කැප්ටන් රි ගේ සහෝදරයගේ මරණය සිදු වුනේ කොහොමද කියලා පහුගිය කොටසෙදි දකින්න ඇති. කැප්ටන් රි ගෙන් ලුතිනන් කමාන්ඩර් චෝ ට පැහැදිලි තර්ජනයක් තියන බව ඔහුට වැටහුන නිසා කැප්ටන් රි ගේ ගෙදර සිද්ධ වෙන සංවාද වලට රහසේ කන් දෙන ක්‍රමයක් හදා ගත්තා. ඔය අතරේ සේරි සමුගන්න කලින් සම්මාන ප්‍රදානෝත්සවයක් තිබ්බා. කොහොමද වැඩ…

කැප්ටන් රි ගේ සහෝදරයගේ මරණය සිදු වුනේ කොහොමද කියලා පහුගිය කොටසෙදි දකින්න ඇති. කැප්ටන් රි ගෙන් ලුතිනන් කමාන්ඩර් චෝ ට පැහැදිලි තර්ජනයක් තියන බව ඔහුට වැටහුන නිසා කැප්ටන් රි ගේ ගෙදර සිද්ධ වෙන සංවාද වලට රහසේ කන් දෙන ක්‍රමයක් හදා ගත්තා.
ඔය අතරේ සේරි සමුගන්න කලින් සම්මාන ප්‍රදානෝත්සවයක් තිබ්බා. කොහොමද වැඩියෙන්ම කඩවසම් පිරිමියා කියන සම්මානෙ වෙන කෙනෙක්ට දුන්නම කැප්ටන් රි ගේ මූණ! කොහොම හරි, එතනදි කැප්ටන් රි ට ඉරිසියාවක් වගේ එකක් ඇති වුනා සේරි එයාව ගණන් ගත්තෙ නැති නිසා, ඒත් කලින් කැප්ටන් රි කොහොමද කිව්වේ මට ප්‍රති උපකාර ඕන නෑ, මට ණය ගෙවන්න ඕන නෑ.. බ්ලා, බ්ලා, බ්ලා.
හැබැයි සේරි, කැප්ටන් රි ටත් අන්තිමේ තෑග්ගක් දුන්නා. ඒ තමයි තක්කාලි පැළයක්! තක්කාලි පැළේට වතුර දාන්න, පැළේට ඇහෙන්න දවසට හොඳ වචන පහ ගානේ කියන්න කියලා සේරි, කැප්ටන් රි ට කිව්වා. මතකනේ කැප්ටන් රි පැළේට වචන කියන්න ගිහින් ඒක අහන් හිටපු ලුතිනන් කමාන්ඩර් චෝ ගේ චක් ගෝලයාට පිස්සු වැටුන හැටි. රහස් කේත කියලයි එයා හිතන් ඉන්නේ!
ඒ වගේම කතාවට තවත් වැදගත්ම කෙනෙක් එකතු වුනා. ඒ තමයි ඩෑන්. ඇය රුසියාවේ ඉදන් කෙලින්ම උතුරු කොරියාවට ආවේ ලොකු බලාපොරොත්තුවකින්. පේන විදියට ඩෑන් තමයි කැප්ටන් රි එක්ක විවාහ ගිවිස ගෙන ඉන්නෙ. එතකොට කැප්ටන් රි ගෙ අතීතය තමයි ඩෑන්. ඩෑන්ට ගුවන් තොටුපළේදි මුණ ගැහුනා ගු සෙයුන්ග් ජූන්. සේරිගෙ පොඩි අයියාගෙ සල්ලි වංචා කරපු වංචාකාරයා තමයි ගු සෙයුන්ග් ජූන් කියන්නෙ. ඩෑන් සහ ගු සෙයුන්ග් ජූන් කියන දෙන්නා එකිනෙකා අඳුරන්නෙ නැතත් ඉස්සරහට කතාවට ලොකු බලපෑමක් එල්ල කරයි කියලා හිතන්න පුලුවන්. ඩෑන්, සේරි, ගු සෙයුන්ග් ජූන්, කැප්ටන් රි මේ හතර දෙනා තමයි කතාව ඉස්සරහට අරන් යන්නේ.
කොහොම හරි, අවසානයේ සේරි කැප්ටන් රි එක්ක බෝට්ටුවට යන්න පිටත් වුනා. සේරි හිතුවෙ නැති විදියට කැප්ටන් රිත් මඟක් වෙනකල් ඇය එක්ක එන්න බෝට්ටුවට ගොඩ වුනා. ඔන්න ඊට පස්සේ හදිසියේම නාවික නිලධාරීන් බෝට්ටුව නතර කරා. අන්තිමේ ගැලවීමේ උපායක් විදියට කැප්ටන් රි ට මතක් වුනේ දකුණු කොරියානු ක්‍රමය. පේන විදියට සේරිට දැන්මක උතුරු කොරියාවෙන් පිට වෙන්න බැරි වෙයි වගේ.
ඊලඟ කොටසින් හමුවෙමු.
ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
7,868 downloadsDownload Crash-Landing-on-You-S01E04.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
22 comments
Helili Hemamali
niyol1234
Download link aka ona
Helili Hemamali
baiscopedownloads.co එකෙන් ගන්න.
Supun sachintha
Tawa site ekak kiyandooooo please
maikee
මං බලන් හිටියේ මෙක ඉතුරැ කොටස එනකන්. අද එන නැති වෙයිද කියලා හිතුවා. ඔන් දිලා. තැන්ක්ස් සබ් එකට
Prasad
සබ් එක එනකල් බලන් හිටියේ තෑන්ක්ස් හොදේ!!
Sahan Sulakkhana Subasinghe
sub ekata godak thanaks
rmlr rathnayaka
බොහොම ස්තූතියි අක්කේ සබ් එකට.. ඊලඟ එකත් ඉක්මනින් දේවි කියලා බලාපොරොත්තු වෙනවා ❤
Iresha
Thank you
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
avidu
thanks for the sub
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ශසිත් සඳරුවන්
සබට තුති වේවා.
3&4 එක දිගට බලන්න පුලුවන්.
ඉතුරු ටික නම් දවසට එක ගානේ ඕනා...
ජය!Anonymous
ikmanin anith episode wala sub balaporuththu wenawa....... obata jaya...
Ishan Madusha
ස්තූතියි සබ් එකට
Anonymous
Thnks
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
Anonymous
බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shadow125
Tnx .. :) :)
Prabuddha Kulatunga
Patta.. :D :D
malith sandeepa
උපසිරැසියට බොහොම ස්තුතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Crash Landing on You AKA Sarangeui bulsachak [E04] Sinhala Subtitles | සේරිගේ රහස හෙළි වෙයිද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/cr@h-l@nding-0n-y0u-s1-2.jpg)




කලබල වෙන්න එපා කට්ටිය, සබ් ටික දිගටම දෙනවා.