2023 වසරේ Spring Season එකේ Most Hype ම ඇනිමෙ සීරීස් එක වුනු Demon Slayer Season 3 Swordsmith Village Arc හි 11 වෙනි කොටස, එහෙම නැත්නම් අවසාන කොටසේ සිංහල උපසිරැසිය සමඟිනුයි ලංකන් weebs අපි ඔයාලා හමුවට එන්නේ. ඉතින් විශේෂ යමක් අමුතුවෙන් කියන්න නම් නෑ මේ වෙද්දි හැමෝම දන්නවා මේ කතාවට තියෙන උන්මාදය ගැන.…

2023 වසරේ Spring Season එකේ Most Hype ම ඇනිමෙ සීරීස් එක වුනු Demon Slayer Season 3 Swordsmith Village Arc හි 11 වෙනි කොටස, එහෙම නැත්නම් අවසාන කොටසේ සිංහල උපසිරැසිය සමඟිනුයි ලංකන් weebs අපි ඔයාලා හමුවට එන්නේ. ඉතින් විශේෂ යමක් අමුතුවෙන් කියන්න නම් නෑ මේ වෙද්දි හැමෝම දන්නවා මේ කතාවට තියෙන උන්මාදය ගැන. අපේ රටේ ප්රේක්ෂකයන් මේ කතාව කොයි විදිහෙන් දකිනවා වුනත් ලෝක මට්ටමින් ගත්තම Demon Slayer කියල කියන්නෙ දැන් වැඩිම fan base එකකින් යුතු ඇනිමෙවලින් එකක්.🔥 මොකද මේක දැන් ඒ තරමටම උන්මාදයක්, කොටින්ම පිස්සුවක් වුනු කතාවක් වෙලා අවසානයි. ඉතින් හැමෝම කතාව ගැන දන්න නිසා කතාවෙ මොන වගේද, වෙන්නෙ මොකක්ද කියන දේ පුන පුනා කියන්න ඕනිත් නෑ. අනාගතයේදීත් මේ උන්මාදය වැඩි වෙනවා මිසක් කිසි වෙලාවක අඩු වෙන්නේ නැති බව නම් ස්ථිරයි.❤️
අපි දැන් අවසාන කොටස පැත්තට හැරෙමු. මේ කොටස “A Connected Bond:Daybreak and First Light” ලෙසින් නම් කරල තියෙනවා. මිනිත්තු 51 ක් පුරා දිවෙන මේ කොටස තමයි දැනට වැඩිම ධාවන කාලයකින් යුතු කොටස වෙන්නේ. ඒ වගේම මේ කොටස තමයි මේ වෙද්දි IMDB දර්ශකයේ 9.6 ක අගයක් සමඟින් වැඩිම rating අගයක් ලබා ගත් කොටස වෙන්නෙ. ඒ වගේම මේ Season 3 එක MyAnimeList හි 8.51 ක ඉහළ අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම විශේෂ කාරණාව තමයි මේ අවසාන කොටස ඒකට තිබුනු fan hype එක නිසාම crunchyroll streaming servers පවා crashed කරන්නට සමත් වුනා කියන එක.🔥මීට කලින් Demon Slayer කිසිම වෙලාවක streaming service එකක් crashed කරන්නට සමත් වුනේ නෑ. ඒ වගේම මේක plot twist episode එකකුත් වෙනවා. ඉතින් මේ කොටසේ තියෙන hype එක ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.
