මේක මගෙ පලවෙනි සීරිස් එක. සීරිස් එක කියුවට මිනි සීරිස් එකක් මේක. සත්‍ය කතාවක් පාදක වෙලා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නෙ. මේක Netflix එකේ 2019 මැයි 31 තමයි මුලින්ම පෙන්නල තියෙන්නෙ. එපිසෝඩ් 4කින් සම්න්විත මිනි සීරිස් එකක් විදිහට. Ava DuVerney තමයි අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ. මේකෙ කතා තේමාව 1989 නිව්යෝක්…

මේක මගෙ පලවෙනි සීරිස් එක. සීරිස් එක කියුවට මිනි සීරිස් එකක් මේක. සත්‍ය කතාවක් පාදක වෙලා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නෙ. මේක Netflix එකේ 2019 මැයි 31 තමයි මුලින්ම පෙන්නල තියෙන්නෙ. එපිසෝඩ් 4කින් සම්න්විත මිනි සීරිස් එකක් විදිහට. Ava DuVerney තමයි අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ.
මේකෙ කතා තේමාව 1989 නිව්යෝක් පාර්ක් එකෙ වුනු රේප් සිද්දියක් පාදකව තියෙන්නෙ. 1989 නිව්යෝක් සෙන්ට්‍රල් පාර්ක් එකෙ තරුණයින් 30ක් 40ක් කලබලයක් ඇති කරනව. මේක නිසා මිනිස්සු 8 දෙනෙක් පමන රෝහල් ගත කරන්න වෙනව පහර කෑමට ලක් වෙච්ච නිසා. පොලීසියට ආරංචි වුනයින් පස්සෙ පොලිසිය රාත්‍රී 9ත් 10ත් අතර කාල සීමාව තුල මේයාලව අල්ලන්න උත්සාහ කරල තියෙනව.ඒත් මේ රේප් උන කෙනාව හම්බ වෙලා තියෙන්නෙ පාන්දර 1.30යට වගේ.ඒකත් පාරෙ ඇව්දින දෙන්නෙක් දැකල කියල තිවුනෙ.ඒ වෙලාවෙ ඒ ගෑනු කෙනා ලේ විලක වගේ හිටියා කියල තමයි කියන්නෙ. මොකද එයාගෙ හිසට එල්ල වෙච්ච පහරක් නිසා. ඒ වෙනකොට පොලීසිය 14 දෙනෙක්ට වැඩිය අය අල්ලගෙන ඉදල තියෙන්නෙ.ඒ අතරින් හුගක් අය කලු ජාතිකයින්. මේ කට්ටියගෙන් පස් දෙනෙක්ට රේප් කේස් එකට සම්බන්ධව නඩු දානව.. මේ පස් දෙනාගෙන් 4ක් ම අවුරුදු 16 යට අඩු අය ඒ වෙනකොට.මෙයාලට නඩු දාන්නෙ ප්‍රශ්න කිරීම් වලදි මේයාල කියපු දේවල් නිසා. මොකද මෙයාල බාලවයස් කාර අය උනත් ප්‍රශ්න කිරීම් කරල තිවුනෙ භාරකරුවෙක් නොමැතිව. මෙයාලව ඒ රේප් එකට සම්බන්ධ කරන්න කිසිම සාක්ශියක් තිවිලවත් නෑ.. කොටින්ම ඩීඑන්ඒ රිසාල්ට් එක වත් ගැලපිලා නෑ.. නමුත් මෙයාලට පහරදීම, සොරකම් කිරීම, නීතීවිරෝධී රැස්වීම් යටතෙ වරදකරුවන් වෙලා අවුරුදු 5ත් 15ත් අතර සිර දඩුවම් විදින්න පවා වෙනවා.
පස්සෙ 2001දී එක සිරකරුවෙක් ( මේ පස් දෙන නෙමෙයි) පාපොච්චාරණය කරනව එයා තමයි ඒ රේප් එක කරෙ කියල. පස්සෙ DNA එහෙම එතනින් සොයා ගත්ත ඩීඑන්ඒ එක්ක හිටන් ගැලපෙනව.මෙයා තනිවම කරා කියල තමයි කියල තියෙන්නෙ. මේ පස් දෙනාගෙ නම් කියුවොත් Korey Wise, Kevin Richardson, Antron McCray, Yusef Salaam සහ Raymond Santana. මොවුන් 5 දෙනා පොලීසිය මගින් බය කරල ස්ටේට්මන්ට්ස් අරන් උසාවි දාල මේ පස් දෙනා 2002 වෙනකන් හිරේ (Korey තමයි ගොඩක්ම හිරේ හිටියෙ මොකද එයා ඇප ගන්න තමා කල වරද පිලිගන්න කියුවට කවදාවත් පිලිගත්තෙ නැති නිස) හිටියා. පස්සෙ සියලු චෝදනා වලින් නිදහස් කරා. මේ 5 දෙනා නගරයට විරුද්ධව නඩුවක් දාල ඊට පස්සෙ, ඩොලර් මිලියන 41 වන්දි මුදලකුත් ලබා ගන්නව 2014 දි. මේ පස් දෙනාගෙන් සේරම අය වගේ නිව් යෝක් නගරෙ අත ඇරල ගිහින් තමයි දැන් ඉන්නව කියල කියන්නෙ.
මේකෙදි (රේප් කේස් එකේදි) එකිනෙකාගේ පාපොච්චාරණය වල වෙලාවල් නොගැලපීම් වගෙ ගොඩක් දේවල් තිවිල තියෙනව, අනික මොවුන් කිසි විටෙක තමන් රේප් කරයි කියල කියලත් නෑ. කියල තිවුනෙ තමා ඇයව අල්ලන් හිටියා වගේ දේවල්. මේ රේප් වුන කෙනා, ට්‍රිශා මෙයිලි තවමත් ජීවතුන් අතර ඉන්නව. මෙයා අවුරුදු 28යි ඒ සිද්ධියට මුහුණ දෙන කොට. මේයා ඒ රේප් වුන දවසින් පස්සෙ මෙයාට සුවද බලන්න, ඇවිදීමෙ අපහසුතා තියෙනව ඔලුවට වැදුනු පහර නිසා මේ පලවෙනි එපිය ගැන කියුවොත් මේකෙ වෙන්නෙ මෙයාලා පාර්ක් එක ඇතුලෙ රෑ ඉන්නකොට පොලීසියෙන් ඇවිත් අල්ලන් යනව. ඊට පස්සෙ මෙයාලව බය කරල පාපොච්චාරණ ලියා ගන්නව. අන්න ඒ ටික වෙනකන් තමයි තියෙන්නෙ. කතාව බලන් යද්දි මට නම් මේකෙ පොලීසියෙ උන්ට රගපාන උන්ට හොම්බට දෙකක් අනින්න හිතුනෙ නැතුවමත් නෙමෙයි.
මේ කතා මාලාව IMDB දර්ශකයෙ 9/10 ක් ලබා ගෙන තියෙනවා. මේ කතා මාලව විකාශය වුනයින් පස්සෙ ඇත්ත සිද්දියේ කට්ටියට එක එක දේවල්( ජොබ් එක දාල යන්න වෙනව වගේ දේවල්) වුනා කියලත් තියෙනව. මේකෙ ඉන්න ලින්ඩා කියන සැබෑ චරිතය, මේක නිසා එයාගෙ ප්‍රසිද්ධ කඩා වැටුන කියල පත්තරේට කියල තිවුන. කොටින්ම කියුවොත් ග්ලැමෝර් මැගසින් එක 1993 මෙයාට දීපු සම්මානය වැරදීමකින් දීපු එකක් කියලත් තිවුන. පොලීසිය නිසා මේ වගේ අසාධාරණ වෙන අය තව ඕනෙ තරම් ලෝකේ පුරාම ඉන්න පුලුවන්.
එහෙනම් කතාව බලන්න. බලල සබ් එකට රේටින් එකත් දාන්න.
අනික් එපියෙන් හම්බ වෙමු එහෙනම්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,283 downloadsDownload When-They-See-Us-S01-E01.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිමුතු මධුරංග ඩයස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිමුතු මධුරංග ඩයස්
Subtitles
12 comments
chandikaranaweera
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Prabodha20
Sthuthi sahooo
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
ඉතුරු එපි ටිකත් ඉක්මනටම අරන් එමු.....Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ... ඉතුරු කොටස්වලටත් ඉක්මනින් සබ් එක දෙන්න..
ජය වේවා.!මොහොට්ටි
මේ කතාව බලන්න මට ලොකු වුවමනාවක් තිබුනා.දැනට මසකට පෙර ඉංග්‍රීසි සබ් සහිතව කොටස් 4ක් බැලුවා .දැන් ආපහු මුල ඉදලම බලනව.තරු 5 ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියන ඇමරිකාවෙ නීතිය නවන හැටිත් අවුරුදු 14 වයසැති කලුජාතික ලමයිත් 6 දෙනෙක් අසාදාරන ලෙස ස්ත්‍රී දූෂණයක් සම්බන්ධ යෙන් සිරගත කරන ආකාරය මෙහි පෙන්වනව ඇමරිකාවෙ එවකට නගරාධිපති වරයෙක් වුනු වත්මන් ජනපති ට්‍රම්ප් පවා පෙනී ඉන්නෙ මෙම ලමයිත් හිරගත කරන්න ඕන කියන අදහසක පොලීසිය හොදටම දන්නව මේ අය නෙවෙයි මේක කරෙ කියල සෙන්ට්‍රල් පාර්ක් ෆයියු නමින් ප්‍රසිද්ධ වුනේ මේ නඩු විබාගය.....පලවෙනි සීරියස් එකම වැදගත් සිදුවීමක් ගැන සබ් කිරීමට තෝරා ගැනීම ගැන දිමුතු මදුරංග ඩයස්ට සියලු දෙනාගෙම ආදරය හිමිවියයුතු ය
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..වෙනදා වගේම ඉතිං මේවට ඩවුන්ලෝඩ්ස් අඩුයි. ඒ ගැන කතා කරලා වැඩක් නෑ. කොහොමත් හොද දේවල් බලෙන් දෙන්න බෑ. අනිත් එපි තුනත් ගේමු. ජයවේවා..බුදුසරණයි..!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandaru Nimsara
Sub ekata tnx bro
KWP කුශාන්ත
තෑන්ක්ස් දැන් ටික කාලෙකට කලින් මේ සීරීස් එක බැලුවේ. ඒත් සිංහල සබ් දුන්න එක ගැන ගොඩක් සතුටුයි!
හිරාන් ශාරංග
උපසිරැසි හතරම ගත්තා.
ගොඩක් ස්තුතියි...
ජයවේවා....!
Advertisement


storya nam hodai wage bro aqnith tikath denna.. jaya wewa