Watch Trailer

The Night Manager [S01: E04] Sinhala Subtitles | නව ජීවිතයක ඇරඹුම ලද ශාන් [සිංහල උපසිරසි]

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ මේ වසරේ(2023) පෙබරවාරි 17 වන දින තිරගත වූ Action Crime Thriller ගණයට අයත් වෙබ් කතා මාලාවක හතරවන කතාවේ උපසිරැසිය රැගෙනයි. 2016 දි විකශනය වූ The Night Manager කතා මාලාවෙන් තමා මේ කතා මාලාව නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ඉන්දියනු…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ මේ වසරේ(2023) පෙබරවාරි 17 වන දින තිරගත වූ Action Crime Thriller ගණයට අයත් වෙබ් කතා මාලාවක හතරවන කතාවේ උපසිරැසිය රැගෙනයි.

2016 දි විකශනය වූ The Night Manager කතා මාලාවෙන් තමා මේ කතා මාලාව නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ඉන්දියනු හිංදි වෙබ් කතාමාලාවෙ නමත් The Night Manager තමා. Anil Kapoor, Aditya Roy Kapur හා Sobhita Dhulipala රගන මේ කතා මාලවත් imdb අගය 8.1 ක අගයක් ලබාගෙන තියෙනවා. කලිං කතාව ඔයාලා බලලා ඇති කියලා හිතෙනවා. මේකට මුලින්ම ගන්න හිතාගෙන තියෙන්නේ රිතික් රෝෂන්ව. ඒත් එයාගෙ දිනවල ප්‍රශ්නයක් හිංදා මේකට සම්බන්ධ වෙලා නෑ. ඒ හිංදා තමා ආදිත්‍ය රෝයි කපූර්ව යොදාගෙන තියෙන්නෙ

මං අද කතාවෙ වෙන දේ කෙටියෙන් කියන්නම්. අද කතාවෙදි ශාන් ට අලුත් හොද යෝජනාවක් එහෙමත් නැත්නම් හොද තෑග්ගක් හම්බෙනවා. ඒ වගේම BJ ලොකු උගුලකට අහු වෙනවා. ඒ වගේම ජයූ ටත් හිතපු නැති දේකට අහු වෙන්න සිද්ද වෙනවා. ඒ මොනාද කියලා බලාගන්න නම් අද කතාව අනිවාර්‍යෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා. ලංකාව ගැනත් පොඩි තැනක කියනවා.

මේ සීරිස් එකේ part 1 එකේ අන්තිම එපිය තමා මේ කතාව. මේකෙ අන්තිම එපිසෝඩ් එක හෝ කීහිපය මේ අවුරුද්දේ ජූනි මාසේ විකාශනය වෙන්න තියෙනවා. ඒ වගේම මේ කතාමාලාවට දායක උන මයුර අයියටත්, සිසිත අයියටත්, දහර අක්කටත්, රංග අයියටත් ස්තූතිවන්ත වෙනවා.

