කොහොමද යාළුවනේ? Jujutsu Kaisen කතා මාලාවේ අවසාන අදියරට ඇවිල්ලයි ඉන්නෙ.අකමැත්තෙන් උනත් කියන්න වෙන්නෙ අවසාන කොටස් දෙකයි මේ අරන් ඇවිත් තියෙන්නෙ. පෙර නොවූ විරූ සිදුවීම් ගණනාවකට පස්සෙ ජුජුට්සු හයි එකේ ශිෂ්‍යයනුත් ගුරුවරුනුත් සිද්ධ වුනු අලාභ හානිත් එක්ක විවේක ගන්න අතරෙ පළමු වසරෙ නොබරා, මෙගුමි,යූජි මේ වතා…

කොහොමද යාළුවනේ? Jujutsu Kaisen කතා මාලාවේ අවසාන අදියරට ඇවිල්ලයි ඉන්නෙ.අකමැත්තෙන් උනත් කියන්න වෙන්නෙ අවසාන කොටස් දෙකයි මේ අරන් ඇවිත් තියෙන්නෙ.
පෙර නොවූ විරූ සිදුවීම් ගණනාවකට පස්සෙ ජුජුට්සු හයි එකේ ශිෂ්‍යයනුත් ගුරුවරුනුත් සිද්ධ වුනු අලාභ හානිත් එක්ක විවේක ගන්න අතරෙ පළමු වසරෙ නොබරා, මෙගුමි,යූජි මේ වතාවෙ වෙනස්ම දෙයක් විමර්ශනය කරන්න යනවා. ඒ තමයි ස්වයංක්‍රීය දොරවල් සම්බන්ධ ශාපයක් ගැන විමර්ශනය කරන්න. ටිකක් අමුතුයි නේද? ඉතින් මේ ගැන හොයන්න යන්න වෙන්නෙ මෙගුමි කලින් අධ්‍යාපනය ලබපු පළාතට. මේ නිසා මෙගුමිගෙ නොදන්න කතන්දර ගොඩක් අපිට දැනගන්න ලැබෙනවා. මේ සිද්ධියෙදි අපිට දකින්න ලැබෙන ශාපත් සැබවින්ම සහෝදරත්වය වෙනුවෙන් කැපවුණු ශාප වෙනවා. මොකක් කියල ඔයාට හිතේවි. ඔව් ඒක එහෙම තමයි. ඒ කාරණය නිසාත් මේ කොටස් දෙක විශේෂ වෙනවා.
ඒ වගේම අපිට කලින් සටන්වලදි යූජිගෙ Aggressive ගතිය දකින්න ලැබුනනෙ. ඒත් නොබරාගෙයි මෙගුමිගෙයි අපිට දකින්න ලැබුනෙ නෑනෙ.ඇත්තටම ඔයා නොබරාව cringe කෙල්ලෙක් විදිහටත් මෙගුමිව නිතරම ගුටි කන කෙනෙක් විදිහටත් දකින්න ඇති. ඒත් අපිට මේකෙදි මේ දෙන්නගෙම crazy aggressive style එකක් බලාගන්න ලැබෙනවා. ඔයා මේ දෙන්නව නිකන් අවතක්සේරු කළා නම් ඔයාගෙ ඒ අදහසත් වෙනස් කරගන්න වේවි. ඒ ගැන පොඩි ඉඟියක් දෙන්නම්. මේ දෙන්නගෙන් කෙනෙක් ප්‍රදේශ ප්‍රසාරණයක් දියත් කරන්න සමත් වෙනවා. ඔයාට කලින්ට වඩා වෙනස්ම සටනක් බලාගන්න ලැබෙනව වගේම ශාපලත් ආත්ම වලටත් හැඟීම් තියෙනව කියල පෙන්නපු කතාවක් වෙනවා. නරඹලම හොයා ගන්නකො මොකද කතාවෙ අන්තිමට වෙන්නෙ කියලා.