ඉතින් කොහොමද මේ Season 3 එකේ කතාව ගලා ගිය විදිහ කෙටියෙන් මතක් කර ගත්තොත්… එහෙනම් අපි කෙටියෙන් මතක් කර ගනිමු. Demon Slayer Season 2 අවසානයේදී ඉහළ නිළයේ හයවෙනි යක්ෂයා එක්ක සිද්ධවුනු විනාශකාරී භයානක සටනින් තුවාල ලබපු තන්ජිරෝ ඇතුළු කණ්ඩායම මාස ගණනක් තිස්සේ සුවය ලබමින් ඉන්නවා. තන්ජිරෝට කලින් සුවය ලබපු සෙනිට්සු සහ ඉනොසුකේ දෙන්නාට වෙන වෙනම මෙහෙයුම් පැවරිලා ඒ දෙන්නම ඒ වෙනුවෙන් පිටත් වෙලා යනවා. හැබැයි ඉතින් මේ සටනින් වුනු තුවාල නිසාම තන්ජිරෝට තමන්ගෙ යක්ෂ නාශක ගමනේ අසිපත් පුහුණුව ආයෙත් පටන් ගන්න සිද්ධ වෙනවා. ඒ මදිවට ආයෙත් පාරක් අන්තිම සටනෙදි තන්ජිරෝ තමන්ගෙ අසිපත කඩා ගත්තු නිසා දැන් අසිපතකුත් නෑ. සටනින් පස්සෙ මාස ගානක් ගත වුනත් තාමත් අලුත් අසිපතක් ඇවිත් නෑ. මේ නිසා තන්ජිරෝ තීරණය කරනවා එයාගෙ අසිපත් සාදන්නා වෙන “හගනෙසුකා” ව හොයාගෙන අසිපත් සාදන්නාගේ ගම්මානයට යන්න. සැඟවුණු ගම්මානයක් විදිහට තියෙන මේ ගමට යන්න තියෙන්නෙත් අමුතුම විදිහකටයි. ගමේදී තන්ජිරෝට හරිම උණුසුම් පිළිගැනීමක් ලැබෙනවා වගේම යක්ෂ නාශක සාමාජිකයෙක් වෙන ශිනසුගවා ගෙන්යා, ආදර හෂිරා(Love Hashira) වෙන මිට්සුරි කන්රොජි සහ මීදුම් හෂිරා(Mist Hashira) වෙන තොකිතෝ මුයිචිරෝ වත් මුණ ගැහෙනවා.
අසිපත් සටන් පුහුණුව වෙනුවෙන්ම නිර්මාණය කරපු මේ ගමේ තියෙන යොරීචි යන්ත්රය මුල් ආකෘතියෙනුත් (Yoriichi Type Zero) සටන් පුහුණු වෙන තන්ජිරෝ හරිම අමාරුවෙන් ඒ යන්ත්රය පරාජය කළාට පස්සෙ ඒ යන්ත්රය ඇතුලෙ තිබිලා මළකඩ කාපු අසිපතකුත් තන්ජිරෝට හම්බවෙනවා. ඒත් ඒ අසිපත අන්තිමේදි, අසිපත් සාදන හගනෙසුකා අරගෙන අලුත්ම අසිපතක් තන්ජිරෝට දෙනවා. එතකොට දැන් තන්ජිරෝගේ අසිපතේ අඩුවත් පිරවුනා.
ඒ අතරෙ අද්භූත පුද්ගලයින් දෙන්නෙක් මේ ගමේ සැරිසරන්න පටන් අරගෙන තියෙනවා. කවුද මේ දෙන්නා? ඒ තමයි ඉහළ පස්වෙනි යක්ෂයා වෙන “ගියොක්කො” සහ ඉහළ හතරවෙනි යක්ෂයා වෙන “හන්ටෙන්ගු”. මුලින්ම මුයිචිරෝගෙයි තන්ජිරෝගෙයි මුහුණ ඉස්සරහටම එන්නෙ තමන්ගෙ හැඟීම් කොයි වෙලෙත් පිට කර කර ඉන්න හන්ටෙන්ගු. හරිම ලේසියෙන් මේ හන්ටෙන්ගුගේ බෙල්ල මුයිචිරෝ කපල දැම්මත් අන්තිමේදි වුනේ මේ කැපුණු ඔළුවෙන් අලුත් කඳකුත්, ඉතුරු වුනු කඳට අලුත් ඔලුවකුත් ඇවිත් අලුත් යක්ෂයින් දෙන්නෙක් මතු වුනු එක. අනිත් පුදුමය තමයි මේ ගමේ හිටපු යක්ෂ නාශක ගෙන්යා ශිනසුගවා තුවක්කුවක් පාවිච්චි කරපු එක. නිචිරින් අසිපතක් වෙනුවට නිචිරින් උණ්ඩ පාවිච්චි කරල යක්ෂයින් මරා දමන ගෙන්යා, මේ අලුත් යක්ෂයින් දෙන්නටත් වෙඩි තියන්න සමත් වෙනවා. හැබැයි ආයෙත් වුනේ කලින් සිද්ධ වුනු විදිහටම ඔලුවෙනුයි කඳෙනුයි අලුත් යක්ෂයින් දෙන්නෙක් මතු වුනු එක. දැන් ඔක්කොම යක්ෂයින් හතර දෙනයි.
