2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 5 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. මේ සීසන් එක “Hidden Inventory/Premature Death Arc” සහ “Shibuya Incident Arc” නමින් ප්‍රධාන Arc දෙකකින් සමන්විත බව මම මුලදීම සඳහන් කළා.…

2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 5 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. මේ සීසන් එක “Hidden Inventory/Premature Death Arc” සහ “Shibuya Incident Arc” නමින් ප්‍රධාන Arc දෙකකින් සමන්විත බව මම මුලදීම සඳහන් කළා. ඉතින් Hidden Inventory Arc එකට අනුව මේ Season 2 ආරම්භ වුනේ ගෝජෝ සතෝරුගේ අතීත කතාවකින් බව අපිට දකින්න ලැබුනා. ඒ අනුව Hidden Inventory Arc එක පසුගිය කොටසින් අවසන් වුනා. ඒ අනුව දිග හැරුනු ගෝජෝ සතෝරුගේ අතීත කතාව ඇතුළත් අවසාන කොටස තමයි මේ කොටස. මීළඟට Shibuya Incident Arc එකට යන්න කලින් මේ අතීත කතාවෙන් සිද්ධ වුනු දේ බොහොම කෙටියෙන් මතක් කර ගනිමු.
ගෝජෝ සතෝරු සහ ගෙතෝ සුගුරු කියල කියන්නෙ ගජ මිතුරන් දෙන්නෙක්. ජුජුට්සු උසස් පාසලේ ඉගෙන ගත්තු මේ දෙන්නා ශාපලත් ශිල්ප හැසිරවීම අතින් හරිම බලවත් දෙන්නෙක් වුනා. මේ දෙන්නගේ ගුරුවරයා වුනු යාගා මසමිචි විසින් මේ දෙන්නට මෙහෙයුමක් භාර දෙනවා. ඒ තමයි රිකෝ අමනයි කියන කෙල්ලව ආරක්ෂිතව ජුජුට්සු උසස් පාසලට අරන් එන එක. මේ කෙල්ලව “සේෂෝතයි” (Star Plasma Vessel) කියල විශේෂ නමකින් හැඳින්වුවා. ඒ මේ කෙල්ල මුළු ජුජුට්සු සමාජෙට වටිනා කෙල්ලෙක් වෙන නිසයි. සාර්ථක ව මේ කෙල්ලව අරගෙන එන අතරේ, අද්භූත හැකියාවක් තියෙන කෙනෙක් මේ ගෝජෝ, ගෙතෝ දෙන්නට පහර දෙනවා. ඒ සටනින් ගෙතෝ දරුණු තුවාල ලබන අතරෙ රිකෝ අමනයි සහ ගෝජෝ සතෝරු මිය යනවා. හැබැයි ඇත්තටම ගෝජෝ මිය ගියේ නෑ, මොකද තමන්ගෙ ජීවිතය තම අසීමිත බලයෙන් අවසානයෙන් ගොඩ ගන්නට ගෝජෝ සමත් වෙනවා. මරණින් නැගිට උමතු වුනු ගෝජෝ, මේ ප්‍රහාරය එල්ල කරපු කෙනාව ලේසියෙන්ම මරල දානවා. ඒ විදිහට මරල දාන්නේ මේ වෙනකොට ෆුෂිගුරෝ කියන නමින් ඉන්න, බලවත් වංශයක් වෙන සෙනින් වංශයේ “ටෝජි සෙනින්” වයි.
මුලදී පෙනුනු සතුරාත් දැන් මිය ගිහින්. ඒත් සමාජයේ ප්‍රශ්න තාමත් එහෙම්මමයි. මේ ප්‍රශ්න නැති කරන්නෙ කොහොමද? මේවායේ මූලය මොකක්ද? මූලය නැති කළොත් හැම ප්‍රශ්නයක්ම විසඳෙයිද? මේ ප්‍රශ්නය විසඳන්න පටන් ගන්නෙ කවුද? ගෝජෝ සතෝරු සමඟින් ගෙතෝ සුගුරු දෙන්නගේ අතීත කතාව මේ කොටසින් අවසාන වෙනවා. බලන්න එහෙනම් මේ කොටසින් සිද්ධ වෙන්නෙ මොකක්ද කියලා. අතීතය ඉවර වුනා කියන්නෙ අපි ආයෙත් එන්නේ වර්තමානයට. ඒ කියන්නෙ ඉතදොරි යූජි, මෙගුමි ෆුෂිගුරෝ ඉන්න කාලයට. ඒ අනුව මීළඟට අපි මුණ ගැහෙන්නේ අලුත්ම Story Arc එකකින්. ඒත් නිවේදනය කරපු Broadcasting Schedule එක අනුව මීළඟ කොටසට ඇතුළත් වෙන්නෙ Recap Episode එකක්. ඒ කියන්නෙ මෙතෙක් මුළු කතාවෙ කතා සාරාංශයක්. එහෙනම් ඒ කොටසින් මුණ ගැහෙමු. වෙනදා වගේම උපසිරැසිය ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ සතියෙදි Jujutsu Kaisen Season 2 Episode 6 එකෙන් මුණ ගැසෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Series Arc : Hidden Inventory/Premature Death
Episode Name : Premature Death
Air Date : 2023.08.03
Runtime : 24 min.
IMDB Rating : 9.2
![]()
![]()
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
9,575 downloadsDownload Jujutsu.Kaisen.-S02E05.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2020
- #Adam McArthur
- #Asami Seto
- #Chris Tergliafera
- #Editor's Pick
- #Jujutsu Kaisen
- #Jujutsu Kaisen S02 Sinhala sub
- #Jujutsu Kaisen Season 2 Sinhala subtitles
- #Jujutsu Kaisen Sinhala sub
- #Jujutsu Kaisen sinhala subtitles
- #Junya Enoki
- #MaxxA
- #Mitsuo Iwata
- #Offbeat
- #Robbie Daymond
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Yûichi Nakamura
- #Yuma Uchida
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
amira
Dilshan buddika
සුපිරි ❤
daddy
ft
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akila Dilhara
Thanks Brother...❤
Kavee
Thank you very much sahoo ❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![ජුජුට්සු කයිසන් [S02 : E05] Sinhala Subtitles | අඳුරු අතීතයෙන් රුදුරු වර්තමානයට… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/en.m.wikipedia.org-›-wiki_Jujutsu-Kaisen-season-2.jpg)



papat gala sub tika damu me danakm balan hitiye