Watch Trailer

The Mandalorian [S03 : E07] Sinhala Subtitles | ඔත්තුකරුවන්! [සිංහල උපසිරසි]

හැමෝටම සුබ දවසක්! මේ අරගෙන ආවේ මැන්ඩලෝරියන් කතා මාලාවේ තුන්වැනි සීසන් එකේ හත්වැනි එපිසෝඩ් එක. මම දැක්ක සමහරු තැන තැන කමෙන්ට් දානවා කොරියන්, ඉන්දියන් ඒවට දෙනවා මේවා දෙන්නෙ නැහැ කියල. තමන්ගේ රසිකත්වයට වගේම අනිත් අයගේ රසිකත්වයටත් ගරු කරන්න ඉගෙනගන්න මිත්‍රවරුනි. ඉංග්‍රීසි බලන අය උසස් වෙන්නෙත් නෑ, කොරිය…

හැමෝටම සුබ දවසක්!

මේ අරගෙන ආවේ මැන්ඩලෝරියන් කතා මාලාවේ තුන්වැනි සීසන් එකේ හත්වැනි එපිසෝඩ් එක. මම දැක්ක සමහරු තැන තැන කමෙන්ට් දානවා කොරියන්, ඉන්දියන් ඒවට දෙනවා මේවා දෙන්නෙ නැහැ කියල. තමන්ගේ රසිකත්වයට වගේම අනිත් අයගේ රසිකත්වයටත් ගරු කරන්න ඉගෙනගන්න මිත්‍රවරුනි. ඉංග්‍රීසි බලන අය උසස් වෙන්නෙත් නෑ, කොරියන් ඉන්දියන් බලන අය පහත් වෙන්නෙත් නැහැ. සබ් කරන අය කරන්න කැමති ඒවා තමා කරන්නේ. මට ඉතිං වෙලාව අඩුවෙන් ලැබෙන නිසා තමා මේ පරක්කු වීම වෙන්නේ. මොකද කලින් එපියේ කිව්වා වගේම මම අතැරලා දැම්මොත් මේක ඉදිරියට කරගෙන යන්න ඉදිරිපත් වෙන්න කෙනෙකුත් නැහැ, දැනට. ඒ නිසා කවදාවත්ම ආයේ මේකට සබ් නොදී ඉන්නවට වඩා පරක්කු වෙලා හරි දෙන එක වැදගත් කියල තමා මම මේ අමාරුවෙන් හරි මේක ඉවර කරන්න ඔට්ටු වෙන්නේ, ඒ නිසා තේරුමක් නැති ඒ ජාතියේ කතා කියන එකෙන් කිසිම සෙතක් වෙන්නේ නැහැ.! 🙂 

කතාවේ පැරණි මතකයන්

මේ වෙනකොට මැන්ඩො නොහොත් ඩින්ට ඕනා එයා අදහන ඇදහිල්ල අනුව තමන් විසින් හිස් ආවරණය ගැලවීම මගින් සිදුකරගන්නාලද පව් කමා කරගන්න. මැන්ඩලෝරියාවේ තියෙන පතල්වලට පහලින් තියෙන ලිවින් වෝටර් නමින් හඳුන්වන ජලයෙන් ස්නානය කරන්න ඕනා. හැබැයි එකම ගැටලුව අපි කවුරුත් දන්න විධියට මේ වෙනකොට මැන්ඩලෝරියාවක් නැහැ. ග්‍රහලෝකයම විනාශ කරලා ඉවරයි. ඒ නිසා ඒ පතල් ඉතුරුවෙලා නැහැ. හැබැයි මැන්ඩොට මේ ගැන සැකයක් ඇතිවෙන විධියේ සාධකයක් හමුවෙනවා. ඒ නිසා ඒ සාධකය ඔස්සේ ඉදිරියට යන්න මැන්ඩො තීරණය කරනව. අන්තිමේ මැන්ඩො වැදගත් අනාවරණයක් කරගන්නවා.

පර්ජ් එක වෙන කාලේ මැන්ඩලෝරියාවේ පාලකයා විධියට හිටිය බෝ-කටාන් විසින් මැන්ඩොට මේ ගැන කලින් කිව්වට විස්වාස කලේ නැහැනේ. ඒ නිසා වෙච්ච දේවල් මතකයිනේ ඔයාලට. බෝ-කටාන් ලඟට මැන්ඩො ගිහින් ආයේ මැන්ඩලෝරියාවට යන්න කරපු ආරාධනාව බෝ-කටාන් විසින් ප්‍රතික්ෂේප කරනව. ඇයි කියල මතකයිනේ? අන්තිමේ මැන්ඩොගේ උදව්වට බෝ-කටාන්ව ගෙන්නගන්න සිද්දවෙනවා. ඔහොමයි අලුත් ස්ටොරිය සිද්දවුනේ. ඒ වගේම මැන්ඩලෝරියානුවන්ගේ සංඛේතය වෙන මිතොසෝරස් ගැනත් දෙවැනි එපිසෝඩ් එකේදී කියවුනා මතක ඇති නේද? තෙවැනි එපියේදී අපිට දකින්න ලැබුනා බෝ සහ මැන්ඩො දෙන්නා පුරාණ ඇදහිල්ල අනුව ජිවත් වෙන්න එකඟ වෙනවා. ඒ වගේම ආචාර්‍ය පර්ශියන්ගේ කතාව වෙත අපිව අරගෙන ගියා. ඒ ඇයි කියල ඉදිරියේදී දකින්න ලැබෙයි. ගොඩක් අය ඒ එපිය ගැන මිශ්‍ර අදහස් පලකලා. ඒ වගේම එදා මෙදාතුර අඩුම imbd අගයක් ලැබුනේ ඒ එපියට. සිව්වැනි කතාංගය වැඩි වශයෙන් යොමු වුනේ ග්‍රෝගු දිහාවට. ඒ වගේම බෝ කටාන් විසින් ඉපැරණි විධිය වෙත යොමු වෙන ලකුණු පහල වුණ එපියක්.

දැන් මේ ඉන්නේ මැන්ඩලොරියන්වරු අතරේ තමන්ගේ තැන ලබාගැනීම ඇය විසින් සිදුකර අවසන්. ඇය තමයි දැන් මැන්ඩලෝරියන්වරුන්ගේ අනාගතය. ඇය තමයි දැන් හිස් ආවරණය ඉවත් නොකරන ප්‍රතිපත්තිය රකින, පුරාණ ක්‍රමය අනුව ඉන්න මැන්ඩලෝරියන්වරුන් සහ පුරාණ ක්‍රමයෙන් බැහැර වෙලා ඉන්න මැන්ඩලෝරියන්වරුන් අතර පාලම වෙලා ඉන්නේ. ඒ පාලමට සවිය සපයන ආධාරක වෙලා ඉන්නේ අපේ කතා නායකයා සහ ග්‍රෝගු. තමන්ට මගහැරුණු තමන්ගේ පැරණි කල්ලියේ බලය ලබාගන්න නැවතත් බෝ කටාන් සමත් වෙනවා. ඒකට අවශ්‍යය කරන ඩාක් සේබර් ආයුධය නැවතත් බෝ කටාන්ට හිමිවෙනවා. ඒ අපේ මැන්ඩො නිසා. මේ එකතුවීමත් එක්ක මැන්ඩලෝරියන්වරු යුධමය අතින් සෑහෙන ශක්තිමත් වෙනවා. මොකද සෑහෙන යුධ යානා ප්‍රමාණයක් මොවුන් සතුව තියෙන නිසා.

අද කතාංගයෙන්

ඉතිං මේ කොටසින් අපිට දකින්න ලැබෙනවා ඩින් ජාරින් සහ බෝ කටාන් කුඩා කණ්ඩායමක් එක්ක නැවතත් මැන්ඩලෝරියාවට යන විධිය. ඒ යන්නේ එයාලගේ මහා ෆෝජ් එක හොයාගෙන එන්න සහ වැඩිදුර ගවේෂණ සඳහා. ඒ ගමනේදී මැන්ඩලෝරියන්වරුන්ව සෑහෙන පුදුම කරන සිද්දියක් එක්කම අද සෑහෙන දුක හිතෙන දේකුත් සිද්දවෙනවා අන්තිමටම. හැබැයි ඒකෙන් බෙදිල වගේ ඉන්න මැන්ඩලෝරියන් පාර්ශව දෙක එකතු වෙන්න සෑහෙන ඉඩක් තියෙනව.  

එහෙනම් ආයේ හැකි ඉක්මනට අපි අන්තිම කොටසින් මුණගැහෙමු, මේ සිදුවෙන පමාවට සමාව!

Chapter 23: The Spies

Director: Rick Famuyiwa

Writers: Jon Favreau, George Lucas

IMDB Ratings : 9.0

Air Date: 12 April 2023

 

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට  මෙතනින් පිවිසෙන්න.

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,213 downloadsDownload The.Mandalorian.S03E07.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

3,213 downloadsDownload Subtitles18 KB

11 comments

  1. Thilinda Randeera

    බොහෝම ස්තූතියි සහෝදරයා පුලුවන් වෙලාවට උපසිරැසි ලබා දෙන්න ❤

  2. Naveen Mbr

    බොහෝම ස්තූතියි අයියේ!

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

    Carnival Row එකේ අන්තිම එපි 3 ටත් සබ් ලැබුනේ නෑ ඒකත් ටිකක් බලන්න....

  4. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  5. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  6. Chinthana

    බොහොම ඉස්තූති සහෝ අන්තිම එපියටත් සබ් එක කරමු

  7. Shammi Prasad

    නියමයි බ්‍රෝ. ඊළඟ එපියත් ඉක්මනටම ගේමු. ආදරෙයි ❤️

  8. Asanga kb

    thank you so much..

  9. Gamage

    Thank you Very Much for the Sub

  10. Dewadithya

    Thanks for Sub!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P