2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 2 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. මේ Season 2 හි ආරම්භය ගැන මතක් කරනවා නම් අපිට අලුත්ම ආරම්භයක් ලබා දුන්නා කියන කාරණාව පැහැදිලිවම පෙනෙන්න තිබුනු දෙයක්. අපිට දකින්න ලැබුන…

2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 2 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. මේ Season 2 හි ආරම්භය ගැන මතක් කරනවා නම් අපිට අලුත්ම ආරම්භයක් ලබා දුන්නා කියන කාරණාව පැහැදිලිවම පෙනෙන්න තිබුනු දෙයක්. අපිට දකින්න ලැබුනේ Season 1 හි අවසානයෙන් පසු ආරම්භයවත්, Jujutsu Kaisen 0 චිත්‍රපටයේ අවසානය හා සම්බන්ධ කතාවක්වත් නෙමෙයි. කතාවේ තේමා ගීතවලින් පවා ඒක අපිට දකින්න ලැබුනු අලුත් දෙයක් තිබුනා. ඒ තමයි ගෝජෝ සතෝරු සහ ගෙතෝ සුගුරු දෙන්නාගේ මිත්‍රත්වය. Season 1 සහ Jujutsu Kaisen 0 චිත්‍රපටයේ අපිට සතුරෙක් විදිහට දකින්න ලැබුනු “ගෙතෝ සුගුරු”, ජුජුට්සු හයි එකේම “ගෝජෝ සතෝරු” එක්ක එක ගජ මිතුරෙක් විදිහට ඉන්න විදිහ අපිට දකින්න ලැබුනා. ඒ වගේම මේ Season 2 හි ආරම්භක තේමා ගීතයේ වගේම අවසාන තේමා ගීතයේ පවා අපිට දකින්න ලැබුනේ මේ දෙන්නගේ මිත්‍රත්වයම තමයි. ඉතින් මේ අරන් එන්නේ ගෝජෝ සතෝරුගේ අතීතය බවට අපිට දැන් පැහැදිලියි.🔥
කතාවේ ආරම්භය ගැන මතක් කරනවා නම්, මේ අපූරු යාළුවෝ දෙන්නට මෙහෙයුමක් ලැබෙන විදිහ පළවෙනි කොටසින්ම අපිට දකින්න ලැබුනා. ඒ තමයි “සේෂෝතයි” (Star Plasma Vessel) නමින් හඳුන්වන මධ්‍යම පාසල් කෙල්ලෙක්ව “Q” නමින් හඳුන්වන සංවිධානයේ ඝාතකයො අතින් මැරෙන්න කලින් බේරගෙන ජුජුට්සු හයි එකට අරගෙන එන එක. මේ කෙල්ලගේ ලොකු විශේෂත්වයක් තියෙනවා කියන දේ ලොකුවට නැතත් අපිට කතාව තුළින්ම ටිකක් පැහැදිලි වුනා. ජුජුට්සු හයි එකේ බලවත්ම කෙනෙක් විදිහට සලකන “ටෙන්ගෙන්-සමා” වෙනුවෙන් තමයි මේ කෙල්ලව අරගෙන එන්නේ. ඉතින් සිහියත් නැතුව ඉන්න මේ කෙල්ලව බේරගන්න වැඩේ ගෝජෝ, ගෙතෝ දෙන්නා හරිම ලේසියෙන් කළා කියන දේ අපිට පළවෙනි කොටස අවසානයේදි දකින්න ලැබුනා.
ඉතින් මේ දෙවෙනි කොටස ආරම්භ වෙන්නෙ මේ කෙල්ලව බේරගෙන සිහි නැතුව ඉන්න තැන ඉඳලයි. ඝාතකයො දෙන්නෙකුත් අන්තිමට ආවා. ඒ කියන්නෙ ඝාතකයො ගොඳුර තාම අත ඇරල නෑ. තවත් පිරිසක් මේ කෙල්ලගෙ පස්සෙන් එන ගමන් තියෙන්නෙ. ඒ අතරෙ තමාව “ෆුෂිගුරෝ” නමින් හඳුන්වන පුද්ගලයෙක් නොදන්නා තැනක නොදන්නා පිරිසක් එක්ක යම් ගනුදෙනුවකට එකඟ වෙනවා. පේන විදිහට මේ ෆුෂිගුරෝ එන්නෙත් අර කෙල්ල වෙනුවෙන්. මීළඟට මොකද වෙන්නෙ? නරඹන්න එහෙනම් මේ උද්වේගකර දෙවෙනි කොටස. එහෙනම් වෙනදා වගේම උපසිරැසිය ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ සතියෙදි Jujutsu Kaisen Season 2 Episode 3 එකෙන් මුණ ගැසෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Series Arc : Hidden Inventory/Premature Death
Episode Name : Hidden Inventory 2
Air Date : 2023.07.13
Runtime : 24 min.
IMDB Rating : 8.4
![]()
![]()
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
10,819 downloadsDownload Jujutsu.Kaisen.-S02E02.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2020
- #Adam McArthur
- #Asami Seto
- #Chris Tergliafera
- #Editor's Pick
- #Jujutsu Kaisen
- #Jujutsu Kaisen S02 Sinhala sub
- #Jujutsu Kaisen Season 2 Sinhala subtitles
- #Jujutsu Kaisen Sinhala sub
- #Jujutsu Kaisen sinhala subtitles
- #Junya Enoki
- #MaxxA
- #Mitsuo Iwata
- #Offbeat
- #Robbie Daymond
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Yûichi Nakamura
- #Yuma Uchida
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Sangeeth
Madhuranga Chamikara
අඩෝ තෑන්ක්ස් බං, අලුත් එපි ආවට බලන්නේ නෑ, බයිස්කෝප් එකෙන් සබ් එක දානකම්ම ඉවසන් ඉදලා බලන්නේ ❤️
Niroshan
Thank u so much brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akila Dilhara
Thanks Brother for Subtitles...❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![ජුජුට්සු කයිසන් [S02 : E02] Sinhala Subtitles | තෑගි මුදල් දඩයම! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/en.m.wikipedia.org-›-wiki_Jujutsu-Kaisen-season-2.jpg)



අනෙ බන් වොරියර් සීසන් 3 එකෙ සබ් එක දෙන්න බැයිද please