වර්ගයා ගස් මතින් බිමට ආ විට,
ඔවුන් ගින්දර භාවිතා කිරීමට උගත්තා ,තියුණු තල සෑදීම ආරම්භ කළා,
රෝද සොයාගත්තා, මාර්ග තැනීම ආරම්භ කළා,
අවසානයේ බීජ පැළ කිරීමට උගෙන එක් තැනක පදිංචි වුණා.
නමුත් ඔවුන්ට රජෙකු හෝ ජාතියක් තිබුණේ නැහැ.
මිනිස් වර්ගයාට සිහින පෙණුනේ නැහැ,
එමෙන්ම තවමත් ඔවුන් ස්වභාවධර්මයේ විශිෂ්ඨ පිරමීඩයේ මුදුනතට ළගා වී තිබුණේ නැහැ.
අපගේ ඉපැරණි මාතාවන්ගේ කීර්තිමත් භූමිය,
මෙතැනයි,

ආර්ත්.

සුබ දවසක් බයිස්කෝප් රසික රසිකාවියනි. ඔන්න මම ආවේ තවත් අළුත් කොරියන් කතාවක් අරගෙන. මේකට උපසිරැසි දෙන්න අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් සුධීර මාලන් අයියට තමයි ස්තූතිවන්ත වෙන්න ඕනේ. අධ්‍යාපන කටයුතු මැද්දේ විභාග ඉවර වුණ ගමන්ම ඔන්න අරගෙන ආවා. එහෙනම් කතාවට බහිමුකෝ.

2019 ජුනි මාසයේ විකාශනය ඇරඹූ ආර්ත්දල් ක්‍රොනිකල්ස් කතා සමයන් තුනකින් යුතු කතා මාලාවක්. මේ වෙද්දි 7.7 ක IMDb අගයක් ලබා ගන්න සමත් වී ඇති මෙම කතාමාලාව මිත්‍යා කතා සහ ආදර කතා ගණයට වැටෙනවා. මේ දිනවල tvN නාලිකාවෙන් කොරියාවේත් Netflix නාලිකාවෙන් අන්තර්ජාතිකවත් විකාශය වෙමින් පවතින මෙම කතා මාලාව ලොව පුරා කොරියානු කතා රසියන්ගේ බලවත් ප්‍රසාදයක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. Kim Won-seok විසින් අධ්‍යක්ෂණය කර තිබෙන මෙහි තිර පිටපත රචනා කර තිබෙන්නේ Kim Young-hyun සහ Park Sang-yeon විසිනුයි. බොහෝ දෙනාට හුරු පුරුදු ඩිසෙන්ඩන්ට්ස් ඔෆ් ද සන් කතා මාලාවට රංගනයෙන් දායක වූ තරු යුවලක් වන Song Joong-ki ඉයුන්සම් ලෙසත්, Kim Ji-won ටාන්‍යා ලෙසත් මෙහි පෙනී සිටිනවා. එමෙන්ම Jang Dong-gun ටාගොන් ලෙසිනුත් Kim Ok-vin ටියාල්හා ලෙසිනුත් රංගනයෙන් දායක වෙනවා.

ආර්ත්දල් යනු සිහින දැකීමට හැකියාවන් නොමැති මිනිසුන් ජීවත් වන භූමියක්. ඔවුන්ට ජාතියක් නැහැ. ඔවුන් තමන්ට වඩා ශක්තිමත් නීත්තාල් වරුන් සමඟ සබඳතාවකින් තොරව වුවත් සාමයෙන් යුතුව ජීවත් වෙනවා. නමුත් අවසානයේ මිනිසුන්ට ජාතියක් අවශ්‍ය වෙනවා. බලය පිළිබඳ හැඟීමෙන් යුුතුව ඔවුන් සියල්ල ආරම්භ කරනවා. මහා යුද්ධය, මහා දඩයම සහ ජාතියක් ගොඩ නැගීමේ චේතනාවෙන් යුතුව සිදු කරනා බල අරගලය. මේ සියල්ලන්ටම පසුපස සිටින්නේ කුඩා කොළුවෙක්. ඉතින් ඒ කොළුවාට බලය ලබා ගන්න හැකි වේවිද? ඔහුගේ විරුද්ධවාදියා කවුරුන්ද? අනාවැකියෙන් පවසන දේ ඉටු වේවිද? මේ සියල්ල දැන ගැනීමට නම් වෙනත් කොරියානු ටෙලි කතා මාලාවන්ට වඩා වෙනස් තේමාවක් රැගත් Arthdal Chronicles නැරඹීමට පැමිණෙන ලෙස මම ඔබට ආරාධනා කරනවා.

මීළඟ කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,432 downloadsDownload Arthdal.Chronicles.S01E01.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

දිලේකා ප්‍රබෝධිනී

Subtitles

5,432 downloadsDownload Subtitles27 KB

19 comments

  1. lushan...thusi

    Thanq sis ❤️

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Thrishala95

    නියමයි සබ් එකට ස්තූතියි
    ඉතුරු ටිකටත් ඉක්මනටම දෙමු
    ජය වේවා.....

  4. Udara Damith Dissanayaka

    නියමයි
    එල

  5. Anonymous

    හොදයි... ජය වේවා !

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  7. Chathuranga

    Radio romance eke sinhala subtitles dennako
    Plz

  8. Shehan randika jayathunga

    man nam balala ivaraii... kiyannadeyak naa suppaa kathavak niyama therumak thiyanavaa...apee ratee posh untath velathiyeenneee meekee vaddanta unu deemaiii... deparak hithanna nathuuva gannaa... supirima supiriyak..

  9. maikee

    සබ් එකට තැන්ක්ස් මම ලගදි ඉදලා කොරියානු කතා මාලා බලන්න ගත්තේ. දැන් පිස්සු වගේ. හොය හොය බලන්නේ. එලම. දිගටම සබ් දෙන්න මේ කතාවටත්. Romance එවාට පට්ට ආසයි. තැන්ක්ස්

  10. MR

    ❤

    1. Chathumi Sankalpani

      Thanks for subtitles.Waiting for other episodes.

  11. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. prasanga

    thanks.....

  14. මයිකි

    බොහොම ස්තුතිය මේ කතාවට සබ දෙන්න පටන් ගත්තට. මේ කතාවට පස්සේ තව අලුත් කොරියානු කතාවකටත් සබ් දෙන්න. මං මේ දවස් වල කොරියානු කතා වලට ආස වෙලා බයිස්කෝප් එකේ ගොඩක් කතා ඩව්න්ලොඩ් කරලා බලන ගමන ඉන්නේ

  15. Rumesh Asanka

    thank you

  16. Anonymous

    mata nam meke animation hariyanne na.1st episoide eka aram hari yanwa nam ethuru euwa ganna

  17. Nilush Angana

    Sub ekata thanx

  18. Anonymous

    Thanks