අන්තිමට මෙහෙම පොඩි හෑල්ලක් දානවා ඒක ගැන කවුරුත් මුකුත් හිතන්න එපා මේ එපිසෝඩ් එකේ සබ් එක ඉවර කරලා ලිපිය ලියලා ඉවර වෙනකොට දැන් වෙලාව පාන්දර 6 යි(2023/02/23). ඉතිං මේ උපසිරැසිකරනය කියන්නේම ලොකු කැපකිරීමක්. පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන් සමහර තැන් වල. ඒත් අපි දෙන දේ හරියට දෙන්න ඕනෙ. මොකද ඉක්මනින් දෙන්න කියලා හත් පොලේ ගාගන්නවා වගේ ගූගල් ට්‍රාන්ස්ලේට් දෙන්න බෑනේ. ඒ වගේම සමහර අය හිතං ඉන්නවා අපි ඉංග්‍රීසි සබ් එක සිංහලට ට්‍රාන්ස්ලේට් කරනවා කියලා. ඔය කියන ට්‍රාන්ස්ලේට් කිරිල්ලෙයි උපසිරැසිකරණය කියන වචන දෙකයි පොඩි වෙනසක් තියෙනවා. එකම වෙනස තමා ඉංග්‍රීසි සබ් වල තියෙන එක නෙවේ ඇත්තටම කතා කරන දෙබස් වල තියෙන්නේ. ඉතිං ඒ හිංදා ඒවා අහ අහා හරියටම කරන්න ඕනෙ. ඉතිං අපේ පෞද්ගලික වැඩත් කරගෙන අපේ විවේක කාලයත් මේ වෙනුවෙන් කැප කරගෙන ඒ දෙන දේවල් වල වටිනාකම ඔය විනාඩියෙන් දෙකෙන් සබ් එක උස්සලා දාන අය වගේම, විනාඩියෙන් ගූගල් ට්‍රාන්ස්ලේට් කරලා ගන්න සබ් වලින් ලැබෙන්නේ නෑ. ලැජ්ජ නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයි කියන්වානෙ. තවමත් ලැජ්ජාවක් කියලා දෙයක් තේරෙන්නේ නැති සබ් උස්සන මුහුදු මංකොල්ලකාරයො ටිකක් ඉන්නවානේ. ඒ වගේ ජාතියක් ජන්මයක් දන්නේ නැති කෙනෙක්ගෙ මහන්සියට නිග්‍ර කරන ඒ වගේ ඒ වගේ වෙබ් අඩවි වලින් උපසිරැසි හෝ වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරන්න එපා කියලා මං කියනවා. මොක ද ඒ වගේ සයිට් වලින් ෆිල්ම් හෝ උපසිරැසි ගන්නවා කියන්නෙම උපසිරැසිකරුවන්ට කරන නිගාවක් විදියට මං හිතනවා. කොහොමත් ඒ වගේ මුහුදු මංකොල්ලකාරයින්ට අනුන්ගේ දේවල් හොරෙං ගන්නේ නැතුව තමන්ගේම දෙයක් කරලා ඉස්සරහට එන හැටි එයාලගෙ දෙමාපියන් මං හිතන්නේ කියලා දීලා නෑ. ඉතිං ඒ දෙමාපියන්ගෙ වැරදි යන්නේ අන්තිමේදි අපේ පිටිං. ආයි ආයි කියනවා සබ් උස්සන අය හට විලි ලැජ්ජාව කියන දේ පහලා වේවා කියාලා!

එහෙනම්, තවත් මෙවැනිම උපසිරැසියකින් නැවත හමුවන තෙක් ඔබට තෙරුවන් සරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

 

3,521 downloadsDownload The-Night-Manager-S01E04.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු හේෂාන්

Subtitles

3,521 downloadsDownload Subtitles25 KB

16 comments

  1. Anonymous

    සිරා කතාව බන්
    ඕකුන්ගෙන් සබ් ගන්න ගොබ්බයෝ ඉන්න නිසා තමයි ඔය පීචන් සයිට් තාමත් තියෙන්නේ
    එනිවේ තැන්ක්ස් මචෝ සබට

  2. Sanjeewa Malith

    Thank u subtitles akata ❤❤

  3. Naveen Mbr

    බොහොම ස්තූතියි අයියේ!

  4. Kushan

    Sub akta thanks

  5. මයුර

    සබට තෑන්ක්ස් මචන්

  6. Lahiru

    ඔය පයිරෙට් එකේ අනුන්ගේ සබ් උස්සන උන්ට කොහෙද බන් දෙමව්පියෝ ඉන්නේ හොද නරක කියලා දෙන්න
    ඕකුන් බල්ලොන්ට ජාතක වෙච්ච උන්
    ඔය හිගන සයිට් ගැන ගනන් ගන්න එපා බන් උබලත් එක්ක හැරෙන්නවත් පුලුවන්ද ඔය පරයොන්ට...........

    ජය වේවා බයිස්කෝප්
    තැන්ක්ස් සබ් එකට

  7. sahangayantha

    Thanks a lot saho sub ekata

  8. Laki

    මේ කතාවේ හරි හැටි අවසානයක් නැද්ද සහෝ?...ඒක බලන්න ජූනි වෙනකන් ඉන්න වෙනවාද?..

  9. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. Anonymous

    thanks

  11. Chandi

    Thank you so much

  12. Anonymous

    Part 2 subtitles oneh

  13. Deemantha

    Episode 5 6 7 subtitles one

    1. විමා

      දීල තියෙන්නේ

  14. Anonymous

    Part 2 ekatath sub dennko

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P