Watch Trailer

Aarya [S01 : E08] Sinhala Subtitles | ඔහෙලා හැප්පුනේ වැරදි ගෑණිත් එක්ක [සිංහල උපසිරසි]

2020 වසරේදි Disney Hotstar හරහා නිකුත් වුණු Aarya කතාමාලාව කියන්නේ අතිශය සාර්ථකත්වයක් ලබාගත්තු කතාමාලාවක්. සුෂ්මිතා සෙන් කියන ජනකාන්ත නිළියගේ පුනරාගමනය සටහන් කරන මේ කතාමාලාව Penoza කියන නෙදර්ලන්ත කතාමාලාවේ ප්‍රතිනිර්මාණයක්. මේ වෙද්දි කතාසමයන් දෙකකින් යුක්ත වෙන අතරම IMDb අගයත් 7.8ක් ලබාගෙන තියෙනවා.…

2020 වසරේදි Disney Hotstar හරහා නිකුත් වුණු Aarya කතාමාලාව කියන්නේ අතිශය සාර්ථකත්වයක් ලබාගත්තු කතාමාලාවක්. සුෂ්මිතා සෙන් කියන ජනකාන්ත නිළියගේ පුනරාගමනය සටහන් කරන මේ කතාමාලාව Penoza කියන නෙදර්ලන්ත කතාමාලාවේ ප්‍රතිනිර්මාණයක්. මේ වෙද්දි කතාසමයන් දෙකකින් යුක්ත වෙන අතරම IMDb අගයත් 7.8ක් ලබාගෙන තියෙනවා. ඒ විතරක් නෙමේ, ජාත්‍යන්තර එමී සම්මාන උළලේ හොඳම කතාමාලාව වෙනුවෙනුත් නිර්දේශ වුණා. ඉතින් මේ පළමු කතාසමයේ කොටස් 9ක් තියෙන බව ඔයාලා දැනටම දන්නවනේ. මේ අරන් එන්නේ 8වෙනි කොටස. පහුගිය කොටස පැත්තේ ටිකක් ගිහිල්ලා එමු.

ආරූගේ හදිසි අතුරුදහන් වීමත් එක්ක ආර්යා හිටියේ හොඳටම කලබල වෙලා. රෑ නිදාගනිද්දි හිටිය දරුවා උදේ වෙද්දි නැහැ. දන්න කියන ආරූගේ යාළුවො හැමොගෙන්ම ඇහුවත් ඒ හැමෝගෙම උත්තරය වුණේ ආරූ එහෙ ආවේ නෑ කියන එක. ඔලුව ගිනි අරන් තිබ්බත් ආරූ අතුරුදහන් වෙච්ච එක ආර්යා තමන්ගේ අනිත් දරුවෝ දෙන්නට කිව්වේ නැහැ. කිව්වේ පාඩම් කරන්න යාලුවෙක් ගෙදරට ගිහින් කියලයි. හැබැයි මේ කරදරය එයාගේ කවදත් හිතවත් දෞලත්ට කියන්න නම් ආර්යා අමතක කළේ නැහැ. දෞලත් විතරයි කොයි දේටත් ආර්යාට උදව් කරන්න හිටියේ. ආරූගේ අතුරුදහන් වීම වෙනුවෙන් ආර්ගේ සැකය සුපුරුදු විදිහටම එල්ල වුණේ ජවාහර් දිහාවට. ඒ ගැන එයා කෙලින්ම මායාටත් කිව්වා. සිද්ධ වුණු කලබලෙත් එක්ක ආර්යා ශෙඛාවත්ව හම්බෙන්න ගිහිල්ලා කිව්වේ බඩු ටික යවන වැඩේ නවත්වනවා කියලා. ඒ වෙලේ ශෙඛාවත් දුන්නු ප්‍රතිචාරයෙන් ආර්යාගේ දෙලෝ රත් වුණා. බඩු ටික දේශසීමාවෙන් පන්නන වැඩේ ආර්යාට කරන්නම සිද්ධ වෙන තත්ත්වයක් තිබ්බේ. හැබැයි ඒ වෙද්දි ජවාහර් මේ බඩු ටික යන සිද්ධිය ඛාන්ට දැනුම් දීලයි තිබ්බේ. බඩුත් එක්ක හොරු අල්ලගන්න පුළුවන් වෙන එක ගැන ඛාන් හිටියේ නම් හෙනම ගැම්මෙන්…

එතන ඉඳන් බලන්න ගමු එහෙනම්. අවසන් කොටස අරගෙන ආසිරි භායි ඒවි.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

937 downloadsDownload Aarya-S01E08.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

937 downloadsDownload Subtitles23 KB

3 comments

  1. Anonymous

    අනේ සොරි අක්කේ.. හිතලා නෙමේ හැප්පුනේ.. ආයේ එහෙම වෙන්නෑ

  2. Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P