Watch Trailer

Carnival Row (2019-2023) [S02: E08] Sinhala Subtitles | නව මිතුරන් [සිංහල උපසිරැසි]

ඔන්න යාළුවනේ කානිවල් රෝ ටෙලි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ 8 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. 7.5/10 ක IMDb අගයක් ලබාගෙන තියෙන මෙම කොටස 2023 මාර්තු 10 තමයි නිකුත් වෙලා තියෙන්නෙ. විනාඩි 48ක් පුරාවට දිවෙන මෙම කොටසේ මාතෘකාව තමයි “Facta, Non Verba” කියන එක. ඒ කියන්නෙ ලතින් භාෂාවෙන් “වචන නොව ක්‍ර…

ඔන්න යාළුවනේ කානිවල් රෝ ටෙලි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ 8 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. 7.5/10 ක IMDb අගයක් ලබාගෙන තියෙන මෙම කොටස 2023 මාර්තු 10 තමයි නිකුත් වෙලා තියෙන්නෙ. විනාඩි 48ක් පුරාවට දිවෙන මෙම කොටසේ මාතෘකාව තමයි “Facta, Non Verba” කියන එක. ඒ කියන්නෙ ලතින් භාෂාවෙන් “වචන නොව ක්‍රියාව.” කියන එකයි.

ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් පයිලෝ විසින් මිල්වර්තිගෙන් ඉල්ලනවා හැම ෆේ කෙනෙකුටම ටර්නනොක් වලට යන්න පුළුවන් විදිහේ මාර්ගයක් සකස් කරලා දෙන්න කියලා. ඉතිං මිල්වර්ති ඒ ඉල්ලීමට ප්‍රතිචාරයක් විදිහට ෆේ ලව ටර්නනොක් වලට යවන්න නැව් කිහිපයක් සූදානම් කරනවා. කොහොම හරි සියළු දෙනාම නැව් නගින්න සූදානමින් ඉන්න මොහොතේ බ්ලැක් රේවන්ලා ඇවිත් එම නැව් වලට පහර දීලා නැව් ටික ගිණිබත් කරනවා. අන්තිමට විඥේට් ගෙ හීනෙ බොඳ වෙනවා. ඒ වගේම නැව් තොටුපලේ කලබල අස්සේ බර්වික් කියන පොලිස් නිලධාරියටත් ස්පාරාස් සත්වයා පහර දෙනවා. එම පහර දීමෙන් බර්වික් මිය යනවා. නමුත් පයිලෝ දකිනවා බර්වික් ට පහර දෙන සත්වයාගෙ ස්වරූපය.

ඉතිං මේ කොටස ගැන මොකුත් කියන්න යන්නෙ නෑ. බ්ලැක් රේවන්ලා ඇයි තමන්ගෙ වර්ගයාට ටර්නනොක් වලට යන්න තිබුන එකම විකල්පය වන නැව් වලට ගිණි තියන්නෙ? රගූසා වලදි යුද්ධයකට මැදි වෙන එස්රා, ඉමොජින් සහ ඇග්‍රස්ට මොකද වෙන්නෙ? ටර්නනොක් වලට යන්න බලාගෙන හිටිය විඥෙට් ගෙ බලාපොරොත්තු බිඳවැටුනම ඇය මොන විදිහට හැසිරේවිද? ස්පාරාස් ව තමන්ගෙ ඇස් දෙකට දැකපු පයිලෝ ට මොනවද ස්පාරාස් ගැන දැනගන්න ලැබෙන්නෙ? පයිලෝ දැනගත්ත දෙයින් ස්පාරාස් වෙත එක පියවරකින් හරි ලං වෙන්න පුළුවන් වේවිද? කවුද මේ නව මිතුරන්? කියලා කතාව බලලම දැනගන්න. ජයවේවා!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.

2,319 downloadsDownload Carnival.Row_.S02E08.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

2,319 downloadsDownload Subtitles21 KB

6 comments

  1. Lakshan Gunathilake

    Godak kal idan balan hitiye ithuru tike sub denakan.thnx

  2. Mahesh

    Thanks bro sub ekata ගොඩක්ම ස්තුතියි සහොදරයා carnival raw එකෙ සබ් දුන්නට

  3. Deshan

    sub ekata thanks meka complete karanwada

  4. Nuwan chaminda

    Sub ekata thanks

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Akila Dilhara

    ❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