Drishyam (2013/2015) චිත්‍රපටිය බලලා ඇතිනේ එපා වෙන්නම. එහෙම නැත්තම් ඒකෙ සිංහල පිටපත වෙන අපේ ධර්මයුද්ධය චිත්‍රපටිය. මේ අරන් එන්නේ ඒ පාරේ යන හරි අපූරු වෙබ් කතාමාලාවක්. කොටස් තියෙන්නේ නම් 8යි. වගකීමෙන් කියනවා ඒ කොටස් 8ම හොඳ කුතුහලයකින් බලාගෙන බලාගෙන යන්න පුළුවන් කියලා. අවසානයේ ඉතින් Thriller | Mystery…

Drishyam (2013/2015) චිත්‍රපටිය බලලා ඇතිනේ එපා වෙන්නම. එහෙම නැත්තම් ඒකෙ සිංහල පිටපත වෙන අපේ ධර්මයුද්ධය චිත්‍රපටිය. මේ අරන් එන්නේ ඒ පාරේ යන හරි අපූරු වෙබ් කතාමාලාවක්. කොටස් තියෙන්නේ නම් 8යි. වගකීමෙන් කියනවා ඒ කොටස් 8ම හොඳ කුතුහලයකින් බලාගෙන බලාගෙන යන්න පුළුවන් කියලා. අවසානයේ ඉතින් Thriller | Mystery ගණයේ නිර්මාණ වල රසිකයන්ට සැලකිය යුතු මට්ටමේ රසයක් විඳින්න ඉඩකඩ ලබාදෙන කතාවක්. ඉතින් ඒ ජාතියේ ඒවට කැමති අයට කෙලින්ම කරන ආරාධනාව තමයි මේක. ඇවිල්ලා බලන්න Tabbar….!!!

Snonyliv ඔස්සේ 2021 වසරේ දිගහැරුණු, ප්‍රේක්ෂක විචාරක ප්‍රසාදය මහ දැවැන්ත විදිහට ලබාගත්තු නිර්මාණයක් තමයි මේ Tabbar කියන්නේ. ජාත්‍යන්තර සිනමා දර්ශකයයේ ලබාගෙන තියෙන 8.3ක දැවැන්ත අගයත් ඒ පිලිබඳව සාක්ෂි දරනවා. ඉතින් ඒ කාලෙම මේකට සිංහල උපසිරැසිය අරන් එන්න සැලසුම් කරාට, දන්නැද්ද ඉතින් සැලසුම් වෙනස් වෙලා, වෙලා අද දවස වෙනකම්ම මේක ඇදිලා ආවා. කවුරුහරි සිංහල උපසිරැසියක් නැතිකම නිසාම මේ කතාමාලාව පැත්තකට කරලා තිබ්බ නම්, එහෙනම් එන්න අද ඉඳන් මේක තේරෙන සිංහලෙන්ම බලලා දාන්න පුළුවන්. ඉතින් Tabbar ගැනත් ටිකක් කියන්නම්. Tabbar කියන්නේ පවුලට. තාත්තා කෙනෙක්ට තමන්ගේ පවුල වෙනුවෙන් කොච්චර දුරක් යන්න පුළුවන්ද කියලා අහද්දිම මතක් වෙන්නේ වෙන මොකක්වත් නෙමේ Drishyam සිනමා නිර්මාණයනේ. අන්න ඒ නිසාමයි මං Tabbar කතාමාලාවත් Drishyam පාරේම යන නිර්මාණයක් කියලා කිව්වේ. ඒ ඉඟිය හොඳටම ඇති, නැත්තම් බලන අයට කරන අසාධාරණයක්. හරි, Tabbar කතාමාලාවේ ප්‍රධාන චරිත වලට පණ දෙන්නේ ප්‍රවීණ නළු Pawan Malhotra, Supriya Pathak, Ranvir Shoray කියන කට්ටිය. රඟපෑම් ගැන ඒ නිසාම අමුතුවෙන් කතා කරන එක බොරු වැඩක්. ඒ හින්දා කතා නොකර ඉමු. කියන්න තියෙන විශේෂම දේ තමයි මේ කොටස් 8 ඇතුලේ ඔයාට ඈනුම් යන්න ඉඩක් නොතියම කුතුහලයෙන් පුරවලා තියනවා කියන එක තමයි.