“සතුට” මූලික කරගත්තු “කරකු”, “දුක” මූලික කරගත්තු “අයිසෙට්සු”, “ප්රීතිය” මූලික කරගත්තු “උරොගි”, වෛරය මූලික කරගත්තු “සෙකිදෝ” කියන යක්ෂයින් හතර දෙනාට මුහුණ දෙන්න තන්ජිරෝ, නෙසුකෝ සහ ගෙන්යා කියන තුන් දෙනා එකතු වුනා. මේ යක්ෂයින් හතරදෙනා පෙනුම අනුව විතරක් නෙමෙයි බලයන් සහ හැකියාවන් අනුවත් එකිනෙකාට වෙනස් කියල තන්ජිරෝ තේරුම් ගත්තා. මේ තුන් දෙනා ඒ යක්ෂයින් හතර දෙනාට එරෙහිව සටන් කරන අතරෙ මුලදිම මේ එක යක්ෂයෙක්ගේ ප්රහාරයක් නිසා ඈතට විසි වෙලා ගිය මීදුම් හෂිරා වෙන මුයිචිරෝ තොකිතෝ ආයෙත් ගම පැත්තට එනවා. මේ වෙන කොට ගමත් අත් කකුල් තියෙන මාළුවෙකුගේ පෙනුම ගත්තු රාක්ෂයින්ගේ ප්රහාරයට ලක් වෙලා. ගමට එල්ල වුනු මේ ප්රහාරය ගැන දැනුවත් වුනු, ආදර හෂිරා වෙන මිට්සුරි කන්රොජි ත් ගම පැත්තට එනවා. ආදර හෂිරා වෙන මිට්සුරි කන්රොජිගේ ආදර ශ්වසන ක්රමයත් අපිට පළවෙනි වතාවට බලාගන්න ලැබුනා. ඒ වගේම එයාගෙ අසිපතත් හරිම පුදුම සහගත බව අපිට දකින්න ලැබුනා. මීදුම් හෂිරා වෙන මුයිචිරෝ තොකිතෝගේ මුහුණටම ඉහළ පස්වෙනියා වෙන, නිතරම පෝච්චියක් ඇතුළෙ ඉන්න ගියොක්කොවත් මුණ ගැහෙනවා. ගමට එල්ල කරපු මාළු රාක්ෂ ප්රහාරය ගියොක්කොගෙ වැඩක් කියල දැන් පැහැදිලියි. ඒ වගේම අසිපත් සාදන ගම විනාශ කරලා යක්ෂ නාශක බලකායේ ප්රධානියා ළඟට යන එක තමයි අරමුණ කියලත් ගියොක්කො නොකියාම කිව්වා. තමන්ගෙ බිහිසුනු කලාකෘති ගැනයි පෝච්චි ගැනයි උදම් අනන ගියොක්කෝගේ ගෙල සිඳීමේ අදිටනින් මුයිචිරෝ ගියොක්කොට එරෙහිව සටනට මුල පුරනවා.
