2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 4 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. කියනවා වගේම මේ Seadon 2 එක action, adventures වලින් පිරුනු එකක් බව ඔයා දැනටමත් දන්න දෙයක්. ඒ වගේම comedy පැත්තත් සමබරව කතාවට එකතු කරල ත…

2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 4 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. කියනවා වගේම මේ Seadon 2 එක action, adventures වලින් පිරුනු එකක් බව ඔයා දැනටමත් දන්න දෙයක්. ඒ වගේම comedy පැත්තත් සමබරව කතාවට එකතු කරල තියෙන විදිහත් හරිම අපූරු බව දකින්න ලැබුනා.
දැන් 4 වෙනි කොටසට යන්න කලින් කතාවෙ මේ වෙද්දි සිද්ධ වෙලා තියෙන දේ අපි කෙටියෙන් මතක් කර ගනිමු. ඇත්තටම පසුගිය කොටස් තුන ගත්තත් මේ වෙනකොට කතාවෙත් හුඟක් දේවල් සිද්ධ වෙලා ඉවර බව අපිට දකින්න ලැබුනා. ජුජුට්සු හයි හි ගුරුවරයෙක් වෙන යාගා මසමිචිගේ නියෝගයකට අනුව “රිකෝ අමනයි” කියන මධ්‍යම පාසල් ශිෂ්‍යාව, ඇය පසුපස හඹා එන ඝාතකයන්ගෙන් බේරගෙන ආපහු ජුජුට්සු හයි වෙත රැගෙන එන වැඩේ ගෝජෝ සතෝරු සහ ගෙතෝ සුගුරු දෙන්නට ලැබුනා. කියපු විදිහටම ඒ කෙල්ලව බේරගෙන ආපහු එන අතරෙදි, ඇත්තටම ජුජුට්සු හයි හි සීමාව ඇතුළෙදිම නන්නාඳුනන කෙනෙක්ගෙන් නොසිතූ නොවිරූ ප්‍රහාරයකට මැදි වෙන්න ගෝජෝ, ගෙතෝ දෙන්නට සිද්ධ වෙනවා. ඒ අතරෙ කෙල්ලව අරගෙන යන වැඩේ ගෙතෝට භාර දීලා අර ප්‍රහාරකයාට තනියම මුහුණ දෙන්න ගෝජෝ තීරණය කරනවා. ඒ සටන අතරෙදිත් වෙන්නෙ නොසිතූ නොවිරූ දෙයක්. ඒ තමයි ගෝජෝ සතෝරුට එල්ල වෙන දරුණු ප්‍රහාරයක් නිසා බරපතල හානි සමඟින් ගෝජෝ සතෝරුව මරණයට පත් වුනු එක. ඊට පස්සෙ මේ කිසි දෙයක් නොදන්න කෙල්ලත් මේ කෙනාගෙම වෙඩි ප්‍රහාරයකින් මරණයට පත් වෙනවා. මේ හැමදේම ගෙතෝ සුගුරුට අදහගන්න බැරි දේවල්. ඒ වගේම දැන් ඉතුරු ගෙතෝ සුගුරු විතරයි. තමන්ගෙ මිත්‍රයගෙ වගේම කෙල්ලගේ මරණය වෙනුවෙන් පළිගැනීමේ සටන ගෙතෝ අරඹනවා. මතකයිනේ, ගෝජෝ සතෝරු වගේ නෙමෙයි ගෙතෝ සුගුරු කියන්නෙ ශාප හැසිරවීමේ දක්ෂයෙක්.
මීළඟට මොකක් සිද්ධ වේවිද? අද කොටස එතැන් පටන් ඇරඹෙනවා. වැඩි දෙයක් කියන්නෙ නෑ, මොකද මේ කොටස hype episode එකක් බව හුඟ දෙනෙක්ගේ බලාපොරොත්තුවක්. ඒ වගේම මේ කොටස තමයි “Hidden Inventory Arc” එකේ අවසාන කොටස. මීළඟ කොටස වෙන 5 වෙනි කොටස තමයි ගොජෝගේ අතීතය ඇතුළත් කොටස්වලින් අවසාන කොටස. ඒ කොටස “Premature Death Arc” නමින් නිකුත් වෙනවා. නරඹන්න එහෙනම් මේ උද්වේගකර කොටස. වෙනදා වගේම උපසිරැසිය ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ සතියෙදි Jujutsu Kaisen Season 2 Episode 5 එකෙන් මුණ ගැසෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Series Arc : Hidden Inventory/Premature Death
Episode Name : Hidden Inventory 4
Air Date : 2023.07.27
Runtime : 24 min.
IMDB Rating : 9.7
![]()
![]()
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
9,852 downloadsDownload Jujutsu.Kaisen.-S02E04.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2020
- #Adam McArthur
- #Asami Seto
- #Chris Tergliafera
- #Editor's Pick
- #Jujutsu Kaisen
- #Jujutsu Kaisen S02 Sinhala sub
- #Jujutsu Kaisen Season 2 Sinhala subtitles
- #Jujutsu Kaisen Sinhala sub
- #Jujutsu Kaisen sinhala subtitles
- #Junya Enoki
- #MaxxA
- #Mitsuo Iwata
- #Offbeat
- #Robbie Daymond
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Yûichi Nakamura
- #Yuma Uchida
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Dilshan buddika
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![ජුජුට්සු කයිසන් [S02 : E04] Sinhala Subtitles | අසීමිතයෙන් දකින අවසානය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/en.m.wikipedia.org-›-wiki_Jujutsu-Kaisen-season-2.jpg)



සුපිරි ❤️