බයිස්කෝප් වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්. උදා වූ අලුත් මාසයේ උණු කැවුම් වගේ ඔන්න හතරවෙනි එපියටත් සබ් එක අරගෙන ආවා. අද එපිය නම් සුපිරියක් ඉතින්. ‘චේන්සෝ මෑන්’ බලලා අදහසක් දක්වලා යන අයටත් ගොඩක් ස්තූතියි කියන්න කැමතියි. ඔයාලගේ අදහස් තමා මාව ධෛර්යමත් කරන්නේ මේ වැඩේ දිගටම කරගෙන යන්න. එහෙනම් කතාවට එමු. ඉ…

බයිස්කෝප් වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්. උදා වූ අලුත් මාසයේ උණු කැවුම් වගේ ඔන්න හතරවෙනි එපියටත් සබ් එක අරගෙන ආවා. අද එපිය නම් සුපිරියක් ඉතින්. ‘චේන්සෝ මෑන්’ බලලා අදහසක් දක්වලා යන අයටත් ගොඩක් ස්තූතියි කියන්න කැමතියි. ඔයාලගේ අදහස් තමා මාව ධෛර්යමත් කරන්නේ මේ වැඩේ දිගටම කරගෙන යන්න. එහෙනම් කතාවට එමු.
ඉතා දුක්ඛිත තත්ත්වයක හිටපු ‘ඩෙන්ජිගේ’ ජීවිතය වෙනස් වුනේ, ඔහු විශ්වාසය තියලා තිබ්බ ‘යකුසා’ කණ්ඩායම ඔහුට ද්‍ර්‍රෝහී වුණු අවස්ථාවෙදියි. ඩෙවිල් හන්ටර්ස්ලව ගෙනත් දෙනවා කියන පොරොන්දුව මත සොම්බි ඩෙවිල් සමඟ ගිවිසුමක් ඇති කරගත්තු ඔවුන් අන්තිමේදී නැවතුනේ සොම්බියෝ බවට පත්වෙමින්. මේ සොම්බියෝ ටික ඩෙන්ජිව ඒ මොහොතෙදී ඝාතනය කරලා දැම්මත්, පොචිතා ඩෙන්ජිගේ ශරීරය අත්පත් කරගත්තු නිසා, ඩෙන්ජිට නැවත ජීවත් වෙන්න අවස්ථාව ලැබුණා. හැබැයි ඒ සාමාන්‍ය මිනිහෙක් වගේ නෙමෙයි. ‘චේන්සෝ ඩෙවිල්’ විදිහට. ඒ ලැබුණු බලයෙන් ඩෙන්ජී, සොම්බි ඩෙවිල් ඇතුළු සියලුම සොම්බියෝ සමූල ඝාතනය කළේ, යක්ෂයින්ගේ සැබෑම මාරයා පැමිණි බවට පසක් කරමින්.
පසුව එතනට පැමිණි ‘මකිමා’ ඩෙන්ජිව ටෝකියෝවට රැගෙන ආවා. ඒ ‘ටෝකියෝ පබ්ලික් සේෆ්ටි ඩෙවිල් හන්ටර්’ ප්‍රධාන මූලස්ථානයට. එහිදි ඩෙවිල් හන්ටර් කෙනෙක් විදිහට රැකියාවක් ලැබෙන ඩෙන්ජිව අනුයුක්ත කරන්නේ මකිමා යටතේ ක්‍රියාත්මක වෙන ‘ටෝකියෝ ස්පෙෂල් ඩිවිෂන් 4’ කියන කණ්ඩායමට. ඒ වගේම අකී හයකාවා කියන්නේත්, ඩෙන්ජිව අධීක්ෂණය කරන්න පත් කරපු ඒ කණ්ඩායමේම ඉන්න ඩෙවිල් හන්ටර් කෙනෙක්. අකී නම් ඩෙන්ජි ගැන එතරම් හොඳ ආකල්පයක් නෙමේ දරන්නේ. ඩෙන්ජිට අරමුණක් හා විශ්වාසයක් නැති නිසා නිකරුණේ මැරුම් කන්න වෙයි කියන මතෙයි අකී ඉන්නේ. කොහොමහරි රස්සාවක් ලැබුණු නිසා දෙයියනේ කියලා දැන් තුන්වේලටම කෑමක් බඩට දාගෙන, සනීපෙට නිදාගන්නවා මිනිහා.😌
ඒ වගේම කතාවට එකතු වුනු ‘පවර්’ කියන්නෙත් මකිමගේ කණ්ඩායමේම ඉන්න ඩෙවිල් හන්ටර් කෙනෙක්. විශේෂත්වය වෙන්නේ ඇය ‘ෆීන්ඩ්’ කෙනෙක් වීම. ඉතින් ඩෙවිල් කෙනෙක් හා සමානයි වගේ පෙනුනත් ෆීන්ඩ්ලගෙ වෙනස්කම් තියෙනවා. පවර්ව හඳුන්වන්නේ ‘බ්ලඩ් ෆීන්ඩ්’ විදිහට. මොකද මෙයාගේ හැකියාවන් ලේත් එක්ක බැඳිලා තියෙන නිසා. මෙයාට ශරීරයේ ලෙයින් ආයුධ නිර්මාණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඩෙන්ජිත් එක්ක මුර සංචාරයේ යන එක තමා පවර්ට පැවරෙන රාජකාරිය වෙන්නේ. ඒ අතරතුර තමා පවර්, සී ක්‍යුකුම්බර් ඩෙවිල්ව මරන්නේ.