ඔන්න ඒ විදිහට Jujutsu Kaisen කතා මාලාවේ පළමු කතා සමය මෙතනින් අවසන් වෙනවා. දෙවන කතා සමය 2023 වසරෙදි නිකුත් වෙනව කියල දන්වලා තිබුනත් ඒ ගැන නිළ කාල පරිඡේදයක් හෝ දිනයක් තවමත් දන්වලා නැහැ. පළමු කතා සමයට පස්සෙ නිකුත් වුණු Jujutsu Kaisen prequel movie එක වෙන Jujutsu Kaisen 0 චිත්‍රපටයේ ප්‍රදර්ශනය මේ වෙද්දි අවසන් වෙලා තිබුනත් චිත්‍රපටයේ හොඳ වීඩියෝ පිටපතක් තවමත් නිකුත් වෙලා නැහැ.ඉතින් අපි ඒ ගැනත් බලාපොරොත්තුවෙන් ඉවසීමෙන් ඉමු.
උපසිරැසියේ අදහස් වගේම ගුණ දොස් කියාගෙන යන්නත් අමතක කරන්න එපා.තවත් උපසිරැසියකින් හමුවෙනකන් හැමෝටම ජය වේවා!
මේ උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ Netflix WEBRIP පිටපතට අනුවයි.ඒ කියන්නෙ මැදින් ඇඩ් වැටෙන්නෙ නැති පිටපතකටයි. තවත් කිව්වොත් කතාව මැදදි Jujutsu Kaisen කියල දෙපාරක් වැටෙන්නෙ නැති පිටපතකට.ඉතින් ඔයා බලන වීඩියෝ පිටපතේදි මේ වගේ දෙපාරක් Jujutsu Kaisen කියල වැටෙනව නම්, අන්න එතනදි උපසිරැසිය +තප්පර හයක් හෝ +තප්පර දහයකට වලට ප්ලේයර් එකෙන් සින්ක් කරගන්න. එතකොට හරි.සැරින් සැරේ වෙනස් වෙන්නෙ නෑ.මේක හැම කොටසකටම කරන්න අවශ්‍ය වෙන්නෙත් නෑ.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
8,501 downloadsDownload JK-S01-E23-E24.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
20 comments
Avishka
Avishka
Vivy - Fluorite Eye's Song
Me anime eke sinhala subs denna puluvann mgodai hoda ! meka best sciencefiction anime ek!
Anonymous
මේ වගේ ජපන් ඇනිමේ සීරීස් වලට සබ් කරන එකට ස්තුතියි.තව ජපන් ඇනිමේ සීරීස් වලට දිගටම සබ් කරන්න.
ලංකන් weebs
බොහොම ස්තූතියි.
අපි ඉදිරියේදී බලමු❤
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Akshi
Thanks bro<3
ZERON
gakuen alice ඇනිමියට සබ් දෙන්නකො පුලුවන්නම් එවගෙම ටැම්ක්ස් මෙ දුන්න සබටට්
Anonymous
Thank you Bro...
Disas
my hero academia anime series ekata sinhala sub dennako
Minoshan
සබ් එකට තෑන්ක්ස් සහෝ.. පුලුවන්නම් මේවටත් සබ් දෙන්න බලන්න..
The Promised Neverland S02
Parasyte The Maxim
Hunter X Hunter
පුලුවන්නම් සබ් දෙන්න..ලංකන් weebs
බොහොම ස්තූතියි.
අපි ඉදිරියේදී බලමු.❤️Minoshan
<3 <3 <3
ලංකන් weebs
බොහොම ස්තූතියි හැමෝටම.❤️
Anonymous
JJK 0 එකටත් දෙමු ආවම
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kavindu
thanks lankan weebs.. gatama anime sub denna.
Kavi
Sub ekt thanks saho...ganmata bleach anime series ekatat sub denna
Akila
Sub nm supiri....ganmata bleach series ekatat sub denna
Anonymous
Samahara ewa pahuwela enne
NS Nethu PRO
oya balana video player eken eka hada ganna puluwan...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thank you so much brother for the subs !