Watch Trailer

Aarya [S01 : E01] Sinhala Subtitles | යකඩ ගැහැණියකගේ කතාව [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මාස 8කට පස්සේ හාහා පුරා කියලා තවත් සීරිස් එකක් අරගෙනයි අද ආවේ… “උඹලට ඇත්තටම වෙන වැඩ නැද්ද බන් මේ පරණ ඉන්දියන් මඟුල් වලට සබ් හදන්නේ අර අලුතෙන් ආපු ඉංග්‍රීසි සීරීස් කොච්චර තියනවද..?”. ඕක තමා මේකේ කමෙන්ට් සෙක්ෂන් එකේ ප්‍රධාන ප්‍රශ්නය වෙන්නේ. ඇත්තටම ආසිරි අයියාගේ ප්‍රධානත්වයෙන් මේක කරන්න පට…

ඔන්න එහෙනම් මාස 8කට පස්සේ හාහා පුරා කියලා තවත් සීරිස් එකක් අරගෙනයි අද ආවේ…

“උඹලට ඇත්තටම වෙන වැඩ නැද්ද බන් මේ පරණ ඉන්දියන් මඟුල් වලට සබ් හදන්නේ අර අලුතෙන් ආපු ඉංග්‍රීසි සීරීස් කොච්චර තියනවද..?”. ඕක තමා මේකේ කමෙන්ට් සෙක්ෂන් එකේ ප්‍රධාන ප්‍රශ්නය වෙන්නේ. ඇත්තටම ආසිරි අයියාගේ ප්‍රධානත්වයෙන් මේක කරන්න පටන් අරන් අවුරුදු දෙකක් වෙනවා. මෙච්චර කල් පරක්කු වුන එකේ සම්පූර්ණ වගකීම මම භාර ගන්නවා. ඉතින් මාව මේකට සම්බන්ධ කරගත්ත මයුර අයියත් හොඳට දෙසනවා ඇති මට. ඉතින් මෙච්චර පරක්කු වෙලා තියන එකේ තව පරක්කු නොකර අපි කතාවට යමු.

2020 ජූනි 19 වන දින Ram Madhavani, Sandeep Modi, Vinod Rawat, Kapil Sharma යන අයගේ අධ්‍යක්ෂණයෙන් හැඩවී disney plus hotstar වෙත නිකුත් වන මෙය අද වනවිට ImDb 7.8 ක අගයකුත්, කතාසමයන් දෙකක් දක්වාත් හොඳම කතාමාලාව ලෙස ජාත්‍යන්තර එමී සම්මානයත් දිනාගැනීමට සමත් වෙනවා. Sushmitha sen මෙහි ප්‍රධාන චරිතය (ආර්යා) නිරූපණය කරන අතර සෙසු චරිත සඳහා
Chandrachur Singh, Namit Das, Ankur Bhatia, Vikas Kumar රංගනයෙන් දායක වෙනවා.

ආර්‍යා කියන්නේ සාමාන්‍ය විවාහ ජීවිතයක් ගතකරන ධනවත් පවුලක ඉපදුනු තුන්දරු මවක් මෙයාගේ සැමියා වන තේජ් ඖෂධ නිෂ්පාදනය කරන සමාගමක සම අයිතිකරුවෙක් ඉතින් දවසක් මේ සමාගමේ තවත් සම අයිතිකරුවෙක් කරන ගනුදෙනුවක් නිසා
තේජ්ගේ මේ පවුලම කනපිට හැරෙනවා. ඉතින් මොකක්ද මේ කරන ගනුදෙනුව? කාත් එක්කද මේක කළේ? මේ ගනුදෙනුව නිසා තේජ්ට මොනවා වෙයිද ? ආර්‍යා කොහොමද මේ හැමදේටම මුහුණදෙන්නේ? මේ හැමදෙයක්ම මුසුවුන ත්‍රාසජනක කතාමාලාවකට මුලපුරනවා මෙතැන් පටන් එහෙනම් දෙවනි කොටසින් හමුවෙමු.

තවත් කතාමාලාවක කතාංගයකින් හමුවෙනතුරු ජයවේවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,333 downloadsDownload Aarya.S01E01.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

නිර්මාල් විමුක්ති

Subtitles

1,333 downloadsDownload Subtitles30 KB

9 comments

  1. Anonymous

    එහෙම කියන උන් ගනන් ගන්න එපා බන්
    අපි නම් එකෙන්ම හින්දි සීරීස් බලනවා
    අන්තිමට දීපු dharavi bank එකේ අන්තිම එපිය බලලා තවමත් හොල්මන් වෙලා ඉන්නේ,ඒතරම් පට්ට

  2. Kushan

    Sub akta thanks

  3. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  4. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. මයුර

    සබට ගොඩක්ම තුති මචෝ. අනේඑහෙම මුකුත් නෑ. අපි හැමෝගෙන්ම මේක පරක්කු වුණා.

  6. Lakindu

    Season 2 නැද්ද අපිට..පිස්සු හැදෙව්වා මේකෙන්ම..අනෙක නෑනෙ ඉතින් ..

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. prasad chathuranaga

      epi download karaganne kohomda

    2. විමා

      බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් එකෙන්