ඔන්න දැං ටිකෙන් ටික කතා මාලාවෙ අවසාන හරියටත් කිට්ටු වෙලා තියෙන්නේ. මේ අභිරහස් අවතාර කතාවේ ඇත්ත නැත්ත දැනගන්න ඔයාලට තව එපිසෝඩ් තුනයි බලන්න තියෙන්නේ. ඒ ටික ඇතුලත ඔයාලට නොසිතූ දේවල් ගොඩක් දැනගන්න පුළුවන් වෙයි. මේ වෙනකොට මේ කතා මාලාවට MyDramaList එකේ 4300 කට වැඩි මනාප සංඛ්‍යාවකින් 8.7 සෑහෙන්න ඉහල අගයක්…

ඔන්න දැං ටිකෙන් ටික කතා මාලාවෙ අවසාන හරියටත් කිට්ටු වෙලා තියෙන්නේ. මේ අභිරහස් අවතාර කතාවේ ඇත්ත නැත්ත දැනගන්න ඔයාලට තව එපිසෝඩ් තුනයි බලන්න තියෙන්නේ. ඒ ටික ඇතුලත ඔයාලට නොසිතූ දේවල් ගොඩක් දැනගන්න පුළුවන් වෙයි. මේ වෙනකොට මේ කතා මාලාවට MyDramaList එකේ 4300 කට වැඩි මනාප සංඛ්‍යාවකින් 8.7 සෑහෙන්න ඉහල අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම කතා මාලාව මේ වෙනකොට විකාශනය වෙලත් ඉවරයි. එහෙනම් අපි මේ නවවෙනි කතාංගෙ පැත්තට හැරෙමු. මේක විකාශය වුණේ ජූලි 21 වෙනිදා, ඒ වගේම IMDb දර්ශකේ මේ වෙනකොට මේ කතාංගෙට 8.5 ඉහල අගයක් ලැබිල තියෙනවා.

දැං ඉතිං කතාවෙ හොඳම හරියට ඇවිත් තියෙන නිසා මං වැඩියෙන් මුකුත් කියන්න යන්නෑ. පොඩි විස්තරයක් කියන්නම් මේ කොටස ගැන, දැං ඔයාල හැමෝම දන්නවා ඇතිනෙ කවුද මේ යක්ෂ ආත්මෙ කියලා. ඔව්, ඒ අපේ පරීක්ෂක මහත්වරු විමර්ශනය කරලා හොයාගත්ත ලී මොක්දන්. ඒත් ඇත්තටම එයාද යක්ෂ ආත්මෙ? මේ ගැන සෝ පරීක්ෂක දෙයක් හොයාගන්නවා, ඒ හොයාගත්ත දේ නිසාම ඔහුට මහා කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ කොටසෙදි. ඉතිං මේ සිද්ධ වෙන මිනීමැරුම් නිසා කනස්සල්ලට පත්වෙන සං‍යොන් තීරණේ කරනවා අනික් අයව මේ ප්‍රශ්නෙන් ඈත් කරලා ඇය තනියම මේකට විසඳුමක් හොයාගන්න. ඒ අනුව ඇය ලී මොක්දන්ගෙ ඝාතනයෙ සැබෑ ඇත්ත නැත්ත මේ කොටසෙදි හොයාගන්නවා. ඒත් එක්කම තවත් නොසිතූ ප්‍රශ්න රාශියත් මතුවෙන්නත් ගන්නවා. ඒ මොනවාද කියලා ඔයාලට මේ කොටසින් බලාගන්න පුළුවන්.

එහෙනම් තව එපිසෝඩ් තුනයි තියෙන්නේ. ඒ ටික නම් පරක්කු නොකර අනිවා එක දිගට දෙන්න අපි පොරොන්දු වෙනවා. එහෙනම් දහවෙනි කොටසින් හමුවෙමු. ජයවේවා!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,546 downloadsDownload Revenant.S01E09.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

1,546 downloadsDownload Subtitles20 KB

1 comment

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P