බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්! ඉතින් තිබ්බ වැඩ කිහිපයකුත් පස්සට දාලා පුලුවන් ඉක්මනටම අද කොටසටත් සබ් අරගෙන ආවා. උද්වේගය එන්න එන්නම වැඩි වෙන නිසා හැමෝම “චේන්සෝ මෑන්” බලන්න ඇඟිලි ගැන ගැනනේ ඉන්නේ. ඉදිරියටත් ප්‍රමාද වීමක් වෙනවනම් ඔයාලව මම දැනුවත් කරන්නම්. Comment Section එකේ මම පණිවිඩයක් දාලා…

බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්! ඉතින් තිබ්බ වැඩ කිහිපයකුත් පස්සට දාලා පුලුවන් ඉක්මනටම අද කොටසටත් සබ් අරගෙන ආවා. උද්වේගය එන්න එන්නම වැඩි වෙන නිසා හැමෝම “චේන්සෝ මෑන්” බලන්න ඇඟිලි ගැන ගැනනේ ඉන්නේ. ඉදිරියටත් ප්‍රමාද වීමක් වෙනවනම් ඔයාලව මම දැනුවත් කරන්නම්. Comment Section එකේ මම පණිවිඩයක් දාලා තියන්නම් පරක්කු වෙන්න හේතුව, කවදද සබ් එක දෙන්නේ කියලා.
හරි කතාවට එමු. කලින් දේවල් ආයේ ආයේ කියන්න ඕනේ නෑනේ. දැන් හැමෝටම කතාව ගැන හොඳ අවබෝධයක් ඇති. ඉතින් අද කොටසට වැදගත් කරුණු කාරණා කිහිපයක් ගැන විතරක් බලලා ඉමු.
බැට් ඩෙවිල් හා ලීච් ඩෙවිල්ව පරාද කරලා පවර්ව සහ එයාගේ පූසව බේරගන්න ඩෙන්ජී සමත් උනා. ඉතින් පවර් පොරොන්දු උනා වගේ ඒකට කළගුණ සැලකුවා. ඩෙන්ජියා අන්තිමේදී හීන දැක දැක හිටපු දේ යන්තමින් හරි ගියා.😌 ඒත් මිනිහට ඒක ගැන තෘප්තියක් නෑ. ඩෙන්ජියා හොඳටම දැනෙන්න ඒ වැඩේ කරගන්නේ, පොර බොක්කෙන්ම ලව් කරන “මකිමා” අතින්මයි. මතකනේ වෙච්ච දේ.😂 ඇටයක්වත් නැතිව හිටිය එකා ආපූ දුරක් කිව්වලු.
මකිමා සමඟ ඒ වුනු සංවාදයේදී අපිට අලුත් මාතෘකාවක් අහන්න ලැබුනා. ඒ තමා “ගන් ඩෙවිල්”. බැලූ බැල්මට මේ ගන් ඩෙවිල් තමා ශක්තිමත්ම වගේම බලවත්ම ඩෙවිල් වෙන්නේ. ඌ ලොකු විනාශයක් කරලා තියෙනවා අපි දැක්කා. මතකද අකී එක වතාවකදී ඩෙන්ජිට කිව්වා, එයාගේ පවුලම ඩෙවිල් කෙනෙක් මරලා දැම්මේ අකීගේ ඇස් ඉස්සරහමයි කියලා. ඉතින් ඒ ඩෙවිල් වෙන කවුරුත් නෙමේ “ගන් ඩෙවිල්මයි” කියලා ඔයාලා දැක්කනේ. ඉතින් ගන් ඩෙවිල්ව මරන අපේක්ෂාවෙන් තමා අකී “පබ්ලික් සේෆ්ටි” ඛණ්ඩයට එකතු වෙන්නේ. හැම ඩෙවිල් හන්ටර් කෙනෙක්ගෙම හීනය වෙන්නෙත් මේ ගන් ඩෙවිල්ව මරන එකම තමයි. මේ වෙනකොට ගන් ඩෙවිල්ගෙන් එකතු කරගත්තු කෑලි කිහිපයක් මකිමා පෙන්වනවා. ඉතින් මේ ගන් ඩෙවිල්ගේ කෑලි කාපූ වෙනත් ඩෙවිල් කෙනෙක්ට ලොකු බලයක් ලැබෙනවා. ඒ විදිහේ ඩෙවිල් කෙනෙක්ව මරලා දාලා තිබ්බා අකී සහ හිමෙනෝ එකතුවෙලා. අපි ඒක කලින් කොටසින් දැක්කා. ඉතින් මකිමා විසින් ඩෙන්ජිට ලබා දෙන අලුත්ම මෙහෙයුම සහ නියෝගය වෙන්නේ මේ ගන් ඩෙවිල්ව මරන එක. ඩෙන්ජිට ඒක කරන්න පුලුවන් කියලා මකිමා ලොකු විශ්වාසෙකින් ඉන්නේ. ගන් ඩෙවිල්ව මැරුවොත් ඩෙන්ජි ඉල්ලන ඕනේම දෙයක් මකිමා කරන්න දැන් පොරොන්දු වෙලා ඉන්නේ. ඩෙන්ජියට දැන් මොනාද කරගන්න ඕනේ කියලා ඔයාලටත් තේරෙනවා ඇතිනේ.😋
