Watch Trailer

Aarya [S01 : E09] Sinhala Subtitles | හැම කරදරයකම අවසානයද?? [සිංහල උපසිරසි]

2020 වසරේදි Disney Hotstar හරහා නිකුත් වුණු Aarya කතාමාලාව කියන්නේ අතිශය සාර්ථකත්වයක් ලබාගත්තු කතාමාලාවක්. සුෂ්මිතා සෙන් කියන ජනකාන්ත නිළියගේ පුනරාගමනය සටහන් කරන මේ කතාමාලාව Penoza කියන නෙදර්ලන්ත කතාමාලාවේ ප්‍රතිනිර්මාණයක්. මේ වෙද්දි කතාසමයන් දෙකකින් යුක්ත වෙන අතරම IMDb අගයත් 7.8ක් ලබාගෙන තියෙනවා.…

2020 වසරේදි Disney Hotstar හරහා නිකුත් වුණු Aarya කතාමාලාව කියන්නේ අතිශය සාර්ථකත්වයක් ලබාගත්තු කතාමාලාවක්. සුෂ්මිතා සෙන් කියන ජනකාන්ත නිළියගේ පුනරාගමනය සටහන් කරන මේ කතාමාලාව Penoza කියන නෙදර්ලන්ත කතාමාලාවේ ප්‍රතිනිර්මාණයක්. මේ වෙද්දි කතාසමයන් දෙකකින් යුක්ත වෙන අතරම IMDb අගයත් 7.8ක් ලබාගෙන තියෙනවා. ඒ විතරක් නෙමේ, ජාත්‍යන්තර එමී සම්මාන උළලේ හොඳම කතාමාලාව වෙනුවෙනුත් නිර්දේශ වුණා. ඉතින් මේ පළමු කතාසමයේ අවසානම කොටසින් තමා අපි මේ මුණගැහෙන්නේ. ලොකු කුතුහලයක් ඇති අද මොකෝ වෙන්නේ කියලා. හැමදේටම කලින් පහුගිය කොටස පැත්තේ ටිකක් ගිහිල්ලා එමු.

හැම ඇත්තක්ම දැනගත්තට පස්සේ තුන් පැත්තකට ගියපු ආර්යාගේ දරුවෝ තුන්දෙනා ආර්යා එක්කම හිටගත්තා. දැන් කට්ටියම ආපහු එකට. දරුවෝ තමන් එක්ක ඉන්න එක ආර්යාට ලොකුම ශක්තියක් වුණා. ඉතින් ශෙඛාවත්ගේ බඩු ටික සාර්ථකව දේශසීමාවෙන් පැන්නුවාට පස්සේ හැමදේම හරියි කියලා ආර්යා හිතාගෙන හිටියට තවත් ප්‍රශ්න ගණනාවක් ආර්යා වෙනුවෙන් ඉතිරි වෙලා තිබ්බා. ශෙඛාවත් තවත් බඩු තොගයක් ආර්යා ලව්වා එලියට පන්නගන්නයි ලෑස්ති වුණේ. ආර්යා මේකට තදින්ම විරුද්ධ වුණා. තමන්ගේ දුවව පැහැරගත්ත එකේ තරහත් ආර්යාගේ හිතින් අයින් වෙලා තිබ්බේ නැහැ. කොහොමහරි දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශෙඛාවත්ගේ ගොදුරක් වෙන්න ආර්යාට සිද්ධ වෙනවා. ගෙදර ආව ආර්යාට මායාගෙන් ලොකු දෝෂාරෝපණයක් එල්ලවෙනවා. කිසිම දෙයක් හරියට වෙනවා කියලා පේන්න තිබ්බේ නැහැ. ඛාන් කොයි වෙලෙත් ආර්යාගේ පස්සෙන් පන්නන එකත් ලොකුම හිසරදයක් වෙලයි තිබ්බේ. ඒකත් එක්ක කොහොමද වැඩක් කරගන්න එලියටවත් බහින්නේ? කොහොමහරි තමන්ගේ දරුවෝ තුන්දෙනාගේ සහයෝගයෙන් ආර්යා ශෙඛාවත්ගේ බඩු ටික හොයාගන්නවා. ඒ වගේම ඒවා ගිහින් මිනිහටම බාර දෙනවා. හැබැයි මෙතනින් මේක ඉවර වෙන්නේ නැති බවට ඉවකුත් ආර්යාට තිබ්බා. ඒ නිසා තමා එයා වෙනම සැලැස්මක් ශෙඛාවත් වෙනුවෙන් ක්‍රියාත්මක කරලා තිබ්බේ. බලපු අය ඒ ගැන දන්නවනේ. හැබැයි ආර්ගේ සැලැස්මේ අතුරුඵලයක් විදිහට එයාගේ ජීවිතේ සමීපතම කෙනෙක් අහිමි කරගන්නත් එයාට සිද්ධ වෙනවා.

එහෙනම් මේ අවසාන කොටසත් රස විඳින්න. ගොඩක් දේවල් මේ කොටසින් ඉවර වෙනවා. ඉදිරි කතාසමය ගැන කුකුසක් තියාගන්න දෙයක් නැහැ, මේ වෙද්දි ඒකත් නිකුත් වෙලා කියලා ඔයාලා දන්නවනේ. අනාගත දවසකදී අපි ඒ කතාසමයටත් උපසිරැසි අරන් එන්නම්. හැමෝටම බොහොම ස්තූතියි අපි එක්ක එකතු වුණාට. මේ වෙනකම් නොබලපු අය අද ඉඳන් එහෙනම් එකතු වෙන්න Aarya එක්ක. මේ කතාසමයට උපසිරැසි අරන් ආපු සඳේ, නිර්මාල්, සිසිත, දහරා, ෆීනික්ස් සහ මං ඇතුළු හැමෝවම මතක් කරන ගමන් අපි සමුගන්නවා. ජයවේවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

809 downloadsDownload Aarya.S01E09.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-07-25
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

හේවා ලුණුවිලගේ

Subtitles

809 downloadsDownload Subtitles19 KB

7 comments

  1. Anonymous

    amo stardom eka meyage

  2. sahan Mali

    Ghosted.2023 මට ලින්ක් වෙන්නෙ මේ ෆිල්ම් එකේ සබ් එක

    1. sahan Mali

      දැන්නම් හරි

  3. Chanaka

    Aarya season 2subtitle aka dennako please

  4. Chanaka

    Aarya season 2subtitle aka denna please

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Sumudu Priyankara

    season 2 ekath sub danna ko