ඒ සටන පැත්තකින් වෙද්දි තවත් පැත්තකින් නෙසුකෝගේ උදව්වෙන් Demon Slayer Mark එකත් ආපහු අවදි කරගෙන, බලවත් හිනෝකමි කගුරා ප්රහාරයකින් හන්ටෙන්ගුගේ යක්ෂයින් තුන් දෙනෙකුගේ ගෙල එකවර සිඳින්න තන්ජිරෝ සමත් වෙනවා. ඉතුරු වුනු හතරවෙනි යක්ෂයාගේ ගෙල සිඳින්න ගෙන්යා සමත් වුනත්, ඒකත් අන්තිමේදි නිශ්ඵල දෙයක් බවට පත් වුනා. මොකද ඒත් හන්ටෙන්ගු ඇත්තටම විනාශ වුනේ නෑ. ඒ සටන නිසා ගෙන්යාගේ පෙනුමත් වෙනස් වෙලා අමුතු හැකියාවන් ටිකකුත් ගෙන්යාට ලැබිලා. ඒ මොකක්ද කොහොමද කියල නම් තාම අපිට බලාගන්න ලැබුනේ නැති වුනත් දුක්බර ඛේදජනක අතීතයක් හිමි ගෙන්යාගේ අතීත කතාවක් නම් අපිට බලාගන්න ලැබුනා. මේ හතරදෙනා විනාශ වුනේ නැත්තෙ මොකද, ඇත්තටම තවත් පස්වෙනි යක්ෂයෙක් ඉතුරු වෙලා ඉන්නවා කියල තන්ජිරෝ දැනගන්නවා. ඒ පස්වෙනියාව විනාශ කිරීමේ අද්දරට යද්දී, සිද්ධ වුනේ අමුතුම දෙයක්. ඒ තමයි කලින් හිටපු හැඟීම් යක්ෂයින් හතරදෙනා ඒකාබද්ධ වෙලා එක් අයෙක් බවට පත් වෙමින් “සොහාකුතෙන්” නම් වූ සැබෑ දරුණු යක්ෂයෙක් නිර්මාණය වුනු එක. ඉතින් ඒ සටනත් ආයෙත් දරුණු අතට හැරෙනවා.🔥
අනිත් පැත්තෙන් මුයිචිරෝ සහ මිට්සුරි ගම ආරක්ෂා කිරීම වෙනුවෙන් රාජකාරිය ඉටු කරන්නට පටන් අරගෙනයි තියෙන්නෙ. ඒ අතරින් ඉහළ පස්වෙනියා වෙන ගියොක්කොව මුණ ගැහුනු මුයිචිරෝ, ඉතාමත් කෙටි සටනකින් ගියොක්කොගේ Blood Demon Art එකකට හසු වෙලා කිසි දෙයක් කර කියාගන්න බැරි තත්වයට පත් වෙනවා. ඒත් ගමේ හිටපු කොතෙත්සුගේ නොසිතූ උදව්වකින්, බලාපොරොත්තු අත් හැරලා මරණය පෙනි පෙනී හිටපු මුයිචිරෝට Blood Demon Art එකෙන් ගැලවිලා ආයෙත් සටනට මුල පුරන තැනට ගමන් අරඹන්න පුලුවන් වෙනවා. ඒ වගේම මුයිචිරෝගේ අතීත කතාවත් අපිට දකින්න ලැබුනා. ගෙන්යාට වගේම තරමක් දුක්බර ඛේදජනක අතීතයක් උරුම වුනු මුයිචිරෝ තොකිතෝ, තමන්ගේ Demon Slayer Mark එක අවධි කරගෙන තමන්ගෙ අද්විතීය හැකියාවන් ඔස්සේ ඉහළ නිළයේ පස්වෙනි යක්ෂයා වෙන ගියොක්කොගේ ගෙල හඹා යාම අරඹනවා. නොසිතූ විදිහට සීතල මීදුමක තනිවෙන ඉහළ නිළයේ පස්වෙනි යක්ෂයා වෙන ගියොක්කොගේ ගෙල හරිම පහසුවෙන් සිඳින්නට මුයිචිරෝ තොකිතෝ සමත් වෙනවා. තමන්ගේ ම්ලේච්ඡ කලා කෘති ගැන ආඩම්බරයෙන් හිටපු ඉහළ පස්වෙනියත් ඒ විදිහට අවසන් ගමන් යනවා.
