කොහොමද යාළුවනේ? Jujutsu Kaisen කතා මාලාවේ මීළඟ උපසිරැසියත් අරගෙනයි ආවෙ. කලින් කොටසෙදි ඔයාලට බලාගන්න පුලුවන් උනානෙ මහිටෝගෙ සහචරයෙක් වෙන විශේෂ ශ්‍රේණියේ හනාමිගේ පැමිණීම නිසා සුහද තරඟය එහෙම් පිටින්ම කණපිට ගැහුනා. කලින් නොදැකපු විදිගෙ ආවරණයක් දාපු නිසා දැන් ගෝජෝ සතෝරුට මැදිහත් වෙන්නත් බෑ. මොකද එක්තරා ව…

කොහොමද යාළුවනේ? Jujutsu Kaisen කතා මාලාවේ මීළඟ උපසිරැසියත් අරගෙනයි ආවෙ. කලින් කොටසෙදි ඔයාලට බලාගන්න පුලුවන් උනානෙ මහිටෝගෙ සහචරයෙක් වෙන විශේෂ ශ්‍රේණියේ හනාමිගේ පැමිණීම නිසා සුහද තරඟය එහෙම් පිටින්ම කණපිට ගැහුනා. කලින් නොදැකපු විදිගෙ ආවරණයක් දාපු නිසා දැන් ගෝජෝ සතෝරුට මැදිහත් වෙන්නත් බෑ. මොකද එක්තරා විදිහට ඒකෙන් ඉලක්ක වෙලා තියෙන්නෙත් ගෝජෝ සතෝරුවමයි. ඒක නිසා අනිත් ගුරුවරුන්ටත් ශිෂ්‍යයින්ගෙ ආරක්ෂාව වෙනුවෙන් මේකට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා.

ඒ වගේම අපිට බලාගන්න පුලුවන් උනානෙ ශිෂ්‍යයින්ගෙ දක්ෂතා කොහොමද කියලා.ඒ කවුරුවත්ම ලේසියෙන් අවතක්සේරු කරන්න හොඳ නෑ කියල ඔයාට තේරෙන්න ඇති.හැමෝම යම් දෙයකට දක්ෂයි. ඒ අතරින් යූජි සමඟ ටෝඩෝ සටන විශේෂයි. මෙතන ඉඳන් තමයි යූජි මහිටෝ සටනට පස්සෙ සිද්ධ වෙන ලොකුම සටන බලාගන්න පුලුවන් වෙන්නෙ. මේක මොන වගේ සටනක්ද කියනවනම් Crunchyroll Anime Awards හි 2022 වසරේ Best Fight Scene වෙනුවෙන් දිනා ගත්තෙත් මේ සටන තමයි. ඉතින් අපි බලමු මොකක් සිද්ධ වේවිද කියලා.

මීළඟ උපසිරැසියෙන් මුණ ගැහෙන්නම්.එතකන් ජය !

මේ උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ Netflix WEBRIP පිටපතට අනුවයි.ඒ කියන්නෙ මැදින් ඇඩ් වැටෙන්නෙ නැති පිටපතකටයි. තවත් කිව්වොත් කතාව මැදදි Jujutsu Kaisen කියල දෙපාරක් වැටෙන්නෙ නැති පිටපතකට.ඉතින් ඔයා බලන වීඩියෝ පිටපතේදි මේ වගේ දෙපාරක් Jujutsu Kaisen කියල වැටෙනව නම්, අන්න එතනදි උපසිරැසිය +තප්පර හයක් හෝ +තප්පර දහයකට වලට ප්ලේයර් එකෙන් සින්ක් කරගන්න. එතකොට හරි.සැරින් සැරේ වෙනස් වෙන්නෙ නෑ.මේක හැම කොටසකටම කරන්න අවශ්‍ය වෙන්නෙත් නෑ.

 

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.

9,037 downloadsDownload JK-S01-E19-E20.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

9,037 downloadsDownload Subtitles26 KB

7 comments

  1. Anonymous

    Thank you machan

  2. Thamanna

    Elama

  3. ZERON

    ටැම්කස් සගො සබට️

  4. Err

    Thank you...

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. itadori yuji

    netflix webrip eka download karaganne kohomada