එහෙනම්, තවත් මෙවැනිම උපසිරැසියකින් නැවත හමුවන තෙක් ඔබට තෙරුවන් සරණයි! ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් බයිස්කෝප් කණ්ඩායම එකතු වෙලා කරන තවත් සුපිරි වැඩකට මටත් දායක වෙන්න අවස්ථාව ලැබුනා. ලොව පුරා අතිශය ජනප්‍රිය උන කතාමාලාවක් වෙන The Boys උසස් සිංහල උපසිරසි එක්ක ඔන්න ඔයාලට එක දිගට බලන්න පුළුවන්. මෑත කාලයේ…

එහෙනම්, තවත් මෙවැනිම උපසිරැසියකින් නැවත හමුවන තෙක් ඔබට තෙරුවන් සරණයි!
ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් බයිස්කෝප් කණ්ඩායම එකතු වෙලා කරන තවත් සුපිරි වැඩකට මටත් දායක වෙන්න අවස්ථාව ලැබුනා. ලොව පුරා අතිශය ජනප්‍රිය උන කතාමාලාවක් වෙන The Boys උසස් සිංහල උපසිරසි එක්ක ඔන්න ඔයාලට එක දිගට බලන්න පුළුවන්. මෑත කාලයේ වඩාත්ම කතාබහට ලක්වුන වෙනස්ම ආකරයේ සුපිරි වීර කතාමාලාවක් විදියට මේ සීරිස් එක හඳුන්වන්න පුළුවන්. මේ වෙද්දි හැමෝම පළවෙනි කොටස බලලා ආසාවෙන් මේ කතාමාලාවේ ඉතුරු කොටස් ටික බලන්න ලෑස්ති වෙලා ඇති කියලා හිතනවා. එහෙනම් පෙර කොටස සංක්ෂිප්තව මතක් කරගෙනම අද කතාව පැත්තට යමු.
පෙර කතාංගයෙන් . . . .
පළවෙනි කතාවෙන් ඔයාලා ප්‍රධාන චරිත ටික අඳුරගන්න ඇතිනේ. මුළින්ම අපි දැක්කේ කුවින් මේව් සහ හෝම්ලෑන්ඩර් දෙන්නා එකතු වෙලා බැංකු කොල්ලකාරයෝ කට්ටියක්ව නවත්තන විදිය. ඒ වගේම මේ සුපිරි වීරයෝ නගරය ආරක්ෂා කරනවා වගේම සෙවන් කියලා බලවත්ම වීරයෝ හත් දෙනෙක්ව වෝට් කියන පෞද්ගලික සමාගම මගින් පාලනය කරනවා කියලත් අපි දැක්කා. මේ හත් දෙනාගේ නායකයා තමයි හෝම්ලෑන්ඩර් කියන කඩවසම්, අධික ශක්තියකින් හෙබි, පියාසර කරන්න පුළුවන් සුපිරි වීරයා. ඒ වගේම ඇනී ජැනුවරි එහෙමත් නැත්තම් ස්ටාර්ලයිට් කියන සුපිරි වීරවරිය අළුත්ම සාමාජිකයා විදියට සෙවන් එකට ඇතුලත් උනා. ඒත් පලවෙනි දවසේම ස්ටාර්ලයිට්ට ඩීප් කියන වීරයා නිසා නොහිතපු ඇබැද්දියකට මූණපාන්නත් සිද්ධ වෙනවා. මේ සුපිරි වීර ජරමර අස්සේ පාඩුවේ ඉලෙක්ට්‍රොනික් කඩේක වැඩ කර කර හිටපු අහිංසක හියුඊ කැම්ප්බෙල්ගේ ජීවිතය හිතපු නැති විදියට කණපිට පෙරලුනා. ඒ සුපිරි වීරයෙක්ගේ නොසැලකිල්ලෙන් එයාගේ පෙම්වතිය ඛේදජනක විදියට මියයෑමත් ඒක්කයි. වෝට් සමාගම හියුඊට සල්ලි දීලා මේ සිද්ධිය යට ගහන්න හැදුවත් හියුඊ ඒකට කැමති වෙන්නේ නෑ. ඊටපස්සේ තමයි කතාමාලාවේ සුපිරිම බෑඩ් ඈස් චරිතය වෙන