කොහොමද ඉතින් කට්ටියට? Squid Game එකෙන් පස්සේ, තවත් ඒ පාරෙම යන කතාවකට උපසිරැසි අරන් එන වැඩේට සම්මාදම් වෙන්න මටත් ඉඩක් ලැබුණා. Squid Games තරම්ම නැතත් කුතුහලයෙන්, වෙනස් දෙයක් විඳින්න පුළුවන් කතාවක් මේක. එහෙනම් කොටස් 6ක් බලන්න ඇතිනේ. අද අරන් ආවේ 7වෙනි කොටස. තව එක කොටසකින් මේ කතාසමයත් අවසන්වෙනවා. එහෙනම…

කොහොමද ඉතින් කට්ටියට? Squid Game එකෙන් පස්සේ, තවත් ඒ පාරෙම යන කතාවකට උපසිරැසි අරන් එන වැඩේට සම්මාදම් වෙන්න මටත් ඉඩක් ලැබුණා. Squid Games තරම්ම නැතත් කුතුහලයෙන්, වෙනස් දෙයක් විඳින්න පුළුවන් කතාවක් මේක. එහෙනම් කොටස් 6ක් බලන්න ඇතිනේ. අද අරන් ආවේ 7වෙනි කොටස. තව එක කොටසකින් මේ කතාසමයත් අවසන්වෙනවා. එහෙනම් කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු.
වීසා දීර්ඝ කරගන්නනම් ක්‍රීඩාවට සහභාගී වෙන්න ඕන නිසා හැටර්, හැමෝගෙම ජය ඝෝෂා මැද පිටත් වෙලා යනවා. ඒත් නොහිතපු විදියට හැටර්ගේ හෙංචයියෝ ඔහුව ආපහු බීච් එකට අරන් එන්නේ ක්‍රීඩාවකට සහභාගී වෙමින් ඉද්දී ඔහුට වෙඩි වැදිලා මැරිලා ඉද්දියි. හැටර්ගේ මරණය ගැන දැනගත්තට පස්සේ විධායක සභාව එකතු වෙලා නව නායකයෙක් පත් කරගන්න කතා වෙනවා. නීතියට අනුව හැටර්ගෙන් පස්සේ අංක දෙකට ඉන්න කෙනා නව නායකයා වෙන්න ඕන උනත්, ආරක්ෂාව භාරව ඉන්න අගුනි, තමන්ගේ ආයුධ බලයෙන් හැමෝගෙන්ම බලෙන් ජන්ද ලබාගෙන බීච් එකේ නව නායකයා විදියට පත් වෙනවා. නීතියට අනුව නව නායකයට හැටර් ගාව තිබුන කාඩ් තියෙන සේප්පුවේ අංකය ලබා දෙනවා. මේ අස්සේ අර සුදු කොණ්ඩයක් තියන චිෂියා කියන හාදයා කුයිනා එක්ක අරිසුවත් සම්බන්ධ කරගෙන මේ කාඩ්ටික හොරකම් කරන්න ලෑස්ති වෙනවා. අරිසු සේප්පුව බිඳින්න හදද්දි චිෂියා, අගුනිට මේ හොරකම පාවලා දීලා අරිසුව අහු කරනවා. බලද්දි අරිසුව අහුකරන එකත් චීෂියාගේ සැලසුමේම කොටසක් බවත්, අරිසු බිඳින්න හැදුවේ බොරු සේප්පුවක් බවත් චීෂියා කුයිනට කියනවා. ඇත්තම සේප්පුව බිඳින චිෂියා සහ කුයිනා හොරකම් කරපු කාඩ් ටිකත් එක්ක යන්න ලෑස්ති වෙදිදි ලේසර් බිත්තියක් නිර්මානය වෙලා බීච් එක සම්පූර්ණයෙන්ම ක්‍රීඩා පිටියක් බවට පරිවර්තනය වෙනවා. බීච් එකේ ඉන්න හැමෝමව හෝටල් ලොබියට කැඳවද්දි ලොබියේ තරුණියක්ගේ මළ සිරුරක් තියෙනවා කියලා හැමෝම දකිනවා. ක්‍රීඩා නිර්මාණකරුවන් ඔවුන්ට අළුත්ම සෙල්ලම ගැන පැහැදිලි කරලා කියන්නේ මේ මරා දැමූ තරුණියගේ මිනීමරුවව නියමිත කාලය තුලදී සොයාගන්න කියලයි. ඒ වගේම මේ තරගය “මායාකාරිය දඩයම” කියල නම් කරා වගේම මේ තරගයේ ජයග්‍රාහකයන්ට මෙච්ච්ර කල් කාඩ් කුට්ටමේ අඩු වෙලා තිබුන “හාරත 10” කොළය ලැබෙන බවටත් නිවේදනය කලා.
එහෙනම් අන්තිම කොටසට අපේ රවිඳු සහෝ උපසිරැසි අරන් ඒවි. අපි ගිහින් එන්නම්. ජයවේවා

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,519 downloadsDownload A.I.B_S01E07.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
5 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pavith Wijesooriya
සබ් එකට ගොඩක් ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි