මේ Spring Season එකේ Most Hype ම ඇනිමෙ සීරීස් එක වෙන උද්වේගකර Demon Slayer Season 3 හි Episode 9 එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ. වැඩි වර්ණනාවක් නැතුව, වෙනද වගේම අලුත් කොටසට යන්න කලින් මෙතෙක් කතාවෙ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු.✌️ සැඟවුණු අසිපත් සාදන්නන්ගේ ගම්මානයට ඉහළ නිළයේ පස්වෙනි යක්ෂයා සහ හතරව…

මේ Spring Season එකේ Most Hype ම ඇනිමෙ සීරීස් එක වෙන උද්වේගකර Demon Slayer Season 3 හි Episode 9 එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ. වැඩි වර්ණනාවක් නැතුව, වෙනද වගේම අලුත් කොටසට යන්න කලින් මෙතෙක් කතාවෙ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු.✌️

සැඟවුණු අසිපත් සාදන්නන්ගේ ගම්මානයට ඉහළ නිළයේ පස්වෙනි යක්ෂයා සහ හතරවෙනි යක්ෂයා ප්‍රහාරයන් දියත් කරල අවසානයි. තන්ජිරෝ, නෙසුකෝ, ගෙන්යා, මීදුම් හෂිරා සහ ආදර හෂිරා ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර අවසානයි. ඉහළ හතරවෙනි යක්ෂයාගෙන් වෙන් වුනු හැඟීම් යක්ෂයින් හතරදෙනා ඒකාබද්ධ වෙලා එක් අයෙක් බවට පත් වෙමින් සැබෑ දරුණු යක්ෂයෙක් නිර්මාණය වීම නිසා තන්ජිරෝ, නෙසුකෝ, ගෙන්යා විසින් ඉහළ හතරවෙනියාට එරෙහිව ඇරඹි සටන තවත් දරුණු අතට හැරුනා.

ඉහළ නිළයේ පස්වෙනි යක්ෂයාගේ Blood Demon Art එකට හසු වුනු මීදුම් හෂිරා වෙන මුයිචිරෝ තොකිතෝ ඒකෙන් ගැලවිලා නැවතත් සටන අරඹනවා. ඒ වගේම මුයිචිරෝගේ අතීත කතාවත් අපිට දකින්න ලැබුනා. තරමක් දුක්බර අතීතයක් උරුම වුනු මුයිචිරෝ තොකිතෝ, තමන්ගේ Demon Slayer Mark එක අවධි කරගෙන තමන්ගෙ අද්විතීය හැකියාවන් ඔස්සේ ඉහළ නිළයේ පස්වෙනි යක්ෂයා වෙන ගියොක්කොගේ ගෙල හඹා යාම අරඹනවා. ඉතින් මීදුම් හෂිරාගේ සීතල මීදුමෙන් ගැලවෙන්න ගියොක්කොට හැකි වේවිද? නැත්නම් ගියොක්කොගෙ මත්ස්‍ය හැකියා වලින් සීතල මීදුම තුනී වේවිද? Demon Slayer කතා මාලාවේ තවත් ඉහළ නිළයකට එරෙහිව හෂිරා වරයෙක් ගෙනයන තුන්වන සටනයි මේ ඇරඹෙන්නේ. ඒ වගේම මේක ඉහළ නිළයකට එරෙහිව හෂිරා වරයෙක් තනිවම ගෙනයන සටනක්.🔥

නරඹන්න එහෙනම් මේ උද්වේගකර කොටස. ඒ වගේම අපි ටිකෙන් ටික Demon Slayer Season 3 Swordsmith Village Arc හි අවසානයට ළං වෙමිනුයි ඉන්නේ. මේ උපසිරැසිය ගැන පහලින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟට Episode 10 න් මුණගැහෙමු. එතෙක් හැමෝටම ජය වේවා.👋

ලංකන් Weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Episode Name : MIST HASHIRA MUICHIRO TOKITO
Air Date : 2023.05.04
Runtime : 24 min.
IMDB Rating : 8.7

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.

8,267 downloadsDownload Demon.Slayer.Kimetsu.no_.Yaiba_.S03E09.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

8,267 downloadsDownload Subtitles14 KB

10 comments

  1. Shanaka Lakmal

    Thank you very much for this subtitle ,btother

  2. Dilshan buddika

    Supiri ❤️‍

  3. Anonymous

    Thanks

  4. Navodya Vidyanga

    Thanks bro

  5. Chamath

    Thanks broo.. 10 ikmnata ona

  6. Minindu Tharushapriya

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.❤️❤️❤️ මොකෝ මේ Demon slayer eka balana set eka adu wela තියෙන්නේ ?

  7. nirosha

    mekata abbahi wela inne

  8. Tharindu

    Sub ekata thanks .mewage japan anime tikakata sub denna

  9. Akila Dilhara

    Thanks Brother...

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P