විලියම් බුචර් එහෙමත් නැත්තම් බිලී බුචර් හියුඊව හොයාගෙන ඇවිත් සුපිරි වීරයන්ගෙන් පළිගන්න සැලසුම් කරන්නේ. ඒ වගේම අහම්බෙන් හම්බෙන ඇනී සහ හියුඊ දෙන්නා අතරේ පොඩි සම්බන්ධයක් ගොඩනැගෙනවත් අපි දැක්කා. බුචර්ගේ සැලසුමට අනුව හියුඊ වෝට් කුළුනට ගිහින් සන්නිවේදන උපකරණයක් හයි කලත් ට්‍රාන්ස්ලුසන්ට් ඒක දැකලා හියුඊගේ පස්සෙන් කඩේට එනවා. ඒත් බුචර් එක්ක එකතු වෙලා කොහොමහරි ට්‍රාන්ස්ලුසන්ට්ව අල්ලගන්න හියුඊට පුළුවන් වෙනවා. අන්තිමටම අපි දැක්කේ කම්පවුන්ඩ් V කියලා දෙයක් ගැන මතක් කරලා මැඩලින් ස්ටිල්වෙල්ට තර්ජනය කරපු නගරාධිපතිගේ ගුවන් යානය පොඩි දරුවෙක් ඉද්දිම හෝම්ලෑන්ඩර් විසින් විනාශ කරලා දාන විදියයි.
අද කොටස ගැන වැඩි විස්තර කියන්නේ නෑ. හියුඊ සහ බුචර් උදව් ඉල්ලගෙන යාළුවෙක් ගාවට යන විදියත්, ස්ටාර්ලයිට් තමන්ගේ පලවෙන මෙහෙයුමට එක් වෙන විදියත්, ට්‍රාන්ස්ලූසන්ට්ගේ ඉරණම සහ සුපිරි වීරයන්ගේ තවත් අඳුරු පැතිකඩත් ඔයාලට බලගන්න පුළුවන්. ඒ වගේම මාව මේ කතාමාලවට ඇදලා ගත්තට අපේ බිම්සර යෂාන් සහෝටත් ගොඩක් ස්තූති කරන්න ඕන. ඊලඟ කොටස අපේ සුභාශිනි අක්කා අරන් එයි. දෙවෙනි කතාසමයේ හයවෙනි කොටසින් ආපහු මම ඔයාලව හම්බෙන්නම්. ජය වේවා !
අද කතාංගයේ නම – Cherry
කතා රචනය – Eric Kripke
අධ්‍යක්ෂනය – Dan Trachtenberg
විකාශය වූ දිනය – 2019 අගෝස්තු 05
IMDb අගය – 7.2
මීළඟ කතාංගය – Get Some
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
11,810 downloadsDownload The.Boys_.2019.S01E02..zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
10 comments
Nuwan
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
kavinda gamage
බොහොම ස්තුතියි ලස්සන වැඩක් .
Dinushka
Web walata witharak dennako ane Sub
සංජන චමෝද්
Web sync +13300ms
Thilinda Randeera
බොහෝම ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks for the sub!!!!
Sahan Gayantha
thanks a lot Yuran saho sub ekata
Thisara Prabhath Senarathne
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Boys (2019-) [S01: E02] Sinhala Subtitles | සුපිරි වීරයන්ට උනත් ආරක්ෂාවක් ඕන [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/11/The-Boys-Season-1.jpg)

Sub ekata thanks walking dead eke sub ektha denna puluwannam