කොහොමද යාළුවනේ ඔන්න බයිස්කෝප් ටීම් එකේ අපි මේ දවස්වල ගොඩක් කතාබහට ලක් වෙච්ච Netflix ඔස්සේ අගෝස්තු 5 වෙනිදා නිකුත් උනු The Sandman කතා මාලාවට උපසිරැසි අරගෙන එන්නයි හදන්නෙ. ඉතින් මේ සෑන්ඩ්මෑන් කියන්නෙ DC comics වලින් අපිට දැකගන්න පුලුවන් වෙන කෙනෙක්. ඉතින් මේ සීරීස් එක මේ සෑන්ඩ්මෑන් කොමික් මාලාවේ ලයිව…

කොහොමද යාළුවනේ ඔන්න බයිස්කෝප් ටීම් එකේ අපි මේ දවස්වල ගොඩක් කතාබහට ලක් වෙච්ච Netflix ඔස්සේ අගෝස්තු 5 වෙනිදා නිකුත් උනු The Sandman කතා මාලාවට උපසිරැසි අරගෙන එන්නයි හදන්නෙ. ඉතින් මේ සෑන්ඩ්මෑන් කියන්නෙ DC comics වලින් අපිට දැකගන්න පුලුවන් වෙන කෙනෙක්. ඉතින් මේ සීරීස් එක මේ සෑන්ඩ්මෑන් කොමික් මාලාවේ ලයිව් ඇක්ෂන් සීරීස් එකක් විදියට තමයි නිර්මාණය වෙන්නෙ. මුලින්ම අපි සෑන්ඩ්මෑන්ගෙ කොමික් පසුබිම ගැන බලමු.
කවුද මේ සෑන්ඩ්මෑන්?
සෑන්ඩ්මෑන්ව අපිට මුලින්ම DC කොමික්ස් තුළින් දැකගන්න පුලුවන් වෙන්නෙ, 1939 වර්ෂයෙ අප්‍රේල් මාසෙ නිකුත් උන April New York World’s Fair Comic තුළින්. පසුව විටින් විට කොමික්ස් තුළින් මේ සෑන්ඩ්මෑන් චරිතය දැකගැනීමට හැකියාව අපට ලැබෙනවා.

සෑන්ඩ්මෑන් චරිතය මුලින්ම දැකගත හැකිවූ
New York’s world’s fair comics
පසුව 1989 වර්ෂයේදී Neil Gaiman විසින් රචනා කරන ලද සහ Sam Keith සහ Dringen Berg Mike විසින් සිතුවම් කල The Sandman නමින් කොමික් අතිරේකයක් නිකුත් වෙනව. අන්න එතනින් පටන් ගත්තු සෑන්ඩ්මෑන් කොමික් අතිරේකයන් නිකුත් වීමට පටන් ගත්ත. එදායින් ඒ විදියට පටන් ගත්තු මේ කොමික් සීරීස් එක 1993 දක්වා නිකුත් වීම සිදු උනා. අන්න ඒ කොමික් සීරීස් එක ආශ්‍රයෙන් තමයි මේ සෑන්ඩ්මෑන් කතා මාලාව නිර්මාණය වෙන්නෙ.

Neil Gaiman විසින් රචිත සෑන්ඩ්මෑන් කොමික් එකෙහි ඉදිරිපස කවරය

Neil Gaiman
මේ වන විට 1989 වර්ෂයේ ඉදල 1993 වර්ෂය දක්වා නිකුත් වී ඇති සෑන්ඩ්මෑන් volume ගණන 10ක්. එම volume 10 පහත ආකාරයට දක්වන්න පුලුවන්.(නිකුත් වූ පිලිවෙලට)
01. Preludes and Nocturnes
02. The Doll’s House
03. Dream Country
04. Season Of Mists
05. A Game Of You
06. Fables and Reflections
07. Brief Lives
08. World’s End
09. The Kindly Ones
10. The Wake
ඉහත Volume වල පළමු Volume දෙකෙන් තමයි මේ සෑන්ඩ්මෑන් සීරීස් එකේ පළවෙනි කතා සමය නිර්මාණය වෙලා තියෙන්නෙ.සෑන්ඩ්මෑන් කතාමාලාවට අනුව Waking Realm සහ Dream Realm ලෙස Realm දෙකක් දැකගන්න පුලුවන්. මේ සෑන්ඩ්මෑන් සිද්ද කරන්නෙ, Waking Realm එකේ මිනිස්සු නිදාගත්තහම ඔවුන් දකින සිහින පාලනය කරන එක. එමඟින් එයාට පුලුවන් ඒ සිහින හොද සිහින සහ නපුරු සිහින ලෙස පෙන්වන්න. මේ සෑන්ඩ් මෑන් සතුව උපකරණ තුනක් තියෙනව. ඒවයින් කරන්නෙ විවිධාකාර දේවල්. ඒවා තමයි,
1.Sand pouch
2.The Ruby
3.Helm
මේවයින් කරන්න පුලුවන් දේවල් කතාමාලාව තුළ හොදින් විස්තර කරනව.ඉතින් මං ඒක කියන්න යන්නෙ නෑ. 😁
මොකක්ද මේ The Endless පවුල?