ඒක නම් ටිකක් ගැටලුවකට මුහුණ දීපූ මෙහෙයුමක්. මොකද සී ක්‍යුකුම්බර් ඩෙවිල්ව මරන්න, ඒ වෙනකොටත් සිවිල් හන්ටර්ස්ලා සූදානමින් හිටිය නිසා. ඉතින් මේ ‘සිවිල් හන්ටර්ස්ලා’ කියන්නේ ඩෙවිල් හන්ටින් කරන, සාමාන්‍ය ජනතාව අතරින් ආපූ අය පිහිටවාගෙන තියෙන නිළ නොලත් ඒකකයක්. ඒත් ‘පබ්ලික් සේෆ්ටි ඩෙවිල් හන්ටර්ස්ලා’ කියන්නේ ඩෙවිල් හන්ටින් සඳහා රාජ්‍ය අනුග්‍රහය ඇතිව පිහිටවපු නිළලත් ඒකකයක්. මෙයාලට හොඳ පුහුණුවක්, හොඳ අවි ආයුධ, ඒ වගේම අත්දැකීම් සහ විවිධ වූ හැකියාවන් තියෙනවා. ඉතින් මේ දෙගොල්ලෝ මෙහෙයුම් කරනකොට පෙර දැනුම් දීමකින් තොරව අනික් කණ්ඩායම් වල මෙහෙයුම් සඳහා මැදිහත් වෙන්න බෑ. පවර් එක පාරම සී ක්‍යුකුම්බර් ඩෙවිල්ට කඩන් පාත්වුණු නිසා ඒක සිවිල් හන්ටර්ස්ලගේ මෙහෙයුම් වලට බාධාවක් වෙන්න ගියා. මකිමා ඒ ගැන තමා කලින් කොටසෙදි පවර්ට පැහැදිලි කළේ.
ඒ වගේම කලින් කොටසෙදි අපිට පවර්ගේ අතීතය ගැන දැකගන්න ලැබුණා. හදිසියේම එතනට ආපූ ‘බැට් ඩෙවිල්’ පවර්ගේ පූසව ප්‍රාණැපේට තියාගන්නවා. ඒ මිනිස්සුන්ව ගේන්න කියන තර්ජනය එක්කමයි. ඉතින් පවර්, ඩෙන්ජිව රවට්ටලා බැට් ඩෙවිල් ළඟට අරගෙන යනවා. එතනදී වුණු දේවල් කෙළවර උනේ පවර් හිතපු නැති විදිහට. බැට් ඩෙවිල්, පවර් වගේම, එයාගේ පූසවත් ගිලලා දැම්මේ ඩෙන්ජී බලාගෙන ඉන්නකොටමයි. පවර් හිටපු තත්ත්වය හොඳටම තේරුම් ගන්න ඩෙන්ජී ඔන්න ගේම අඳිනවා. පළවෙනි එපියට පස්සේ අපිට ආයෙත් ඩෙන්ජිව ‘චේන්සෝ ඩෙවිල්’ ස්වරූපයෙන් දකින්න ලැබුණේ සුපිරිම සටනක් එක්කමයි.🔥
දෙයියනේ කියලා බැට් ඩෙවිල්ව නම් ඩෙන්ජියා මරලා දැම්මා. ඒත් ප්‍රශ්නේ තමා පවර් සහ පූසා බේරුනාද කියන එක. මතකයි නේද පවර්ගේ කොන්දේසිය.😅
ඉතින් ඩෙන්ජි, පවර් සහ පූසව බේරගත්තද? මිනිහට හීනේ හැබෑ කරගන්න පුලුවන් වෙයිද? 😅 ඉතින් උත්තර අද කොටසේ තියෙනවා. ඒ වගේම බැට් ඩෙවිල් එක්ක සටන තවම ඉවර නෑ. තව කරදරකාරයෙක් කඩන් පාත් වෙනවා. ඒ වගේම ඔන්න අද අපිට අකීගේ වැඩ කිඩ බලාගන්න එහෙම පුලුවන්. ඒ වගේම තවත් කැපී පෙනෙන චරිත ටිකක් කතාවට එකතු වෙනවා අද. ඉතින් ඒ දේවල් අද එපිය බලලම දැන ගන්න. අමතක කරන්න එපා මේක 18+ ලේබල් එකත් එක්කයි ගේන්නේ කියලා.
අද කතාවේ නම – Rescue
Imdb අගය – 8.9
Directed by – Tatsuya Yoshihara
Storyboarded by – Tatsuya Yoshihara
Ending Theme Song – Tablet
ගායනය – Tooboe
විකාශය වූ දිනය – 2022 නොවැම්බර් 1
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Web පිටපත් සඳහා අදාළ වේ.
4,854 downloadsDownload Chainsaw-Man-S01-E04-Bluray-Updated.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
14 comments
Sandanu D
Anonymous
Sub එක වෙනදා වගේම සුපිරියටම තියෙනවා.... Web copy එක ඇවිල්ලා පැය කිහිපයකට පස්සේ, ඉතාම අඩු කාලයකින් Sub එකත් එක්කම, දීර්ඝ ලිපියකුහ් දුන්නාට බොහොම ස්තූතියි. <3
දොන්
sub එක පහරක් කොල්ලෝ
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Anonymous
sub eka ikmanata dunnata thnaks
Isuru Sandaruwan
Thank you kolla
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
විමා
සබට බොහොම තුති මලේ.
Noone
මේන්න මෙහෙමයි dub කරන්න ඔනි.පට්ට ගති
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Kavinda
Sub ekt thnx....puluwn nm Bleach: Thousand-Year Blood War ekatat sub krl dnna ko
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
පට්ට බන් දිගටම anime වලට සබ් කරන්න ❤️
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Sub eka cupiri Keep up ure good works