බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට නැවතත් සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. උද්වේගකර ‘චේන්සෝ මෑන්’ පස්වෙනි එපියට සබ් අරගෙන ආවා ඔන්න. ඉතින් මේ එපිය නම් හැමෝම නොඉවසිල්ලෙන් මඟබලාගෙන හිටපු එපිය කියලා මම දන්නවා. ඉතින් අද තමා අපි හැමෝම මඟ බලාගෙන හිටපු හීන හැබෑවෙන එපිය. 😁 කතාවට එමු එහෙනම්. අන්ත දුක්ඛිත ජීවිතයක් ගතකර…

බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට නැවතත් සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. උද්වේගකර ‘චේන්සෝ මෑන්’ පස්වෙනි එපියට සබ් අරගෙන ආවා ඔන්න. ඉතින් මේ එපිය නම් හැමෝම නොඉවසිල්ලෙන් මඟබලාගෙන හිටපු එපිය කියලා මම දන්නවා. ඉතින් අද තමා අපි හැමෝම මඟ බලාගෙන හිටපු හීන හැබෑවෙන එපිය. 😁
කතාවට එමු එහෙනම්. අන්ත දුක්ඛිත ජීවිතයක් ගතකරපු ඩෙන්ජීගේ ඉරණම වෙනස් වුනේ ‘සොම්බි ඩෙවිල්’ මුණ ගැහුණු මොහොතෙදී. ඒ මොහොතේ මියගිය ඩෙන්ජී, පොචිතගේ මැදිහත් වීම නිසා නැවතත් ජීවිතයට ආවේ ‘චේන්සෝ ඩෙවිල්’ විදිහට. සොම්බි ඩෙවිල් ඇතුළු සොම්බියෝ මරපු ඩෙන්ජී ටෝකියෝවට ආවා. ඒ පබ්ලික් සේෆ්ටි ඩෙවිල් හන්ටර් කෙනෙක් වෙන මකිමත් එක්ක.
ටෝකියෝ ඩෙවිල් හන්ටර් ප්‍රධාන මූලස්ථානයේදී, ඩෙවිල් හන්ටර් කෙනෙක් විදිහට ඩෙන්ජිට රැකියාවක් ලැබෙනවා. ඔහුව අධීක්ෂණය කරන්න පත් කරන්නේ අකී හයකාවා. ඒ වගේම ඩෙන්ජිගේ බඩී වෙන්නෙත් ‘බ්ලඩ් ෆීන්ඩ්’ වෙන පවර්. ඉතින් දැන් ඩෙන්ජී අකීගේ ගෙදර තමා නැවතිලා ඉන්නේ. දෙයියනේ කියල මිනිහට දැන් හැමදේම වගේ පිළිවෙලක් වෙලා තියෙනවා. පවර්ගේ අතීතය දැකගන්න ලැබුණු අපිට තේරුම් ගන්න පුලුවන් උනා කොහොම තත්ත්වයකද ඇය හිටියේ කියලා. පවර්, ඒ නිසා වෙන කරන්න දෙයක් නැතිකමට ඩෙන්ජිව රවට්ටලා බැට් ඩෙවිල් ළඟට අරගෙන ගියා. එතනදී අපිට චේන්සෝ ඩෙවිල් ස්වරූපයෙන් ඉන්න ඩෙන්ජී හා බැට් ඩෙවිල් අතර සුපිරිම සටනකුත් දැකගන්න ලැබුණා. බැට් ඩෙවිල්ව පරාද කරලා පවර්වයි පූසවයි බේරගන්න ඩෙන්ජී සමත් උනා. 😁
ඒ එක්කම එතනට ආපූ ලීච් ඩෙවිල් එක්කත් ගේම අඳින්න ඩෙන්ජිට සිදුවුණා. අකී එතනට ඇවිත් වැඩේ අහවරක් කරපු නිසා ඒකත් ලොකු අවුලක් නැතිව ඉවරයක් උනා. දැන් අපි දැක්කා අකී, ෆොක්ස් ඩෙවිල් එක්ක ගිවිසුමක් හදාගෙන තියෙනවා කියල. ඒ වෙච්ච සටනෙදී ඩෙන්ජීගේ ක්‍රියාකලාපය නිසා අකී නම් ටිකක් දැන් ඩෙන්ජී ගැන පැහැදිලා ඉන්නේ. ඒ බව කලින් එපියේ සිදුවීම් හා සංවාද වලින් ඔයාලටත් තේරෙන්න ඇති. ඒ වගේම මකිමා, පවර්ව අකීගේ ගෙදර එවලා. එතන දැන් එක ගාල ගෝට්ටියක් වෙලා. ඕන්න ඉතින් බැට් ඩෙවිල්ගෙන් පූසවයි තමාවයි බේරගත්තු නිසා පවර් ඩෙන්ජිට කළගුණ සලකන්න සූදානම්. 😁
