“කවචය බිඳ දමන තැනැත්තා අසූරේ ධුමකේතුව පෙනෙන දිනයේ මරණයත් සමඟ පෙනී සිටිනු ඇත. එමෙන්ම වහාන් ගෝත්‍රය තවදුරටත් එයම නොවනු ඇත” මිනිසුන් සහ නීන්තාල්වරුන් එක්ව ජීවත් වූ ආර්ත්දල්හි මිනිසුන්ට හීන දැකීමට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් මිනිසුන්ට තමන්ට තනිව ඉටුකරගත නොහැකි තරම් ඉහළ බලාපොරොත්තු තිබුණා. ඒ සඳහා ඔවුන්…

“කවචය බිඳ දමන තැනැත්තා අසූරේ ධුමකේතුව පෙනෙන

දිනයේ මරණයත් සමඟ පෙනී සිටිනු ඇත.

එමෙන්ම වහාන් ගෝත්‍රය තවදුරටත් එයම නොවනු ඇත”

මිනිසුන් සහ නීන්තාල්වරුන් එක්ව ජීවත් වූ ආර්ත්දල්හි මිනිසුන්ට හීන දැකීමට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් මිනිසුන්ට තමන්ට තනිව ඉටුකරගත නොහැකි තරම් ඉහළ බලාපොරොත්තු තිබුණා. ඒ සඳහා ඔවුන් නීන්තාල්වරුන් සමඟ ගිවිසුම් ඇති කර ගැනීමට සිතුවත් නීන්තාල්වරුන් සොබාදහම සමඟ එක්ව ජීවත්වූ නිසා ඔවුන්ට මිනිසුන්ගෙන් කිසිවක් අවශ්‍ය වූයේ නැහැ. නමුත් මිනිසුන් තමාට අවශ්‍ය දේ කෙසේ හෝ ලබා ගත්තා. හොඳින් හෝ නරකින්. තමාගේම මිනිසුන් නිසා බිල්ලක් බවට පත් වූ ආසා සින් නීන්තාල් වරුන්ට උපකාර කළා මෙන්ම නීන්තාල්වරයෙකුට දාව දරුවන් දෙ‍දෙනෙක්ද ලැබුණා. නමුත් තමාගේ මිනිසුන්ට ද්‍රෝහී වීම නිසා ආර්ත්දල්හි දෙවිඳුන් වූ අරාමුන් හේසුල්ලාගේ ශාපයට ගොදුරු වූ ඇයට ඉතිරි වූ එකම දරුවා වූ ඉයුන්සම් සමඟ ඇය දෙවියන්ගෙන් දුරස් වූ දේශයක් වන ඉයාර්ක් වෙත චාරිකා කළා.

ආර්ත්දල්හි වගේම ඉයාර්ක්හිත් අනාවැකියක් තිබෙනවා. නමුත් එය වෙනස්. එයින් කියවෙන්නේ අවාසනාව පිළිබඳවද වාසනාව පිළිබඳවද කියා පැවසීමට තවමත් හැකියාවක් නැහැ. මේ වන විට ඉයුන්සම් තම මව සමඟ ඉයාර්ක් වෙත පැමිණ වසර දහයක් ගෙවී ගොස්. වහාන් ගෝත්‍රය ඉයුන්සම්ව රැකබලාගත්තත් ඔහුගේ හීන දැකීමේ හැකියාව නිසා ඔහුට ගෝත්‍රයෙන් පිටමං වන්නට සිදු වේවිද? වසර දහයක් පුරා සිදූවූ නීන්තාල් දඩයම අවසන් වීමෙන් පසු ටාගොන් සිදු කරන්නේ කුමක්ද? ප්‍රඥාවන්ත කොළුවෙකු සිට ප්‍රඥාවන්ත රණශූරයෙකුව තමන්ගේ පියාණන්ගේ පවා ඊර්ෂ්‍යවට ලක්ව සිටින ඔහු තමන්ගේ බලාපොරොත්තු ඉටු කර ගැනීම උදෙසා ඉයාර්ක් වෙතට පය තබාවිද?

මීළඟ කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,164 downloadsDownload Arthdal.Chronicles.S01E02.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

දිලේකා ප්‍රබෝධිනී

Subtitles

3,164 downloadsDownload Subtitles34 KB

9 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි

  3. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  4. Thrishala95

    සබ් එකට තෑන්ක්ස්....

  5. Anonymous

    thnx

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Monsterdib

    thanks sub ekat

  8. Nilush Angana

    Sub ekata thanx

  9. Vishwa Ravishan Bandara

    MEKE MOVIE EKA KOHENDA HOYAGANNE