කතාව ඩිංගිත්තක් වගේ කියලා ඉන්නම්. ඕම්කාර් සිං කියන්නේ විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්. තමන්ගේ ප්‍රිය බිරිඳ සර්ගුන් සහ දරුවෝ දෙන්නත් එක්ක සැහැල්ලුවෙන් සතුටින් ඕම්කාර් තමන්ගේ විශ්‍රාමික ජීවිතය අරගෙන යමින් තමා තිබ්බේ. මෙයාලගේ දරුවෝ දෙන්නා ගැන කිව්වොත් දෙන්නම හොඳ තරුණ වයසේ කොල්ලෝ. වැඩිමහල් කොල්ලා හැපී, බාලයා තේගී. මෙතනින් හැපී ගැන කිව්වොත් නම්, දෙමව්පියෙක් උනාම හිත ඇතුලෙන් පතාගෙන ඉන්න කීකරු පුතාගේ ජවනිකාව රඟදක්වනවා. හොඳට ඉගෙන ගෙන දැන් පොලිස් නිලධාරියෙක් වෙන්න හිතන් ඇකඩමියේ ඉගෙන ගන්නවා ඈත පලාතකට වෙලා. බාලයා නම් ඊට අනිත් පැත්ත. කිසිම දෙයක් ගැන වගකීමක් නැති නාහෙට නාහෙන කොල්ලෙක්. යූටියුබර් කෙනෙක් වෙන්න තමා මිනිහා හීන දකින්නේ නම්. ඉතින් ඔන්න සුපුරුදු විදිහට ඉර පායලා තවත් දවසක් උදා වුණා. අද ඕම්කාර් ඇතුළු පවුලටම විශේෂ දවසක්. මොකද අද කාලෙකට පස්සේ හැපී එනවා ඇකඩමියේ ඉඳන් නිවාඩුවට. කාලෙකට පස්සේ පවුලේ 4දෙනාටම එකට වාඩිවෙලා කෑම ටිකක් කන්න පුළුවන්.

ඒත් ඒ දවස එයාලගේ අහිංසක බලාපොරොත්තු ඉෂ්ට කරන දවසක් නම් වුණේ නැහැ. හැමදේම හැමදාම වගේ හොඳින් සිද්ධ වුණා, කවුදෝ ඉස්සරහ දොරට තට්ටු කරනකම්ම. ඕම්කාර් ගිහින් දොර ඇරියා. ඇවිල්ලා හිටියේ එයාලගේ මුළු පවුලම විනාශ කරන්න බලන් ආපු රාක්ෂයෙක්…

ඉදිරිය..!! ඔබට බාරයි..
දෙවන කොටසින් හම්බවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

1,952 downloadsDownload Tabbar-S01-E01.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

1,952 downloadsDownload Subtitles21 KB

14 comments

  1. Anonymous

    suppiri

  2. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  3. sisiya

    thanks broo

  4. Naveen Mbr

    උපසිරැසියට ස්තූතියි.

  5. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    1. Kantha_DLA

      meka download karanne kohenda..
      Reply please ..........

  6. Naveen

    උපසිරසියට තුති

  7. Pramux

    Sounds good ..thanks for subtitle ..

  8. Kushan

    Sub akta thanks

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  10. Nadun Piyumantha

    බොහොම ස්තූති මේ වගේ කතාවක් ගෙනාවට

  11. Tharidu16

    THANKS FOR ALL

  12. Sahan Gayantha

    thanks z lot saho sub ekata

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P