කොහොමින් කොහොම හරි Inside Edge සීසන් 3 එකටත් ආවා එහෙනම්.ක්‍රිකට් වල තියන රහ අස්සෙන් මිනිස්සු මේක ව්‍යාපාරයක් කරගත්ත හැටි තමා මේ කතාංග මාලා කිහිපය පුරාම තියෙන්නේ.ඉන්දියාව ගත්තොත් ක්‍රිකට් සහ සිනමාව කියන්නේ එහේ පිස්සුවක් වගේ.ඉතින් ඒ පිස්සුවෙන් මොලේ පාවිච්චි කරලා මුදල් උපයගන්න හැටි තමා මේ තුන්වෙනි සීර…

කොහොමින් කොහොම හරි Inside Edge සීසන් 3 එකටත් ආවා එහෙනම්.ක්‍රිකට් වල තියන රහ අස්සෙන් මිනිස්සු මේක ව්‍යාපාරයක් කරගත්ත හැටි තමා මේ කතාංග මාලා කිහිපය පුරාම තියෙන්නේ.ඉන්දියාව ගත්තොත් ක්‍රිකට් සහ සිනමාව කියන්නේ එහේ පිස්සුවක් වගේ.ඉතින් ඒ පිස්සුවෙන් මොලේ පාවිච්චි කරලා මුදල් උපයගන්න හැටි තමා මේ තුන්වෙනි සීරීස් එකෙත් මූලික කතා පදනම වෙන්නේ.දේශපාලකයෝ, ක්‍රීඩකයෝ, මීඩියා කාරයෝ, ව්‍යාපාරිකයෝ වගේ චරිත කිහිපයක් වටා තමා මේසීරීස් එකත් ධාවනය වෙන්නේ.Vivek Oberoi, Richa Chadda,Tanuj Virwani, Siddhant Chaturvedi ඇතුලු රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් හැඩ වුණු මෙම කතා මාලාව පහුගිය මාසේ 3 වෙනිදා ඇමසන් ප්‍රයිම් හරහා ප්‍රේක්ශකයන් වෙත මුදා හැරුණා.
ඉතින් අනික් එපීසෝඩ් වල වගේම මේ එපිසෝඩ් එකේදීත් විශේෂ දේවල් කිහිපයක්ම වෙනවා. රෝහිණී එයාගේ පර්යේෂණ කටයුතු වල තව අඩියක් ඉස්සරහට යනවා.95 සාජා වල තිබ්බ තරඟාවලියෙදී තරගේ පාවලා දුන්නේ කවුද කියලා රෝහිණි හොයාගන්නවා.ඒ වගේම මන්ත්‍රා පටෙල් ඔට්ටු දැමීම නීතිගත කරන්න ඕනා කියලා කතිකාවතක් අරන් එනවා.මේක නිසා එක එක පාර්ශව එක එක විදියට මේක නවත්තන්න ගේම් ගහනවා.ඔට්ටු අල්ලන එකට රජයෙන් අවසර දෙනවා කියන්නේ ඉතින් සෙල්ලම ආයේ වෙනම පැත්තකට හැරෙනවා.ඉතින් මේ එපිසෝඩ් එකත් බලලම දැනගන්නකෝ මේකට අවසර ලැබෙයිද නැද්ද කියලා.
උපසිරැසියේ කුමක් හෝ වැරැද්දක් තිබුනහොත් සමාවෙන මෙන් ඉල්ලා සිටිනවා.
ස්තූතියි!
– හසාරා නිලක්ෂි විතානගේ
ආයුබෝවන්! අපි හත්වෙනි කොටසටත් ආවා එහෙනම්. කතාවෙ සෑහෙන දුරක් ආවා වුණත්, දන්නවනේ.. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට.
කවුරු කොහොම කීවත් විජෙයි සුබ්‍රමනියම් කියන්නෙ තරඟ පාවාදෙන්නෙක් කියලා විශ්වාස කරන්න රෝහිණී ලෑස්ති නෑ. එයා උත්සාහ කරන්නෙ ඒක බොරුවක් කියල ඔප්පු කරන්න. ඒ උත්සාහය සාර්ථක වේවිද? රෝ ගෙ බලාපොරොත්තු බිඳේවිද? ගිරිෂ්ගෙ චැනල් එකේදි වෙච්ච හෝදාපාලුවත් එක්ක රාහුල් නම් කියන්නෙ මන්ත්‍රාගෙ ඔට්ටු නීතිගත කිරීමේ ව්‍යාපෘතිය ජනගත කරන්න පුළුවන් අගමැතිට විතරයි කියලයි. ඉතින් මෙදා පාර මන්ත්‍රාගෙ උදව්වට එන්නෙ කවුද?
එකම අරමුණකට දෙපැත්තකින් හැප්පෙන භායිසාබ් සහ වික්‍රාන්ත් මේ පාර එන්න හදන්නෙ මොකාටද? ඒ සීතල යුද්ධයේ මීළඟ ගොදුර කවුද? මේ හත්වෙනි කොටස රචනා කරන්නෙ Sailesh Ramaswamy විසින්. අධ්‍යක්ෂණය Kanishk Varma.
තාම සන්දර්ශනේ හොඳ හරිය පටන් ගත්තෙ නෑ යාළුවනේ. තාම ලෑස්ති වෙන ගමන්. මේ කොටසත් බලල එන්නකෝ. ඊළඟ එකෙන් මුණගැහෙමු.
– අංජලී මධුවන්ති
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරසි HDRip / WEB පිටපත් සඳහා වලංගු වේ.
1,612 downloadsDownload IE-S03-E07.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසාරා නිලක්ෂි විතානගේ” සොහොයුරියට සහ “Anji (ඇන්ජි)” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
5 comments
Anonymous
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Achi
බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



next sub tikath danna.