ශාන් සෙන්ගුප්තා කියන්නේ බංගලාදේශයේ ඉහල පෙලේ හෝටලයක රාත්‍රී කළමනාකරුවෙක් විදිහට වැඩ කරන කෙනෙක්. සාමාන්‍ය ජීවිතයක් අරන් ගියාට මෙයාට අබිරහස් යටගියාවකුත් තියෙන බව පේනවා. ඉතින් ශාන් ඒ අතීතයට සමු දීලා සාමකාමී වර්තමානයක් තමා ගෙවමින් හිටියේ. ඔය අතරේ තමා මියන්මාරයේ රෝහින්‍යා ජාතිකයින් පිටුවහල් කරන කාලය. මේ…

ශාන් සෙන්ගුප්තා කියන්නේ බංගලාදේශයේ ඉහල පෙලේ හෝටලයක රාත්‍රී කළමනාකරුවෙක් විදිහට වැඩ කරන කෙනෙක්. සාමාන්‍ය ජීවිතයක් අරන් ගියාට මෙයාට අබිරහස් යටගියාවකුත් තියෙන බව පේනවා. ඉතින් ශාන් ඒ අතීතයට සමු දීලා සාමකාමී වර්තමානයක් තමා ගෙවමින් හිටියේ. ඔය අතරේ තමා මියන්මාරයේ රෝහින්‍යා ජාතිකයින් පිටුවහල් කරන කාලය. මේ සිදුවීම් හින්දා බංගලාදේශයේ පවා දරුණුවටම කලබල ඇති වුණා. හෝටලේ හිටිය අමුත්තෝ හිටියෙත් මේ නිසා හරිම කලබලෙන්. ඔය අතරෙදි තමා ශාන්ට සෆීනාව හම්බවෙන්නේ.ඒ හමුවීම සිද්ධ වුණේ හරිම අමුතු විදිහට. මේ සෆීනා ඇවිල්ලා ශාන්ගේ ජීවිතේ කොච්චර වෙනස් කරනවද කිව්වොත් ශාන්ගේ ඒ තිබුණු සාමකාමී ජීවිතේටම කණ කොකා අඬන්න ගන්නවා. ඔහුට සිද්ධ වෙනවා ආපහු ලේ එක්ක ගනුදෙනු කරන්න. තමන්ගේ ජීවිතය මාරකයකට තල්ලු කරන්න ඉතින්, ඒ කතාව බලන්න එකතු වෙන්න The Night Manager එක්ක.
ටීවී සීරීස් නරඹන කෙනෙක් නම් 2016දි BBC ඔස්සේ ආපු The Night Manager කියන මිනි සීරීස් අමතක වෙන්න නම් විදිහක් නැහැ. බලපු කවුරුත් බොහොම ආසාවෙන් නරඹලා ඉවර කරපු සීරීස් එකක් වුණා ඒක. ඉතින් අද හදිසියේම ඒ ගැන මතක් කරන්න හිතුවේ මේ කතාමාලාව ඉන්දියන් ප්‍රති නිර්මාණයක් විදිහට එළිදක්වපු නිසයි. ඔව්, The Night Manager (2023-) කියන්නේ අර උඩ කිව්ව බ්‍රිතාන්‍ය කතාමාලාවේම ඉන්දියානු ප්‍රති නිර්මාණය. එහෙමයි කියලා ෆොටෝ කොපියක් නම් නෙමේ. ඉන්දියන් හුරුවට කතාව ගොඩක් වෙනස් කරලයි තියෙන්නේ. ඒ නිසා බ්‍රිතාන්‍ය කතාමාලාව නරඹපු කෙනෙක්ට මේක නැරඹුවා කියලා කිසි පාඩුවක් නම් වෙන්නේ නැහැ.
ඉතින් ඔය කිව්ව හින්දි කතාමාලාව එලි දැක්වෙන්නේ Disney Hotstar හරහා. පහුගිය සිකුරාදා දවසේ තමා කතාමාලාව කට්ටියට නරඹන්න අවස්ථාව උදාවෙන්නේ. බ්‍රිතාන්‍ය කතාමාලාව කොටස් 6කින් විතරක් යුක්ත වුණාට, මේ හින්දි නිර්මාණයේ දැනට නිකුත් වෙලා තියෙන්නේ නම් කොටස් 04යි. දැනට ආරංචි විදිහට මේ කතාමාලාව කොටස් දෙකක් විදිහට එලියට දාන්නයි නිෂ්පාදකයෝ හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ දැනට නිකුත් වෙලා තියෙන්නේ කොටස් 04කින් යුතු පලවෙනි කොටස. දෙවැනි කොටස එළඹෙන ජුනි මාසයේදී වගේ දැකගන්න ලැබෙයි කියලයි කට්ටිය කියන්නේ නම්.

