Tabbar එහෙමත් නැත්තම් පවුල කියන Mystery | Thriller ගණයේ මේ කතාමාලාව පසුගිය වසරේ විකාශනය වෙන්න පටන් ගත්තේ Sonyliv ඔස්සේ. කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව ගැන කෙටියෙන් කිව්වොත් කුතුහලයෙන් බලලා ඉවර කරන්න පුළුවන්, Drishyam සිනමාපටය වගේ කතාවක් දිවෙන ජාතියේ එකක්. ප්‍රේක්ෂක විචාරක දැඩි ආකර්ෂණයක් මේ කතාමාලා…

Tabbar එහෙමත් නැත්තම් පවුල කියන Mystery | Thriller ගණයේ මේ කතාමාලාව පසුගිය වසරේ විකාශනය වෙන්න පටන් ගත්තේ Sonyliv ඔස්සේ. කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව ගැන කෙටියෙන් කිව්වොත් කුතුහලයෙන් බලලා ඉවර කරන්න පුළුවන්, Drishyam සිනමාපටය වගේ කතාවක් දිවෙන ජාතියේ එකක්. ප්‍රේක්ෂක විචාරක දැඩි ආකර්ෂණයක් මේ කතාමාලාව දිනාගත්තා. ඉතින් පසුගිය දවසේ ඉඳන් තේරෙන සිංහලෙන් ඔයාලත් මේක බලන්න පටන්ගත්තනේ. පලවෙනි කොටස බලපු අයට නම් කුතුහලයෙ නිමක් නැතුව ඇති. කාටත් කියලා ඔන්න ගෙනාව දෙවැනි කොටසත්. පොඩ්ඩක් මතක් කරගමු කලින් කොටස.

ඕම්කාර් කියන්නේ විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්. තමන්ගේ බිරිඳ සර්ගුන් සහ තරුණ පුතාලා දෙන්නෙක්ගෙන් තමා ඕම්කාර්ගේ පවුල සමන්විත වෙන්නේ. ලොකු පුතා හැපී IPS කෙනෙක් වෙන්න ඉගෙන ගන්න අතරේ බාලයා තේගී වැඩි වගකීම් නැතුව ඔහේ ගෙදරට වෙලා මොනාහරි දෙයක් ඉගෙනගෙන කරගෙන තමා හිටියේ. හැපී ගෙදර ආවේ ගියේ ඉඳලා හිටලා. ඒ දුරකට වෙලා උසස් අධ්‍යාපනය හදාරන නිසා. ඉතින් මේ උදාවුණු අද දවස මුළු පවුලටම විශේෂ දවසක් වුණේ කාලෙකට පස්සේ හැපී ගෙදර එන නිසා. වෙලාව ගෙවිලා ගිහින් හවස් යාමය උදා වෙද්දිම ගෙදරට සතුටත් අරන් හැපී එනවා ඔන්න. හැමෝම සතුටු සිතින් කාලය ගෙවලා කෑම කන්න එහෙම ලෑස්ති වෙද්දි එයාලට ඇහෙනවා කවුදෝ දොරට ගහනවා. ගිහින් බලද්දි එක තරුණයෙක් හිටියා. එයා තමන්ගේ බෑග් එක පෙන්නලා කිව්වේ කෝච්චියේදී හැපීගේ බෑග් එක තමන්ගේ බෑග් එකත් එක්ක මාරු වෙලා කියලයි. එතකොටයි හැපී දන්නෙත් මේ වෙලා තියෙන සිද්ධිය. බෑග් දෙකම බැලු බැල්මටම එක සමානයි. මාරු වෙන එකේ පුදුමයක් නැහැ. ආපු තරුණයට ස්තූති කරන ගමන් තමන්ගේ බෑග් එක අරන් හැපී අර තරුණයට එයාගේ බෑග් එක දුන්නා. හැබැයි ඒ වෙද්දිත් දුන්නු බෑග් එකේ යමක් අඩුවෙලා තිබ්බ බව හැපී දැනගෙන හිටියේ නැහැ.

හැමදේම පටන් ගත්තේ ඊට පස්සේ. බෑග් එක අරන් ගියපු තරුණයා ආයේ ටික වෙලාවකින් ආවේ වෙනම මුහුණුවරකින්. කලින් සැරේ ආපු ප්‍රියමනාප තරුණයා නෙමේ ඒ යක්ෂාවේෂ වෙච්ච තරුණයෙක්. “දීපල්ලා මගේ බෑග් එකේ තිබ්බ පැකට් එක” ඕම්කාර්, හැපී, සර්ගුන් මේ තුන්දෙනාම මේ සිද්ධියට සලිත වෙලයි හිටියේ. ඒ වෙලේ තේගී හිටියේ නෑ. බලපු අය දන්නවා තේගී කොහෙද, මොකක් අරන්ද ගියේ කියලා. ඊට විනාඩි කීපයකට පස්සේ ගොඩක් දේවල් සිද්ධ වුණා. අහල පහල රතිඥා සද්දේ නිසා ඒ ගෙදර වෙච්ච ගොඩක් දේවල් වල සද්දේ ගොඩදෙනෙක්ට ඇහුනේ නැහැ, එක්කෙනෙක්ට නම් ඒ සද්දේ විශේෂයක් දැනුනා.

ඔය කිව්වේ බාගයක් විතරයි. තවත් කතාව එහෙමම පලවෙනි කොටසේ තියෙනවා. ඒකත් බලලා මේ දෙවැනි කොටසත් බලන්න. තුන්වෙනි කොටසත් එක්ක හමුවෙමු. ජයවේවා..

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

1,999 downloadsDownload Tabbar-S01-E02.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,999 downloadsDownload Subtitles17 KB

11 comments

  1. Naveen Mbr

    උපසිරැසියට ස්තූතියි!

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. Anonymous

    criminal justice eke ithuru tika ko bn

    1. Anonymous

      eka deela iwara karala meka dennako
      hindi series wala episode 2,3 k deela anith tika parakku krnna epa iwasan inna ba bn,english series wage newei ewa nm awurudu gnan parana wewi ohe blnawanwe,anithimata mul tika mathakath na

    2. මයුර

      ක්‍රිමිනල් ජස්ටිස් එකේ සතියට එක එපිය ගානේ තමා එන්නේ. හැබැයි අපෙත් පරක්කුවක් තියෙනවා. දැනට ආපු එපි දෙකක් දුන්නේ නෑ. මේ වෙද්දි වැඩ ඉවරයි. අද හෙටම දේවි.

    3. Anonymous

      Ela ela saho
      Waraddak kiwwa newei hodai

    4. මයුර

      hari patto..

  5. Kushan

    Sub akta thanks

  6. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.