ඉතින් අද එපිය ගැන අමුතුවෙන් කාටවත් කියන්න ඕනේ නෑ. හැමෝම දන්නවා අද මොකද වෙන්නේ කියලා. ඒ වගේම කියන්න ඕනේ කලින් එපියේ කතාවට එකතු වුණු ප්‍රධාන චරිත ටිකටත් අද කොටසේ වැඩි ඉඩක් වෙන්වෙලා තියෙනවා. විශේෂයෙන්ම ‘හිමෙනෝ’ සඳහා. ඉතින් හිමෙනෝ කියන්නේ අකීගේ සීනියර්. ඇයත් ගොඩක් අත්දැකීම් තියෙන ඩෙවිල් හන්ටර් කෙනෙක්. අද ඉතින් හීන හැබෑ උනාට පස්සේ මේ කට්ටියම ඔන්න පළවෙනි වතාවට එකට මෙහෙයුමකටත් යනවා. ඉතින් අද එපිය බලලම ඒ දේවල් ගැන දැනගන්න. 18+ ලේබල් එකත් එක්කයි ගේන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
අද කතාවේ නම – Gun Devil
Imdb අගය – 8.9
Directed by – Yosuke Takada
Storyboarded by – Tomomi Kamiya
Ending Theme Song – In the Back Room
ගායනය – Syudou
විකාශය වූ දිනය – 2022 නොවැම්බර් 08
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Web/Bluray පිටපත් සඳහා අදාළ වේ.
5,081 downloadsDownload Chainsaw-Man-S01-E05-Bluray-Updated.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
13 comments
විමා
Zeron
ටැම්ක්ස් සගෝ
Thilina kalhara
Thanks mcn sub ekakm hitiye blnna meka
දසුන්
කතාවෙ උණුහුම හොඳට රඳවගෙන ගින්දර වගේ සබ් එකයි, ගින්දර වගේ ලිපියයි එක්ක හැම සතියෙම බදාදා චේන්සො බලන්න සෙට් වෙනවා කියන්නෙම වෙනම එකක්..තෑන්ක්ස් පවිත්.
හිෂාන් සමරසිංහ
Subtitle එකට thanks! වෙනදා වගේම Subtitle එකේ බාශාව හැසිරවීම, පරිවර්තනය වගේ දේවල් හොඳටම තියෙනවා...❤
පොඩි අවුලකට තියෙන්නේ IDX/ SUB විදිහට දීපු එක... එහෙම දුන්නාට ප්‍රශ්නයක් නෑ... ඒත් පුළුවන් නම් ඒකෙ Font size එකයි, Font type එකයි වෙනස් කරන්නකෝ ඊළඟ sub එක දෙද්දී...
Font type එක Arial, iskoola pota වගේ දාලා, Font size එකත් පොඩ්ඩක් අඩු කරන්න පුළුවන් නම් හොඳම හොඳයි.
Hiru
@Admin ow bn. me comment eke thiyenw wage, Font size eka poddak adu karala dipanko. Lap eke podi screen eken baladdi, font size eka loku wadiyi wage danenawa. :-(
විමා
එලඊළඟ එකෙන් font සයිස් එක අඩු කරන්නම්.
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Anonymous
Thanks jayawewa.....!
Sri Lanka Food
Thnakx. good luck..
Pavith Wijesooriya
ගායිස්,
පොඩි පණිවිඩයක් ඔයාලට කියන්න ඕනේ. මේ සතියේ "චේන්සෝ මෑන්" සබ් එක දෙනකොට ටිකක් පරක්කු වෙන්න පුලුවන්. වෙනදා නම් අඟහරුවාදා ආපු එපියට බදාදා වෙද්දී සබ් එක දෙන්න පුලුවන් උනා. ඒත් මට දැන් නම් එච්චර ඉක්මනටම සබ් එක දෙන්න බැරිවෙයි. හේතුව මගෙ පෞද්ගලික වැඩ කටයුතු එක්ක මං මේ ටිකේ ටිකක් 'කාර්‍යබහුල' වෙලා ඉන්නේ. සබ් එක ඔයාලට අනිවා දෙනවා. හැබැයි 'සිකුරාදා' හෝ 'සෙනසුරාදා' වෙයි. ඒ නිසා සබ් එක පරක්කුයි කියලා මට බැනලා කමෙන්ට්ස් දාන්න එපා. කලින් ඔයාලව මේ විදිහට දැනුවත් කරන්නෙත් ඒකයි.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සබට තුති මලේ.
කතාව සෙට්මයි ඈ :)