2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 3 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. මේ Season 2 හි ආරම්භය ගැන මතක් කරනවා නම් අපිට අලුත්ම ආරම්භයක් ලබා දුන්නා කියන කාරණාව පැහැදිලිවම පෙනෙන්න තිබුනු දෙයක්. අපිට දකින්න ලැබුන…

2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 3 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. මේ Season 2 හි ආරම්භය ගැන මතක් කරනවා නම් අපිට අලුත්ම ආරම්භයක් ලබා දුන්නා කියන කාරණාව පැහැදිලිවම පෙනෙන්න තිබුනු දෙයක්. අපිට දකින්න ලැබුනේ Season 1 හි අවසානයෙන් පසු ආරම්භයවත්, Jujutsu Kaisen 0 චිත්‍රපටයේ අවසානය හා සම්බන්ධ කතාවක්වත් නෙමෙයි. කතාවේ තේමා ගීතවලින් පවා ඒක අපිට දකින්න ලැබුනු අලුත් දෙයක් තිබුනා. ඒ තමයි ගෝජෝ සතෝරු සහ ගෙතෝ සුගුරු දෙන්නාගේ මිත්‍රත්වය. Season 1 සහ Jujutsu Kaisen 0 චිත්‍රපටයේ අපිට සතුරෙක් විදිහට දකින්න ලැබුනු “ගෙතෝ සුගුරු”, ජුජුට්සු හයි එකේම “ගෝජෝ සතෝරු” එක්ක එක ගජ මිතුරෙක් විදිහට ඉන්න විදිහ අපිට දකින්න ලැබුනා. ඒ වගේම මේ Season 2 හි ආරම්භක තේමා ගීතයේ වගේම අවසාන තේමා ගීතයේ පවා අපිට දකින්න ලැබුනේ මේ දෙන්නගේ මිත්‍රත්වයම තමයි. ඉතින් මේ අරන් එන්නේ ගෝජෝ සතෝරුගේ අතීතය බවට අපිට දැන් පැහැදිලියි.🔥
ඉතින් අපි දැන් මේ වෙන කොට කතාවෙ සිද්ධ වෙලා තියෙන්නෙ මොකක්ද කියලා කෙටියෙන් මතක් කර ගනිමු. ටෝකියෝ ජුජුට්සු හයි පාසලේ ගුරුතුමෙක් වෙන “යාගා මසමිචි” විසින් ගෝජෝ සතෝරු, ගෙතෝ සුගුරු දෙන්නට මෙහෙයුමක් භාර දෙනවා. ඒ තමයි “සේෂෝතයි” (Star Plasma Vassel) කියල හඳුන්වන කෙල්ලෙක්ව, ජුජුට්සු හයි එකේ කොඳු නාරටිය විදිහට හඳුන්වන “ටෙන්ගෙන්-සමා” කියන කෙනා ළඟට ආරක්ෂිතව අරගෙන එන එක. ඒ අතරෙ මේ කෙල්ලට තෑගි මුදලකුත් නිවේදනය කරල කෙල්ලගෙ පස්සෙන් ඝාතකයො එන ගමන් තියෙන්නෙ. මේ නිසා සල්ලිවලට මිනීමරන කණ්ඩායමක් එක්කත් ගැටෙන්න ගෝජෝ, ගෙතෝ දෙන්නට සිද්ධ වෙනවා. ඒත් පොඩි පොඩි සටන් වලින් පස්සෙ ඒ කෙල්ලව ආරක්ෂිතව ටෙන්ගෙන්-සමා ළඟට අරන් යන ගමන අරඹනවා. රිකෝ අමනයි කියන නමින් ඉන්න මේ කෙල්ලගෙ පස්සෙන් සල්ලිවලට ඝාතකයො එව්වෙ අපි කලින් කොටස් දෙකේ දැකපු “ෆුෂිගුරෝ” නමින් හඳුන්වන කෙනාම තමයි කියල අපිට දැනගන්න ලැබුනා.
මේ ෆුෂිගුරෝගේ ඉලක්කයත් මේ කෙල්ලගෙ වටේ ඉන්න මන්තරකාරයොත් ඉවරයක් කරල අන්තිමට කෙල්ලවත් ඉවරයක් කරන එකම තමයි. ඒ කියන්නෙ මේ ඉලක්කය ඇතුළෙ බලවත් ගෝජෝ සතෝරුත් ඉන්නවා. දැන් හැමෝම ආපහු ජුජුට්සු හයි එකට යන ගමන අරඹලයි තියෙන්නෙ. මේ ගමන මැද්දට එන්න ඉතුරු ෆුෂිගුරෝ විතරයි. ඒ කියන්නෙ තවත් සටනක් පටන් ගන්නවා කියන එක තමයි. මීළඟට මොකක් වේවිද?
Anime only ඇනිමෙ ෆෑන්ස්ලව හුඟක් කන්ෆියුස් කරපු වගේම දුකට පත් කරපු කොටසක් තමයි මේ කොටස. ඒ වගේම දැනට ආපු කොටස් තුනෙන් හොඳම වගේම ratings වැඩිම කොටස තමයි මේ කොටස. වැඩිය කියන්න දෙයක් නෑ, දැන් වැඩේ පැහැදිලි ඇතිනෙ. නරඹන්න එහෙනම් මේ උද්වේගකර කොටස. අතීතයේ අන්ධකාරය එහෙනම් මේ කොටසින් තමයි ඇරඹෙන්නේ. එහෙනම් වෙනදා වගේම උපසිරැසිය ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ සතියෙදි Jujutsu Kaisen Season 2 Episode 4 එකෙන් මුණ ගැසෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Series Arc : Hidden Inventory/Premature Death
Episode Name : Hidden Inventory 3
Air Date : 2023.07.20
Runtime : 24 min.
IMDB Rating : 9.7
![]()
![]()
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
9,658 downloadsDownload Jujutsu.Kaisen.-S02E03.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2020
- #Adam McArthur
- #Asami Seto
- #Chris Tergliafera
- #Editor's Pick
- #Jujutsu Kaisen
- #Jujutsu Kaisen S02 Sinhala sub
- #Jujutsu Kaisen Season 2 Sinhala subtitles
- #Jujutsu Kaisen Sinhala sub
- #Jujutsu Kaisen sinhala subtitles
- #Junya Enoki
- #MaxxA
- #Mitsuo Iwata
- #Offbeat
- #Robbie Daymond
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Yûichi Nakamura
- #Yuma Uchida
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Dilshan buddika
legnd
අනිත් ඒවත් ඉක්මනින් දෙන්ඩෝ ♥️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![ජුජුට්සු කයිසන් [S02 : E03] Sinhala Subtitles | නොසිතූ නොවිරූ අකල් මරණයන් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/en.m.wikipedia.org-›-wiki_Jujutsu-Kaisen-season-2.jpg)



Supiri