මේ Spring Season එකේ Most Hype ම ඇනිමෙ සීරීස් එක වෙන උද්වේගකර Demon Slayer Season 3 හි Episode 10, එහෙම නැත්නම් අවසාන කොටසට පෙර කොටස එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ. දැන් කතාව මොන වගේද කියල හැමෝම දන්න නිසා වැඩි වර්ණනාවක් නැතුව, වෙනද වගේම අලුත් කොටසට යන්න කලින් මෙතෙක් කතාවෙ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර…

මේ Spring Season එකේ Most Hype ම ඇනිමෙ සීරීස් එක වෙන උද්වේගකර Demon Slayer Season 3 හි Episode 10, එහෙම නැත්නම් අවසාන කොටසට පෙර කොටස එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ. දැන් කතාව මොන වගේද කියල හැමෝම දන්න නිසා වැඩි වර්ණනාවක් නැතුව, වෙනද වගේම අලුත් කොටසට යන්න කලින් මෙතෙක් කතාවෙ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු.✌️

සැඟවුණු අසිපත් සාදන්නන්ගේ ගම්මානයට ඉහළ නිළයේ පස්වෙනි යක්ෂයා සහ හතරවෙනි යක්ෂයා ප්‍රහාරයන් දියත් කරල අවසානයි. තන්ජිරෝ, නෙසුකෝ, ගෙන්යා, මීදුම් හෂිරා සහ ආදර හෂිරා ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර අවසානයි. ඉහළ හතරවෙනි යක්ෂයාගෙන් වෙන් වුනු හැඟීම් යක්ෂයින් හතරදෙනා ඒකාබද්ධ වෙලා එක් අයෙක් බවට පත් වෙමින් සැබෑ දරුණු යක්ෂයෙක් නිර්මාණය වීම නිසා තන්ජිරෝ, නෙසුකෝ, ගෙන්යා විසින් ඉහළ හතරවෙනියාට එරෙහිව ඇරඹි සටන තවත් දරුණු අතට හැරුනා.

එක් පැත්තකින් ගම විනාශ කිරීමේ අරමුණින් අසිපත් සාදන්නන්ගේ ගම්මානයට ප්‍රහාරය එල්ල කරපු ඉහළ නිළයේ පස්වෙනි යක්ෂයා වෙන “ගියොක්කො” එක්ක මීදුම් හෂිරා වෙන මුයිචිරෝ තොකිතෝ සටන තනිවම ඇරඹුවා. මුලදී නොයෙක් විජ්ජා දමමින් සටන දරුණු අතට හරවපු ගියොක්කොට එරෙහිව අවසානයේදී තමන්ගෙ සහජ හැකියාව එක්කම සටන දරුණු අතට හරවන්නට මුයිචිරෝ සමත් වුනා. ඒ වගේම සටන අතරතුරේදි මුයිචිරෝගේ අතීත කතාවත් අපිට දකින්න ලැබුනා. තරමක් දුක්බර අතීතයක් උරුම වුනු මුයිචිරෝ තොකිතෝ, තමන්ගේ Demon Slayer Mark එක අවධි කරගෙන තමන්ගෙ අද්විතීය හැකියාවන් ඔස්සේ ඉහළ නිළයේ පස්වෙනි යක්ෂයා වෙන ගියොක්කොගේ ගෙල හඹා යාම ඇරඹුවා. නොසිතූ විදිහට සීතල මීදුමක තනිවෙන ඉහළ නිළයේ පස්වෙනි යක්ෂයා වෙන ගියොක්කොගේ ගෙල හරිම පහසුවෙන් සිඳින්නට මුයිචිරෝ තොකිතෝ සමත් වුනා. තමන්ගේ ම්ලේච්ඡ කලා කෘති ගැන ආඩම්බරයෙන් හිටපු ඉහළ පස්වෙනියත් ඒ විදිහට අවසන් ගමන් ගියා. ඒ අනුව දැන් ඉහළ නිළයන් දෙකක් මරණය ළඟා කරගෙන ඉවරයි. දැන් ඉතුරු වෙලා තියෙන්නෙ අනිත් පැත්තෙන් සිද්ධ වෙන ඉහළ හතරවෙනි යක්ෂයාට එරෙහිව දිවෙන සටන විතරයි. ආදර හෂිරා වෙන මිට්සුරි කන්රොජිත් මේ සටනට එකතු වෙලයි ඉන්නේ. ඉතින් Demon Slayer Season 3 හි අවසාන සටන, අවසාන කොටසට පෙර කොටසින් මේ විදිහට ආරම්භ වෙනවා.🔥

නරඹන්න එහෙනම් මේ උද්වේගකර කොටස. ඒ වගේම අපි ටිකෙන් ටික Demon Slayer Season 3 Swordsmith Village Arc හි අවසානයට ළං වෙලයි ඉන්නේ. ඒ කියන්නෙ මීළඟ කොටස, එහෙම නැත්නම් 11 වෙනි කොටස තමයි මේ Season 3 හි අවසාන කොටස වෙන්නෙ. එහෙනම් මීළඟට අවසාන කොටසින් මුණ ගැසෙමු. වෙනදා වගේම මේ උපසිරැසිය ගැන පහලින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. එතෙක් හැමෝටම ජය වේවා.👋

ලංකන් Weebs වෙනුවෙන් – ඉසුරු සන්දීප

Episode Name : Love Hashira Mitsuri Kanroji
Air Date : 2023.05.11
Runtime : 24 min.
IMDB Rating : 8.5

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.

9,002 downloadsDownload Demon.Slayer.Kimetsu.no_.Yaiba_.S03E10.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

9,002 downloadsDownload Subtitles16 KB

15 comments

  1. Mahesh

    Carnival raw එකේ සබ් එක දෙන්නකෝ

  2. Mahesh

    Carnival raw එකේ සබ් oni

  3. Mahesh

    Please carnival raw එකේ සබ් එක දෙන්නකෝ

  4. Mahesh

    Carnival raw sab dennko

  5. Mahesh

    Ko carnival raw එකේ සබ්

  6. Mahesh

    කවුරුවත් carnival raw එකේ සබ් dennnane

  7. Dilshan buddika

    සුපිරි ❤️‍

  8. Navodya Vidyanga

    Thanks bro

  9. Rusith

    Niyamai bro . 10 sub denkam balagena hitiye. Eelg episode eke sub ekath puluwn taram ikmanin oni. Thanx

  10. Anonymous

    Thanks Brother

  11. nirosha

    11 oneeeeeeeeeee

  12. TharuN

    Thank You.Need epi 11 also . .

  13. pawan

    epi 11 ikmanata oneeeeeeeeeee

  14. Akila Dilhara

    Thanks Brother...

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P