කොහොමද යාළුවනේ බයිස්කෝප් ටීම් එකේ අපි එකතුවෙලා උපසිරැසි අරන් එන ද බෝයිස් කතා මාලාවේ පලමු කතා සමයෙ හයවෙනි කතාංගයට තමයි අද මං උපසිරැසි අරන් එන්නෙ.ඉතින් අපේ මේ බිලී බුචර් ඇතුලු සෙට් එකේ වැඩ ටික හෙන ආතල් එකේ කට්ටිය බලනව ඇතිනෙ, ඇත්තම කිව්වොත් කිසිම සුපිරි බලයක් නැති සෙට් එකක් සෙවන් එකේ වීරයන්ට අභියෝග කර…

කොහොමද යාළුවනේ බයිස්කෝප් ටීම් එකේ අපි එකතුවෙලා උපසිරැසි අරන් එන ද බෝයිස් කතා මාලාවේ පලමු කතා සමයෙ හයවෙනි කතාංගයට තමයි අද මං උපසිරැසි අරන් එන්නෙ.ඉතින් අපේ මේ බිලී බුචර් ඇතුලු සෙට් එකේ වැඩ ටික හෙන ආතල් එකේ කට්ටිය බලනව ඇතිනෙ, ඇත්තම කිව්වොත් කිසිම සුපිරි බලයක් නැති සෙට් එකක් සෙවන් එකේ වීරයන්ට අභියෝග කරන එකම කොච්චර හපන්කමක්ද නේද? හරි එහෙනම් අද කතාංගය ගැන බලන්න කලින් අපි කලින් කතාංගයෙ වෙච්ච දේවල් ගැන මතක් කරන් ඉමු.
ඉතින් අපි පසුගිය කොටසින් කතාව තනිකරම අනිත් පැත්ත ගහන සිදුවීමකුත් දැක්ක. මුල ඉදන්ම මතක් කරොත් ඉතින් කතාවෙ ගොඩක්ම පෙන්වන්නෙ සමරිටන් එම්බ්‍රේස් එකේ සිදුවීම්. එසීකිල්ගෙ ප්‍රධානත්වයෙන් දෙවියන් වහන්සේ ඇදහීම පිලිබද පැවැත්වෙන උත්සවයක් තමයි මේ සමරිටන් එම්බ්‍රේස් කියන්නෙ කියල අපි දැක්කනෙ. ඉතින් මේ උත්සවයෙ සියළුම සුපිරි වීරයන් යැයි කියාගන්නා පිරිස සිදුකරන ඔක්කොම කතා පිටපතකට අනුව තමා වෙන්නෙ. මේකෙදි මෙයාල කියන ප්‍රධානම දෙයක් තමයි දෙවියන් විසින් සුපිරි වීරයන් වෙන්න කට්ටියව තෝරගන්නවයි කියන කාරණේ. කොහොමින් හරි හියුඊ ස්ටාර්ලයිට්ගෙ පාරෙන් ගිහින් එසීකිල් ගෙන් කම්පවුන්ඩ් V ගැන කොහොම හරි හොයාගෙන බුචර්ලට එතනින් පස්සෙ වැඩ ටික බාරදෙනව.ඊටපස්සෙ තමා මං කතාවෙ ආසම ටික යන්නෙ. සූප් බබ්බු ටික හොයාගන්නකොට බුචර්ගෙ රියැක්ෂන් එක එහෙම. කොහොමින් හරි මේ අපත සුපිරි වීර යක්කු (ස්ටාර්ලයිට් හැර; එයාට මුකුත් කියන්න නම් එපා හරිද? <3) පොඩි කාලෙම කම්පවුන්ඩ් V ගහපු අය. ස්ටාර්ලයිට්ටත් ඉතින් ඔය කාරණේ අදාල උනාට එයාට විතරනෙ ඇත්තෙන්ම මිනිස්සු ගැන කැක්කුමක් තියෙන්නෙ. අනික ඩීප්ටත් කෙලවෙන්න වගේ යන්නෙ. මොකද ඇනී ලෝකයක් ඉස්සරහ වෙච්ච අදාළ වැඩේ ගැන කිව්වනෙ.
හරි එහෙනම් දැන් නම් කතාව තවත් සුපිරියක් වෙන්නයි යන්නෙ. මේ කොල්ලො සෙට් එක ඉස්සරහටත් තව අභිරහස් දේවල් හොයාගන්නව. එහෙනම් අද කොටසත් බලමු එහෙනම්.
Episode title:-The Innocents
Air Date:-2019 July 26
Director:-Jennifer Phang
Imdb:-8.2
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම Bluray පිටපත් සඳහා පමණක් වලංගු වේ.
9,576 downloadsDownload The-Boys-S01E06.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-07-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
6 comments
sachintha
Thilinda Randeera
ස්තූතියි සහෝදරයා ❤ දිගටම
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sahan Gayantha
thanks a lot saho sub ekata
Thisara Prabhath Senarathne
Thanks bro
Advertisement
![The Boys (2019-) [S01: E06] Sinhala Subtitles | මෙස්මර් [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/11/The-Boys-Season-1.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි