Watch Trailer

Alice in Borderland [S01 : E06] Sinhala Subtitles | යක්ෂ මායාකාරියව දඩයම් කිරීම! [සිංහල උපසිරැසි] 18+

ආයූබෝවේවා හැමෝටම, හැමෝම ආසාවෙන් බලපු Squid Game එකට පස්සේ ඒ වගේම රස කර කර බලන්න පුළුවන් කතාවක් තමයි Alice in Borderland කියන්නේ. මේකේ පෙර කොටස් කීපය නරඹපු අය මේක කොච්ච්ර සුපිරිද කියලා දන්නවනේ. ඒ වගේම තාමත් මේක බලන්න අරන් නැත්තම් දැන්ම බලන්න ගන්න කියලත් මතක් කරනවා. පස් වෙනි කොටස ශලිනි සහෝදරී ගෙනාවනේ…

ආයූබෝවේවා හැමෝටම, හැමෝම ආසාවෙන් බලපු Squid Game එකට පස්සේ ඒ වගේම රස කර කර බලන්න පුළුවන් කතාවක් තමයි Alice in Borderland කියන්නේ. මේකේ පෙර කොටස් කීපය නරඹපු අය මේක කොච්ච්ර සුපිරිද කියලා දන්නවනේ. ඒ වගේම තාමත් මේක බලන්න අරන් නැත්තම් දැන්ම බලන්න ගන්න කියලත් මතක් කරනවා. පස් වෙනි කොටස ශලිනි සහෝදරී ගෙනාවනේ. අද කොටස බලන්න කලින් පෙර කොටස පොඩ්ඩක් මතක් අර ගමු.

බීච් කියන තැන හොයාගන්න අරිසුයි, උසාගියි හැමතැනම ඇවිද්දත් එයාලට ඒක හම්බෙන්නේ නෑ. පස්සේ එක සමාන ටැග් පැළඳගෙන ඉන්න ක්‍රීඩකයින් පිරිසක් දකින අරිසු මේ කට්ටිය බීච් එකේ ඉන්න අය කියලා සැක කරනවා. අරිසු මේ ක්‍රීඩකයන්ගේ පස්සෙන් යන්න ගිහින් එයාලා මේ දෙන්නව පැහැරගන්නවා. මෙයාලව පැහැරගෙන ඇවිත් තියෙන්නේ මෙච්ච්ර කල් මේ දෙන්නා හොයපු බීච් එකට කියලා පස්සේ අරිසුටයි,උසාගිටයි දැනගන්න ලැබෙනවා. බීච් එක කියලා කියන්නේ ක්‍රීඩකයෝ රැසක් ඉන්න විශාල හෝටලයක් වගේ ගොඩනැගිල්ලක්. මේ ස්ථානයේ ප්‍රධානියා වෙන්නේ හැටර් කියලා පුද්ගලයෙක්. මේ අයගේ ප්‍රධාන මෙහෙවර වෙන්නේ ක්‍රීඩාවක් ජයග්‍රහණය කිරීමෙන් පසු ක්‍රීඩකයින්ට ලැබෙන සියලුම ක්‍රීඩා කාඩ් එකතු කරන එකයි, ක්‍රීඩකයෙක් මේ ඔක්කොම කාඩ් එකතු කලොත් ඔවුන්ට මේ නගරයෙන් පිටවෙන්න ලැබෙයි කියලා මේ හැටර් විශ්වාස කරනවා. බීච් එකේ ඉන්නනම් අරිසුට සහ උසාගිට ඉතිරි කාඩ් එකතු කරගන්න ක්‍රීඩකයින්ගේ කණ්ඩායම්වලට සම්බන්ධ වෙලා තරග කරන්න වෙනවා. අරිසුගේ දක්ෂතාවය නිසා එයාට බීච් එකේ විධායක සාමාජිකයෙක් බවට පත් වෙන්නත් පුළුවන් වෙනවා. මේ දක්වා එකතු කරපු කාඩ් අතරින් මුහුණු සහිත කාඩ් හැර එකතු කරන්න ඉතිරි වෙලා තියෙන එකම අංක කාඩ්පත “හාරත දහය” බව විධායක රැස්වීමකදී හැටර් මොවුන්ට හෙළි කරනවා. ඉතිං අද කොටසත් කලින් වගේම බොහොම කුතුහලයෙක් යුතු කොටසක් ඒ නිසා ඉක්මනට බලන්න.

මේ කොටසින් මගේ වැඩ කොටස ඉවරයි, මීළඟ කොටස අපේ මයුර සහෝ ඔයාලට දෙයි. හොඳම රෑපවාහීණි කතාමාලා ඔයාලට ලබාදෙන්න ඕන නිසා බයිස්කෝප් පවුලේ තවත් සාමූහික එකතුවකින් තමයි මේ කතා මාලාවත් ඔයාලට අරගෙන එන්නේ. ඉස්සරහටත් මේ වගේ තව මේ වගේ කතා මාලා ලබා දෙන්නම්. මේකට මාව සම්බන්ධය කරගත්ත බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලේ විමා සහෝටත්, මාත් එක්ක මේ කතාමාලාවට උපසිරැසි කරන්න එකතු උන අනිත් සහෝදර, සහෝදරියන්ටත්, අපිත් සමඟ දිගටම ඉන්න ගමන් දිරි ගන්වන ප්‍රේක්ෂක ඔබටත් හෘදයාංගමව ස්තූතිකරන ගමන් ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් ඉක්මනින් හමුවෙමු මම දනුවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,927 downloadsDownload A.I.B_S01E06.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

යුරාන් ධනුක

Subtitles

4,927 downloadsDownload Subtitles18 KB

7 comments

  1. Praveen Mahesh

    Thanks for subtitles

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  5. Tharindu

    Thank you

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Pavith Wijesooriya

    සබ් එකට ස්තූතියි අයියේ... ❤️