ඔහ් චෝ රිම් කියන්නෙ උසස් පාසල් සිසුවියක්. එයාට තියනවා ඔයගොල්ලොන්ට කියන්න තරම් වටින කියන කතාවක්. මං ආරාධනා කරනවා ඔයාලට, ඒක එයාගේ වචන වලින්ම අහන්න කියලා. ”මගේ ඇස් ඇරල බලද්දී, මං පුදුමෙනුත් පුදුමයට පත් වුනා. ඒ මොකද කියනවනම්, පුදුමාකාර දේවල් තුනක් මට වෙලා තිබුනා. දොස්තර කිව්වේ, මං කෝමා එකෙන් නැගිටියි ක…

ඔහ් චෝ රිම් කියන්නෙ උසස් පාසල් සිසුවියක්. එයාට තියනවා ඔයගොල්ලොන්ට කියන්න තරම් වටින කියන කතාවක්. මං ආරාධනා කරනවා ඔයාලට, ඒක එයාගේ වචන වලින්ම අහන්න කියලා.

”මගේ ඇස් ඇරල බලද්දී, මං පුදුමෙනුත් පුදුමයට පත් වුනා. ඒ මොකද කියනවනම්, පුදුමාකාර දේවල් තුනක් මට වෙලා තිබුනා. දොස්තර කිව්වේ, මං කෝමා එකෙන් නැගිටියි කියලා කවුරුවත් හිතුවේ නැතිලු. එයා කියනවා, මගේ වම් ඇහැ නිල් පාටට හැරෙන එකට කිසිම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නැතිලු. දවස් 193ක් ඉස්පිරිතාලේ ඇඳේ ඉන්න තරම් මට වුනේ මොකක්ද? ඒක මතක් කරගන්න මං ගොඩක් උත්සහ කරා, ඒත් මට මතක නෑ. ඒ මදිවට, මගේ නාහෙන් මට දැනෙන සුවඳ, මගේ ඇස් වලින් පේනව… වැනිලා, චොක්ලට්, ස්ට්‍රෝබෙරි, මින්ට්, අඹ, චෙරි, පීච්, ලෙමන්.”

මාත් ඔය කතාව අහපු ගමන් විශ්වාස කරේ නෑ, ඔහ් චෝ රිම් කියන්නේ බොරුවක් වෙන්න බැරිද? අන්න එහෙමයි මට හිතුනේ. ඒත්….. එක මොහොතක් ආවා, මායාවයි ඇත්තයි අතර වෙනසක් හොයා ගන්න බැරි. ඒ වෙලාවේ ඉදන් මම ඔහ් චෝ රිම්ගේ කතාව විශ්වාස කරන්න ගත්තා.මේ ඇගේ කතාවේ පළමු දිගහැරුමයි. ඒ කතාව අහන්න, දකින්න කැමති හැමෝම දිගටම රැදී ඉන්න.

හැමදාම එකම විදියට ලිපි ලියන්නත් බෑනේ. අද පොඩි වෙනසක් කරා. මොකද, අද මම ගෙනාවෙත් වෙනස් කතාවක්නේ. සෙන්සරි කපල් 2015 කොරියානු මිනි සීරිස් එක පදනම් වෙලා තියෙන්නේ ද ගර්ල් හූ සීස් ස්මෙල්ස් කියන වෙබ්ටූන් එකෙන්. මේ කතාවේ ප්‍රධාන චරිත විදියට රගපානවා පාක් යූචුන්, ෂින් සෙ ක්වෝන්, කිම් සෝ හ්වෝන් වගේ ජනප්‍රිය නළු, නිළියෝ ටිකක්. මීට වඩා කියවන්න මං බලාපොරොත්තු වෙන්නේ නෑ. බලලා හොදද, නරකද කියන්නකෝ.

එහෙනම් ආයිත් මුණ ගැහෙමු. සුබ දවසක්!

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,741 downloadsDownload ද-ගර්ල්-හූ-සීස්-ස්මෙල්ස්-e01.zip71 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

1,741 downloadsDownload Subtitles71 KB

3 comments

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  2. Anonymous

    baiscopelk . com/ %E0%B6%AF-%E0%B6%9C%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%8A-%E0%B7%84%E0%B7%96-%E0%B7%83%E0%B7%93%E0%B7%83%E0%B7%8A-%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-e01/
    download wenne na

    1. Harvey O'brien

      ගැටලුව නිවැරදි කරා