එන්ඩ්ලස් පවුල කියන්නෙ මේ සෑන්ඩ්මෑන්ගෙ පවුල. ඇත්තෙන්ම මේ පවුලෙ සාමාජිකයින් හතක් ඉන්නව. ඒ අය තමයි,
1.Dream (සෑන්ඩ්මෑන්)
2.Destiny
3.Death
4.Despair
5.Desire
6.Delirium
7.Destruction

The Endless පවුලේ සාමාජිකයින්
ඉතින් ඔය පවුලෙ හැමෝටම පැවරිච්ච විශේෂ රාජකාරි තියෙනව.උදාහරණයක් විදියට ඩ්‍රීම්ට පුලුවන් සිහින පාලනය කරන එක.මේ පවුලෙ සාමාජිකයින් කිහිප දෙනෙක්වම මේ කතා මාලාවෙන් දැනට බලාගන්න පුලුවන්.ඉදිරියේදී දෙවන කතා සමයකුත් එන නිසා අපිට ගොඩක් අය දැකගන්න පුලුවන් වෙයි.
සීරීස් එක හදද්දි ආපු බාධක මොනවද?
මේ සීරීස් එක මුලින්ම නිර්මාණය වෙන්න තිරණය කරල තියෙන්නෙ චිත්‍රපටයක් විදියට.
ඔන්න ඕකට අපේ Neil Gaiman මහත්තය කැමැත්ත දීල නෑ.ඒකට හේතුව විදියට ඒ මහතා Entertainment weekly කියල වැඩසටහනකදී ප්‍රකාශ කරල තියෙන්නෙ “කොමික් සඟරා රාශියක් තියෙද්දි, ඇයි සෑන්ඩ්මෑන් චිත්‍රපටයකට සීමා කරන්නෙ?” කියල. ඉතින් කොහොමහරි සීරිස් හදන්න ගියත් පිටපත් කිහිපයක්ම ප්‍රතික්ෂේප වීමෙන් පසුව තමයි, මේ විදියට අපිට නෙට්ෆ්ලික්ස් ඔස්සේ සෑන්ඩ්මෑන් සීරිස් එක බලාගන්න හැකියාව අද වෙද්දි මෙහෙම ලැබිල තියෙන්නෙ.
සෑන්ඩ්මෑන් සීරිස් එක බයිස්කෝප් හරහා අරන් එන මූලික අදහස මම දුන්නට ඒ දේ මට කරන්න වෙන්නේ නැහැ මේ වැඩේට මට අනිත් අයගේ සහයෝගය ලැබුණේ නැත්නම්. මේ වෙලාවේ මං විශේෂයෙන්ම සංජන චමෝද්, යුරාන් ධනුක, බිම්සර යෂාන් වගේම සචින්ත බෙනට්ව මතක් කරනවා. එයාල තමයි මගෙත් එක්ක මේ සීරිස් එක කරගෙන යන්නේ. ඇඩ්මින් එක පැත්තෙන් විමා සහෝවත් මතක් කරන්න ඕන.
හා හා පුරා නිකුත් කරන පළවෙනි කොටස නිසා මං කතාව ගැන වැඩිපුර කියන්න උත්සහ කරන්නේ නැහැ. මේ කොටස හරහා ඔයාලට ඩ්‍රීම්ව (ඒ කියන්නේ සෑන්ඩ්මෑන්ව) පියවි ලෝකයේ මිනිසුන් ( ඒ කියන්නේ අපි වගේ අය) තමන්ගේ සිහින වෙනුවෙන් සිරගත කරන හැටි සහ ඩ්‍රීම් අවුරුදු සිය ගණනකට පස්සේ නිදහස් වෙලා තමන්ගේ බිඳ වැටුණු සිහින රාජධානිය නැවත ගොඩ නගන්න පා තබන හැටි බලා ගන්න පුළුවන්.
හරි එහෙනම්, මේ සීරීස් එක ගොඩක් ලස්සන ආසාවෙන් බලන්න පුලුවන් සීරීස් එකක්. මේ කතා මාලාව රස විදින මෙන් ආරාධනා කරමින් මං සමුගන්නම්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
6,176 downloadsDownload The-Sandman-S01E01.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමිකර විදානගේ
Subtitles
- #2022
- #Boyd Holbrook
- #DC
- #DC Comics
- #Editor's Pick
- #Mason Alexander Park
- #MaxxA
- #Offbeat
- #Patton Oswalt
- #Razane Jammal
- #Sandman
- #Sandra James-Young
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Tom Sturridge
- #Vanesu Samunyai
- #Vivienne Acheampong
- #චාමිකර විදානගේ
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
18 comments
Umesh Bandara
යුරාන් ධනුක (දනුවා)
සුපිරි ලිපියක් සහෝ
ඒ වගේම උපසිරසියට බොහෝම ස්තූතියි
ජයවේවා !!!Bimsara Yashan(ඔලිව)
විස්තරාත්මක ලිපියට වගේම උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
මේක දෙනකල් තමයි බලන් හිටියේ...
ජයසංජන චමෝද්
සුපිරියක්.
උපසිරැසියටත් ස්තූතියි
අයියෙ. 🤪
සචින්ත බෙනට්
සබට තුති සහෝ ❤️
Anuja Lakshitha
thanks ayye sub ekt
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
sahangayantha
thanks a lot saho sub ekata
Anonymous
thanks sub ekata
viraj
thanks......
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Lahiru Lakshan
thanks machn....
Dewadithya
Thanks for Sub!
Anonymous
Thank you for subtitles
Kasun Devinda
Season 2 ekatath sub eka dennako
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Sandman [S01 : E01] Sinhala Subtitles | යුක්තියේ නිද්‍රාව… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/08/The-Sandman-.0.jpg)


thank you very much!!!