ඉතින් හෝටලේක ඉන්න ඩෙවිල් කෙනෙක්ව මරන්න ඔන්න “පබ්ලික් සේෆ්ටි ඩෙවිල් හන්ටර්ස්ලා” 6 දෙනෙක්ව පිටත් කරනවා. ඒ තමා ඩෙන්ජී, පවර්, අකී, හිමෙනෝ, කොබෙනී සහ අරායී. ඉතින් මේ කොබෙනී සහ අරායී කියන්නේ හිමෙනෝ යටතේ ඉන්න අලුතින්ම ඩෙවිල් හන්ටින් වලට ආපු දෙන්නෙක්. මේ දෙන්න නම් ටිකක් ඉක්මනට බයවෙන ජාතියේ දෙන්නෙක්. මේ හෝටලේ ඉන්න ඩෙවිල් “ගන් ඩෙවිල්ගේ” කෑල්ලක් කාපු එකෙක් කියලා තමා අනුමාන කරන්නේ. ඒ කියන්නේ මේ පාර එසේ මෙසේ එකෙක් ගාවට නෙමේ මේ යන්නේ.
ඒ වගේම අපිට දැනගන්න ලැබුණා ඩෙවිල් හන්ටර්ස්ලා, ඩෙවිල්ස්ලා එක්ක ගිවිසුම් වලට එනවා කියලා. මේ වෙනකොට අකී, ෆොක්ස් ඩෙවිල් එක්කත්, හිමෙනෝ ගෝස්ට් ඩෙවිල් එක්කත් ගිවිසුම් වලට ඇවිල්ලා කියලා අපි දැක්කා. ඒ වගේම ගිවිසුම පවත්වාගෙන යන්න කැප කිරීමක් කරන්නත් ඕනේ. හිමෙනෝ ගොස්ට් ඩෙවිල්ගේ දකුණු අත පාවිච්චි කරන්න එයාගේ දකුණු ඇහැ කැප කරලා. ඒ වගේම අකී ෆොක්ස් ඩෙවිල්ගේ සහය ගන්න හැම වෙලාවකම ඇඟෙන් කෑල්ලක් කැප කරනවා.
ගිය සතියෙදි හෝටලයේ හිටපු ඩෙවිල් කෙනෙක්ව පවර් මරලා දැම්මා. ඒත් ඒ දේවල් අහවරක් වෙලා නෑ. තවත් කරදරයකට මුහුණ දෙන්න වෙලා මේ කට්ටියට. මෙයාලා එක්කරා වික්ෂිප්ත වෙන ආකාරයකට හෝටලේ අටවෙනි තට්ටුවේ හිරවෙලා. ඉතින් මොනවයින් මොනවා වෙයිද? අද කතාව එතැන් සිට.
අද කතාවේ නම – Kill Denji
Imdb අගය – 8.8
Directed by – Shun Enokido
Storyboarded by – Shun Enokido
Ending Theme Song – Rendezvous
ගායනය – Kanaria
විකාශය වූ දිනය – 2022 නොවැම්බර් 15
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Web පිටපත් සඳහා අදාළ වේ.
9,056 downloadsDownload Chainsaw-Man-S01-E06-Bluray-Updated.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
12 comments
විමා
tutu
Maru hode subtitle ek denkm mai hitiye
Unik
Thank you sub ekt
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Thilina kalhara
Sub denakm hitiye mcn blnna meka
Vichira vimoksha
අලුත් එකක් ආව ඉක්මනින් දෙන්න
Pavith Wijesooriya
සබ් එක පොඩ්ඩක් පරක්කු වෙයි සහෝලා. ඉක්මනටම දෙන්න උත්සහ කරන්නම්.
Nimal perera
අද දෙනව නේද
Pavith Wijesooriya
ඉක්මනටම ලැබෙයි සහෝ
Nimal perera
අද දෙන්නෙ නැද්දෝ episode 07 එක
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


මේක සබ් එකත් එක්කම බලන්න පුරුදු වෙලා දැන් නම්. :)
දෙනකම්ම හිටියා.