මේ Spring Season එකේ Most Hype ම ඇනිමෙ සීරීස් එක වෙන උද්වේගකර Demon Slayer Season 3 හි Episode 8 එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ. වැඩි වර්ණනාවක් නැතුව, වෙනද වගේම අලුත් කොටසට යන්න කලින් මෙතෙක් කතාවෙ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු.✌️ අලුත් අසිපතක් ලබා ගැනීමේ අරමුණින් තන්ජිරෝ කමාඩෝ යක්ෂ නාශක බලකායේ නි…

මේ Spring Season එකේ Most Hype ම ඇනිමෙ සීරීස් එක වෙන උද්වේගකර Demon Slayer Season 3 හි Episode 8 එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ. වැඩි වර්ණනාවක් නැතුව, වෙනද වගේම අලුත් කොටසට යන්න කලින් මෙතෙක් කතාවෙ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු.✌️

අලුත් අසිපතක් ලබා ගැනීමේ අරමුණින් තන්ජිරෝ කමාඩෝ යක්ෂ නාශක බලකායේ නිචිරින් අසිපත් සාදන අසිපත් සාදන්නන්ගේ ගම්මානයට පැමිණෙනවා. සහෝදර යක්ෂ නාශකයෙක් වෙන ගෙන්යා ශිනසුගවා, මීදුම් හෂිරා වෙන මුයිචිරෝ තොකිතෝ සහ ආදර හෂිරා වෙන මිට්සුරි කන්රොජි ත් මේ ගමේදි තන්ජිරෝට මුණ ගැහෙනවා. හිටි හැටියේම මේ සැඟවුනු ගම්මානයට යක්ෂයින්ගේ ප්‍රහාරයක් එල්ල වෙනවා. ආකාර දෙකකට එල්ල කරන මේ ප්‍රහාරය දියත් කරන්නේ ඉහළ පෙළේ පස්වෙනි යක්ෂයා වෙන ගියොක්කො සහ ඉහළ පෙළේ හතරවෙනි යක්ෂයා වෙන හන්ටෙන්ගු විසිනුයි. තන්ජිරෝව ඝාතනය වෙනුවෙන් හන්ටෙන්ගුත්, ගම විනාශ කිරීම වෙනුවෙන් ගියොක්කොත් තම පියවරයන් ඉදිරියට තබනවා. ඒත් සටනේදී නොසිතූ නොවිරූ විදිහට හන්ටෙන්ගුගෙන් බෙදී ගිය හැඟීම් යක්ෂයින් හතර දෙනාව ඝාතනය කරන වැඩේ තන්ජිරෝ, නෙසුකෝ, ගෙන්යා කියන තුන් දෙනා ආරම්භ කරනවා. මේ හතරදෙනාත් එක්ක වුනු දරුණු සටනකින් පස්සෙ අන්තිමට මේ හතරදෙනාට අමතරව තවත් පස්වෙනි යක්ෂයෙකුත් ඉන්න බවට තන්ජිරෝ දැනගන්නවා. ඒ පස්වෙනියාව විනාශ කිරීමේ අද්දරට යද්දී, සිද්ධ වුනේ අමුතුම දෙයක්. ඒ තමයි කලින් හිටපු හැඟීම් යක්ෂයින් හතරදෙනා ඒකාබද්ධ වෙලා එක් අයෙක් බවට පත් වෙමින් සැබෑ දරුණු යක්ෂයෙක් නිර්මාණය වුනු එක. ඒ යක්ෂයා කොච්චරක් භයානකයිද කියනවා නම් මේ යක්ෂයා පිට කරන fear එක, කොටින්ම යක්ෂයාගේ aura එක තන්ජිරෝ, නෙසුකො, ගෙන්යා කියන තුන් දෙනාට දැනෙන්න පටන් ගන්නවා. ඒ විදිහට ඉහළ හතරවෙනියාට එරෙහිව පැවතුණු සටනත් ආයෙත් ආරම්භ වෙනවා.🔥

අනිත් පැත්තෙන් මුයිචිරෝ සහ මිට්සුරි ගම ආරක්ෂා කිරීම වෙනුවෙන් රාජකාරිය ඉටු කරන්නට පටන් අරගෙනයි තියෙන්නෙ. ඒ අතරින් ඉහළ පස්වෙනියා වෙන ගියොක්කොව මුණ ගැහුනු මුයිචිරෝ, ඉතාමත් කෙටි සටනකින් ගියොක්කොගේ Blood Demon Art එකකට හසු වෙලා කිසි දෙයක් කර කියාගන්න බැරි තත්වයට පත් වෙනවා. ඒත් ගමේ හිටපු කොතෙත්සුගේ නොසිතූ උදව්වකින්, බලාපොරොත්තු අත් හැරලා මරණය පෙනි පෙනී හිටපු මුයිචිරෝට Blood Demon Art එකෙන් ගැලවිලා ආයෙත් සටනට මුල පුරන තැනට ගමන් අරඹන්න පුලුවන් වෙනවා. අද සටන අන්න එතනින් ආරම්භ වෙනවා.🔥

ඉහළ පස්වෙනි යක්ෂයාට එරෙහිව මීදුම් හෂිරාගේ සටන කොයි ආකාරයට ගලා යාවිද? ඉහළ නිලයේ යක්ෂයෙකුට එරෙහිව හෂිරා කෙනෙක් ගෙනයන සටනක් නැවතත් ආරම්භ වෙනවා. කොහොමත් ඉස්සරහට එන්නෙ මේ සීසන් එකේ action වැඩිම කොටස් ටික තමයි. ඒ action pack එක මේ කොටසින් ආරම්භ වෙනවා. නරඹන්න එහෙනම් මේ උද්වේගකර කොටස. මේ උපසිරැසිය ගැන පහලින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟට Episode 9 න් මුණගැහෙමු. එතෙක් හැමෝටම ජය වේවා.👋

ලංකන් Weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Episode Name : The Mu in Muichiro
Air Date : 2023.05.28
Runtime : 24 min.
IMDB Rating : 8.8

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.

8,566 downloadsDownload Demon.Slayer.Kimetsu.no_.Yaiba_.S03E08.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

8,566 downloadsDownload Subtitles14 KB

7 comments

  1. Navodya Vidyanga

    Thanks digatama dapan kollo giya davas tike pissu vage hitiyee meka nathuva

  2. nirosha

    denakam hamadama awith baluwa thanks

  3. Minindu Tharushapriya

    Thank u bro sub ekata godak kal balagena hitiya...

  4. kalana

    digatama sub danna godk kal balan hitiya meka enakn ,thank you very much

  5. Anonymous

    ❤❤

  6. Akila Dilhara

    Thanks Brother...

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P