අනිත් පැත්තෙන් ඉහළ හතරවෙනියාට එරෙහිව තන්ජිරෝ කණ්ඩායම සමඟින් ආදර හෂිරා ගෙන යන සටන දරුණු මට්ටමින් සිද්ධ වෙනවා. ඒ අතරෙ අපිට ආදර හෂිරා වෙන මිට්සුරි කන්රොජිගේ අතීත කතාවත් දකින්න ලැබුනා. දැන් තියෙන්නෙ එකම ඉලක්කයි. ඒ තමයි ඉහළ හතරවෙනියාගේ ප්රධාන ශරීරය සොයාගෙන ගෙල සිඳින එක. ආදර හෂිරා ප්රමුඛ තන්ජිරෝගේ කණ්ඩායමට මේ ඉහළ නිළයේ හතරවෙනියාගේ ගෙල ලැබේවිද? නරඹන්න එහෙනම් මේ plot twisted final episode එක. විඳගන්න මිනිත්තු 51 ක් පුරාවට දිවෙන මේ ත්රාසජනක ක්රියාදාමය.🔥
අවසානයේදී සඳහන් කරන්නම ඕනි වැදගත් සුභ ආරංචියක් තියෙනවා. ඒ තමයි මේ අවසාන කොටස නිකුත් කර අවසාන වීමත් සමඟ මීළඟ කතා සමය, එහෙම නැත්නම් Demon Slayer Season 4 එක Hashira Training Arc නමින් නිකුත් වන බවට නිවේදනය කරපු එක. Season 3 හි ම Sequel TV Anime එකක් ලෙසින් නිකුත් වීමට නියමිත මේ කතා සමය නිකුත් වන දින කාල වකවානුවක් හෝ නියමිත කොටස් ගණනක් මේ උපසිරැසිය නිකුත් කරන මොහොත වෙද්දි නිවේදනය කරලා නම් නෑ.

Demon Slayer Season 4 Hashira Training Arc First Key Visual
ඉතින් එහෙනම් අපි සුපුරුදු පරිදි බලාපොරොත්තුවෙන් ඉමු. මේ Season 4 නිකුත් වෙන දවසක ආයෙත් අපි Demon Slayer සිංහල උපසිරැසියකින් හමුවෙමු. වෙනදා වගේම ඔයාගෙ comment එක පහළින් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟට Demon Slayer Season 4 තුලින් හමුවෙන තෙක් අපි සමුගන්නම්.
Demon Slayer Fans… Stay Hype!!!
ලිපිය – හසරංග නදීෂ
උපසිරැසි ගැන්වීම – ඉසුරු සන්දීප
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
8,371 downloadsDownload Demon.Slayer.Kimetsu.no_.Yaiba_.S03E11.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2021
- #2023
- #Akiyuki Shinbo
- #Demon Slayer
- #Demon Slayer S03 Sinhala Sub
- #Demon Slayer Season 03 Sinhala sub
- #Demon Slayer Sinhala Sub
- #Editor's Pick
- #Hitoshi Ône
- #Kimetsu no Yaiba
- #Mamoru Miyano
- #Masaki Suda
- #MaxxA
- #Mugen Train Arc
- #Nobuyuki Takeuchi
- #Offbeat
- #Season 3
- #Shunji Iwai
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Suzu Hirose
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
14 comments
Dilshan buddika
Anonymous
Tanx ❤❤
nirosha
ammoo enakam agili gana gana hitiye. mekanam pissuwak
Anuja Lakshitha
thanks sub ekt
Ishara Eranda
sub ekata Thanks .Enakan Thama balan hitiye
Sasidu :-D
Mechara shawask balapu hama anime ekaktm ub sub shanme tanx
Anonymous
Adarei ithim❤
Akila Dilhara
Thanks Brother...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
thank you brother..
LK
Thanak brother s4 apugaman ona
Lithula Laknada
Demon Slayer - Hasira Training Movie ekak avilla , Ekata Subtitle eka denna puluwanda
Punsara asala
Boyy...hashira training arc eka awooo....puluwn ikmanata sub tika dennkoooooo❤️
Ishan Madusha
බොහොම ස්තූතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![ඩීමන් ස්ලේයර් [S03 : E11] Sinhala Subtitles | යක්ෂයාගේ උපත සහ ගැලවීමේ මඟ [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/DMNSlR-S03-a.jpg)


Supiri ❤️