The Night Manager ඉන්දියන් කතාමාලාවට රංගනයෙන් එකතු වෙන්නේ Aditya Roy Kapoor, Anil Kapoor, Sobhita Dhulipala, Tillotama Shome, Saswata Chatterjee කියන ප්‍රධාන ධාරාවේ නළු නිළියෝ. ඉතින් පුරුදු, දන්න කියන කට්ටියක් තමා මේකේ ඉන්නේ. කතාමාලාව නිෂ්පාදනය කරන්නත් සැලකිය යුතු වියදමක් ගියා කියලා ආරංචියි. ඒ වගේම රූගත කිරීම් වලට ඔය කියපු සෙට් එක අපේ රටටත් ආවා 2021 අවුරුද්දේ වගේ. විශේෂයෙන්ම කියන්න ඕන ආදිත්‍ය රෝයි කපූර්ගේ චරිතය වෙනුවෙන් කලින් යෝජනා වෙලා හිටියේ රිතික් රෝෂන්. ඇත්තටම යෝජනා වෙලා විතරක් නෙමේ මනුස්සයා වුණත් කැමැත්ත දීලා මේකට දායක වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී මොන හෝ හේතුවකින් රිතික් මේකෙන් අයින් වෙලා යනවා. එහෙමයි ආදිත්‍ය මේකට එක්කහු වෙන්නේ. රිතික් මේ කතාමලාවට එකතු වෙනවයි කියපු නිසාම නිකුත් වෙන්නත් කලින් ඉඳන්ම The Night Manager වෙනුවෙන් ලොකු කතාබහක් හැදිලා තිබුණා. කොහොම හරි ඉරණම ලියවිලා තිබ්බේ මෙහෙමයි. ඒක වෙනස් කරන්න කාටත් බෑනේ.
The Night Manager (2023) වෙනුවෙන් IMDb අගය දැක්වෙන්නේ 7.6ක අගයක්. මිශ්‍ර ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචාර තමා දැකගන්න ලැබෙන්නෙත්. හොඳද නරකද කියලා ඔයාලත් බලලම කියන්නකෝ. එහෙනම් Farzi බැලුවා වගේ අද ඉඳන් අපි එක්ක එකතු වෙන්න Night Manager එක්කත්. ඊළඟ කොටස අරන් දහරා අක්කා ඒවි. අපි ගිහින් එන්නම්. ජයවේවා.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
4,243 downloadsDownload The.night_.manager.s01E01.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
21 comments
Wijith Wijekoon
H.a.i. Dissanayaka
Thanx
Anonymous
Thanxxxx
Anonymous
තැන්ක්ස් ලොක්කා
Sanjeewa Malith
Thank u subtitles akata
tharidu16
thanks. ඉක්මනින් දීලානේ.
අචින්ත
එළකිරි බොසා.. තෑන්ක්ස් කිව්වා..එකවරම ගන්නෙ හැබැයි
Ravindu_Heshan
thnak you ayiye
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Kushan
Sub akta thanks
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Anonymous
හින්දී සීරීස් සබ් දෙන එකනම් නියමයි සහෝ
දැන් එන හින්දි ෆිල්ම් වලට වඩා සීරීස් වල කොලිටිය වැඩියිAnonymous
Tkssss
Anonymous
තෑන්ක් යූ දහරා
Anonymous
Bump chiki
H.a.i. Dissanayaka
Thanx...ithuru tikath ikmanata demu
Anonymous
Next episode plz
sahangayantha
Thanks a lot saho sub ekata
Naveen Mbr
ජයි ෆීනික්ස්!
Anonymous
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Night Manager [S01: E01] Sinhala Subtitles | තුවාලයකින් උපන් ආවේගය..!! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/02/the-night-manager-2023-2.jpg)

Thank Sub එකට. මේ සමහර කොටස් රූගත කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ.