සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක් වුුණු 2021 දෙසැම්බර් 03 වෙනි ඇමසන් ප්‍රයිම් ඔස්සේ විකාශනය ආරම්භ වුන Iඉන්සයිඩ් එජ් තුන්වෙනි කතාසමයේ 06 වෙනි කතාංගයට සිංහල උපසිරැසිය අරගෙනයි අද මං බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වැදුනේ. මේ වෙද්දි කතාව ගැන හැම…

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක් වුුණු 2021 දෙසැම්බර් 03 වෙනි ඇමසන් ප්‍රයිම් ඔස්සේ විකාශනය ආරම්භ වුන Iඉන්සයිඩ් එජ් තුන්වෙනි කතාසමයේ 06 වෙනි කතාංගයට සිංහල උපසිරැසිය අරගෙනයි අද මං බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වැදුනේ.
මේ වෙද්දි කතාව ගැන හැම කෙනෙක්ටම අවබෝධයක් තියෙන හින්දා කතාවෙ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් බලමු. පහුගිය කොටසෙදි ඉන්දියන් ක්‍රිකට් මණ්ඩලයේ සභාපති ධූරයට පළමු වතාවට කාන්තාවන් දෙන්නෙක් තරඟ කරනවා වගේම අවසානෙදි Vikrant Dhawan ගේ සහය ලැබුණු, Mumbai Mavericks කණ්ඩායමේ සම හිමිකාරිත්වය තියෙන Zarina Malik ක්‍රිකට් මණ්ඩලයේ සභාපති ධූරයට පත්වෙනවා. ඒ වගේම Yashvardhan බල අධිකාරිය ටික ටික බිඳ වැටෙන්න පටන් ගන්නවා. ඒ අතරම Yashvardhan ගේ සහයෙන් Imaad Akbar ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඇතුලත් වෙන්න වරම් හිමි කර ගන්නවා. මේ අන්දෝලානාත්මක සිද්ධි වලින් පස්සේ ක්‍රිකට් මණ්ඩලයේ නව සභාපතිනිය Zarina Malik ට තමන්ගේ කටයුතු ස්වාධීනව කරගෙන යන්න ලැබෙයිද? VIP අනුමැතියකින් ක්‍රිකට් කණ්ඩායමට කඩා පාත්වුණ Imaad ගේ අනාගතය මොන වගේ වෙයිද කියලා අද කොටසින් බලා ගන්න පුළුවන්.
මේ කතා මාලාවට මාව සම්බන්ධ කර ගත්ත මයුර මල්ලිට ස්තූතිවන්ත වෙනවා. තවත් සිංහල උපසිරැසියකින් නැවත මුණ ගැහෙමු. සුබ දවසක් වේවා.
– රේණුකා සුභාෂිණි
හයවෙනි කොටසටත් ආයුබෝවන්! එහෙනම් කට්ටියට මතක ඇතිනේ.. කලින් කොටසෙදි ලොකු ලොකු විපර්යාස ගොඩක් සිද්ද වුණා. කතාව කණපිට පෙරලුණා වගේ තමා. අන්තිමේට මහ පාන්දර ආයුධ ගත්ත සෙට් එකක් ස්ටේඩියම් එකට රිංගුවත් මතක ඇතිනේ. එයාලා ආවෙ ඇයි කියලා ඔන්න දැන් දැනගන්න පුළුවන්. කවුද මේවා කරන්නේ? ඉන්දියාවයි පාකිස්තානෙයි ක්‍රිකට් ගහනවා දකින්න ඕන නැත්තෙ කාටද?
සරීනටයි අයේෂාටයි අලුතෙන් ලැබුණු බලය කොයිතරම් දුරට ප්‍රයෝජනවත් වෙයිද? එයාලා බලාපොරොත්තු වුණ ආධිපත්‍ය එයාලට ලැබෙයිද?
ඔයාලා පුන පුනා බලන් හිටපු ඉන්දියා – පාකිස්තානු පළවෙනි ටෙස්ට් තරඟෙ ඇරඹෙන්න නියමිතයි. ඉහළින් එන පීඩනය වගේම රෝහිත් එක්ක තියෙන පුද්ගලික ප්‍රශ්නත් එක්ක, හැමදාම තමන්ගෙම ක්‍රමේකට සාධාරණේ හොයන වායු මොනවා කරාවිද?
තරඟයේ ජයග්‍රහණය කාට ලැබෙයිද?
ගොඩක් බැඳීම් හැදෙන, බිඳෙන, මොළෙයි හදවතයි දෙකම එක්ක සෑහෙන්න ගනුදෙනු කරන තැනක් මේ හයවෙනි කොටස. රචනා කරලා තියෙන්නෙ Neeraj Udhwani සමඟින් Karan Anshuman. මේකත් Kanishk Varma ගේ අධ්‍යක්ෂණයක්.
පුරුදු විදියටම ප්‍රශ්නාර්ථ ටික ඔයාලට තියලා සමුගන්න අවසරයි. උත්තර හොයාගෙන එන්නකෝ. ඊළඟ කොටසෙන් හමුවෙමු.
– අංජලී මධුවන්ති
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරසි HDRip / WEB පිටපත් සඳහා වලංගු වේ.
1,639 downloadsDownload IE-S03-E06.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොහොයුරියට සහ “Anji (ඇන්ජි)” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
8 comments
vinod
Anonymous
දැන් මලයාලම් දෙන්නෙ නැත්තේ ඇයි
SANDARUWAN
the gray man eke sub dennakoooooooooo..........................................................................................
Achi
බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Sisa
Better call sau සිරිස් එකට sub denkob
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Gray man dennako