ඔව්. කිව්වත් වගේ පෙරලිකාර අවසානයක්. කොච්චර හිත ගියාද කියනවා නම් මං කැමතිම වෙබ් සීරීස් එකක් බවට පත්වුණා. 2020 අවුරුද්ද ඉන්දියානු වෙබ් සීරීස් අතින් බැලුවොත් මට නම් Paatal Lok එකෙන් පස්සේ මේකත් පෝලිමෙන් තියතහැකි. 2020 දෙසැම්බර් 24වෙනිදා Disney HotStar විසින් මුදාහැරිය අලුත්ම කතාමාලාව තමයි Criminal Jus…

ඔව්. කිව්වත් වගේ පෙරලිකාර අවසානයක්. කොච්චර හිත ගියාද කියනවා නම් මං කැමතිම වෙබ් සීරීස් එකක් බවට පත්වුණා. 2020 අවුරුද්ද ඉන්දියානු වෙබ් සීරීස් අතින් බැලුවොත් මට නම් Paatal Lok එකෙන් පස්සේ මේකත් පෝලිමෙන් තියතහැකි.
2020 දෙසැම්බර් 24වෙනිදා Disney HotStar විසින් මුදාහැරිය අලුත්ම කතාමාලාව තමයි Criminal Justice : Behind Closed Doors කියලා කියන්නේ. අමතක වෙන්න විදිහක් නෑ පහුගිය වසරේ එළිදැක්වුණු Criminal Justice කතාමාලාව. ඒ කතා මාලාවේම දෙවන අදියර විදිහටයි මේ Behind The Doors කතාමාලාව සලකන්න පුළුවන්. කතා දෙක අතරේ කිසිම සම්බන්ධකමක් නම් නැති නිසා ස්වාධීනව එකක් වුණත් රස විඳින්න ඉඩකඩ තියෙනවා කාට වුණත්. හැබැයි එකක් විතරක් බලලා අත පිහිදාගන්න අපරාධය කරන්න එපා, මොකද මේ කතාමාලා දෙකම Remake උනත් අති විශිෂ්ඨ කතා දෙකක්. Remake ගැන කියද්දී මොකක්ද ඔරිජිනල් එක කියලා කල්පනා කරනවා නම් 2008 වසරෙදි එලියට ආපු Criminal Justice කියන නමින්ම නිර්මාණය වුණු බ්‍රිතාන්‍ය ටෙලි කතාමාලාව ගැන මතක් කරලා ඉන්නවා.
කොටස් 8කින් යුක්ත වූ Criminal Justice : Behind Closed Doors කතාමාලාවට IMDb 8.0ක අගයක් ලැබිලා තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රෝහන් සිප්පි සහ අර්ජුන් මුඛර්ජි විසින්. රංගනයෙන් පංකජ් ත්‍රිපාටි, කීර්ති කුල්හරි, අනුප්‍රියා ගොඑන්කා, මිටා වෂිශ්ට්, ජීෂු සෙන්ගුප්තා කියන නළු නිලියෝ එකතු වෙලා ඉන්නවා. කොටසින් කොටස කුතුහලය ගලාගෙන යන මේ කතාමාලාවේ පිටපත සකසලා තියෙන්නේ අපූර්වා අස්රානි විසින්.
අද එහෙනම් කලින් කොටස ගැන මතක් කරන්න යන්නේ නෑ. උසාවිය ඇතුලේ ගැටුම් වලින් පිරිලා තිබ්බ ඒ කොටස ගැන මෙතන කිව්වොත් නොබලපු අයට කරන අපරාධයක්. ඒ හින්දා කාට කාටත් කතාමාලාව එක්ක එකතු වෙන්න කියන ගමන්, මෙන්න අවසන් උපසිරසියත් අරන් එනවා. ගොඩක් දේවල් වෙන්න තියෙන කොටසක්. අරගෙන බලන්න. ඉතින්, යන්න කලින් මතක් කරන්න ඕන පෞද්ගලික වැඩ රාජකාරි මැද්දේ වුණත් මේ කතාමාලාවට කර ගහන්න, බෑ නොකියා ඉදිරිපත් වුණු සිසිත සමරතුංග සහෝදරයා සහ සුභාෂිණි මල්ලවාරච්චි සහෝදරියව. බොහොම ස්තුතියි. ඒ වගේම කලින් කතාමාලාවට සිංහල උපසිරැසි දුන්නු පුබුදු ප්‍රසන්න සහෝදරයාවත් මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම කොයි වෙලෙත් අපේ සහයට ඉන්න සිසිල ප්‍රසාද්, චාමර සම්පත් ඇඩ්මින්වරුන්ව මේ වෙලේ අමතක කරන්නේ කොහොමද? ඉතින් ඒ හැමෝටම ස්තුතියි වගේම බලන් උන්නු ඔබ හැමටත් ස්තුතියි. අපි එහෙනම් ගිහින් එන්නම්. ජයවේවා.

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.
4,109 downloadsDownload TFOE-S01-E16.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
22 comments
kavinda
Anonymous
Supirima kathawak
Supirima wadak saho
Me tikema hariyata set wena ekakwath hambawune na,ekatath ekka meka patta
Digtama hindi series demu
Jaya wewa
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Anonymous
thank you very much
Kps
එකින් එකට ස්තූති කරලා කමෙන්ට් දාන්න බැරි උනා.. නමුත් හැමෝටම ස්තූතියි. හරි ආසාවෙන් බලපු කතාවක්
සියන්ත
අනේ අනේ මතක් කරන්නෙපා ඔය ඇඩ්මින්ලාව නම්
කුතුහලේවත් තියාගන්න චාන්ස් එකක් දුන්නේ නෑ
ඔයාලට නම් වෙනසක් නැතුව ආදරෙයි ඉතින්
ස්තුතියි.....!!!අචින්ත උදයංග Real එක
නොදන්න අයට කියන්නේ, මේ ඉන්නේ අචින්ත උදයංග
Prabodha20
Sthuthi sahoo
සුභාෂිණි මල්ලව ආරච්චි
උපසිරැසියට බොහොම ස්තූතියි මල්ලි.
Anonymous
thank you
Nadun Piyumantha
high කියලා ඉන්දියන් සීරිස් එකක් තියේ mx player eken realized කරපූ පුලුවන් නම් ඒකටත් subtitles දෙනවාද. Thanks for Subtitles :)
tharidu16
thanks machi. okkoma awata passe thami balanna hitiye. wegayen dunnata thanks.
Supun harshika
Adooo pin ban ubata sub eka pata gaala Dunnata.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Chandima Prasad
Thanks Sub Ekata..
Anonymous
Godaaak Thanks Hemadenatama...!!!! (Tharindu)
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
thanks ................
sahangayantha
thanks a lot sub ekata
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥nilanka1212
thanks.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Criminal Justice: Behind Closed Doors [S01 : E08] Sinhala Subtitles | පෙරලිකාර අවසානයක්! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/12/CJBCD.jpg)


no 1 thx