Watch Trailer

Citadel [S01 : E01] Sinhala Subtitles | සිටඩෙල් රහස් ඔත්තු සේවය [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් සෑහෙන කාලෙකට පස්සෙ ආයෙම රූපවාහිනි කතාමාලාවකට උපසිරැසි කරන්න ආසාවක් ආව නිසා Amazon Prime ලගෙ අලුත්ම සිරීස් එකක් වුන CITADEL කතා මාලාවට උපසිරැසි කරන්න ඕන කියලා හිතුනා. ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් වගේ ලොකු මුදලක් යොදවලා තමයි මේ කතාමාලාව නිර්මාණය කරලා තියෙන්නෙ. පළවෙනි සීසන් එක කොටස් හයකින්…

ඔන්න එහෙනම් සෑහෙන කාලෙකට පස්සෙ ආයෙම රූපවාහිනි කතාමාලාවකට උපසිරැසි කරන්න ආසාවක් ආව නිසා Amazon Prime ලගෙ අලුත්ම සිරීස් එකක් වුන CITADEL කතා මාලාවට උපසිරැසි කරන්න ඕන කියලා හිතුනා. ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් වගේ ලොකු මුදලක් යොදවලා තමයි මේ කතාමාලාව නිර්මාණය කරලා තියෙන්නෙ. පළවෙනි සීසන් එක කොටස් හයකින් සමන්විත වෙනවා. එතකොට සාමාන්‍යයක් විදිහට ගත්තම එක කොටසක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් වගේ වැය කරලා තියනවා. මේ ලිපිය ලියන මොහොත වෙනකොට කතාව කොටස් හයෙන් පහක්ම ටෙලිකාස්ට් වෙලා ඉවරයි. ඉතිං පළවෙනි කොටසෙ උපසිරැසිය ඔයාලට මෙහෙම ලැබෙනකොට අනික් එපිසෝඩ් සියල්ලටමත් උපසිරැසි සකස් කරලා ඉවර කරලයි තියෙන්නෙ.

කතාවට ප්‍රධාන චරිත විදිහට රිචර්ඩ් මැඩන් – මේසන් කේන් විදිහටත්, ප්‍රියන්කා චොප්රා – නාඩියා සිං විදිහටත් කතාවට සම්බන්ධ වෙනවා. මේ වනවිට IMDb දර්ශකයේ 6.2/10 අගයක් ලබාගෙන තියනවා. කතාව මේකයි, සිටඩෙල් කියලා රහස් ඔත්තු සේවයක් තියනවා. මේකෙ විශේෂත්වය තමා මෙයාලා කාටවත් පක්ෂපාති නැහැ. මෙයාලා ඉන්නෙ මිනිස්සුන්ගෙ යහපත වෙනුවෙන් ක්‍රියා කරන්න. ඉතිං හොද පැත්තක් තියනකොට නරක පැත්තකුත් තියෙන්න එපැයි. ඉතිං සිටඩෙල් වල හතුරා තමයි මැන්ටිකෝර් කියන රහස් ඔත්තු සංවිධානය. කතාවෙ යන කාලෙ වෙනකොට සිටඩෙල් සම්පූර්ණයෙන්ම බිඳවැටිලා තියෙන්නෙ. නියෝජිතයො සේරම වගේ මිය ගිහින්. ඉතුරු වෙලා ඉන්න අයගෙත් මතකය නැති කරලා තියෙන්නෙ. ඉතිං අපි බලමු මොකක්ද සිටඩෙල් වලට වුනේ, කවුද මෙයාලව පාවලා දුන්නෙ කියලා. එහෙනම් ක්‍රියාදාම සපිරි කොටස් හයකින් සමන්විත කතා මාලාවෙ පළමු කොටස රස විදීමට හැමෝටම ආරාධනා කරන ගමන් දෙවන කොටසින් හමුවීමෙ බලාපොරොත්තුව ඇතිව මම සමුගන්නවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

5,644 downloadsDownload Citadel.S01E01.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

5,644 downloadsDownload Subtitles23 KB

10 comments

  1. Shaggy

    Thank you

  2. Ms

    Better call saul season 4 eke idan ituru tika dennko baiscopelk

  3. Rukshan

    සබ් එකට තෑන්ක්ස්.
    වෙන සයිට් එකකින් දීල තිබ්බත් ගන්න ගියෙ නෑ උඹල දෙයි කියල හිතලා.
    උඹලගෙ තමයි බඩු ශුවර් ❤️

  4. Kanishka

    Black mirror tv series ekath sub dennako

  5. විමා

    සබට බෝම ස්තුතියි බන්.

  6. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  7. Prasanga

    thanks

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. Minu

    Godak sthuthi..Jaya wewa!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P