සුබ දවසක් සියළුදෙනාටම… කොරියානු කථා මාලාවන්ට කැමති බයිස්කෝප් රසිකයන් වෙනුවෙන් පසුගිය ජූලි 16 වෙනිදා TVING ඔස්සේ විකාශය කිරීම් ආරම්භ කරපු The Witch’s Diner නම් කොටස් 8කින් යුක්ත කථා මාලාවට උපසිරැසි අරගෙන එන්නයි මේ සූදානම.Goo Sang-Hee නම් වෙබ්ටූන් රචකයාගේ Come to the Witch’s Restaurant (Manyeosikdang…

සුබ දවසක් සියළුදෙනාටම… කොරියානු කථා මාලාවන්ට කැමති බයිස්කෝප් රසිකයන් වෙනුවෙන් පසුගිය ජූලි 16 වෙනිදා TVING ඔස්සේ විකාශය කිරීම් ආරම්භ කරපු The Witch’s Diner නම් කොටස් 8කින් යුක්ත කථා මාලාවට උපසිරැසි අරගෙන එන්නයි මේ සූදානම.Goo Sang-Hee නම් වෙබ්ටූන් රචකයාගේ Come to the Witch’s Restaurant (Manyeosikdangeuro Oseyo) කියන වෙබ්ටූන් එක පදනම් කරගෙනයි මේක නිර්මාණය කරලා තියෙන්නෙ. Comedy | Drama | Fantasy කාණ්ඩ යටතේ නිෂ්පාදනය වුන මේ මිනි සීරීස් එක IMDb දර්ශකයේ 9.2 ක ඉහල අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. Song Ji Hyo, Nam Ji Hyun සහ Chae Jong Hyeop කියන නළු නිළියන් මෙහි රංගනයෙන් දායක වෙනවා. Hotel Del Luna බලපු අය නම් මේකට ගොඩක් කැමති වෙයි. කථාව ගැනි පුංචි හැඳින්වීමක් කරන්නම්කෝ.
ජො හී රා කියන්නෙ මායාකාරියක්, ඇය The Witch’s Diner නම් අවන්හලක් කරගෙන යනවා. මේ අවන්හල විවෘත වෙලා තියෙන්නෙ ඉර බැහැලා නැවත ඉර උදාවෙනකම් විතරයි. හැබැයි මේ අවන්හලට හැමෝටම යන්නත් බෑ.කර කියාගන්න දෙයක් නැතුව තමන්ගෙ ජීවිතේ බලාපොරොත්තු සියල්ලම කඩා වැටිලා යන අයට විතරයි මේ අවන්හලෙන් ආහාර වේලක රස බලන්න පුළුවන්. හැබැයි මේ අවන්හලේ ආහාර වේලක රස බලන අයට තමන්ගෙ ජීවිතේ එක ප්‍රාර්ථනාවක් ඉෂ්ඨ කරගන්න පුළුවන්. ඒත් ඒකට ගෙවන්න වෙන මිල නම් ඉතා ඉහලයි. සල්ලි වලින් නෙමෙයි ඒ මිල ගෙවන්නෙ.තමන්ගෙ ඇස් පෙනීමේ සිට තමන්ගෙ ජීවිතෙන් පවා ඒ මිල ගෙවන්න සිද්ධ වෙනවා.
ජින් කියන්නෙ ජීවිතේ ගැන ලොකු බරක් පතලක් නැති වැඩට ගියත් තමන්ට හිතුන වෙලාවකට යන කෙල්ලෙක්. ඔෆිස් එකේ අයත් එක්ක කෑම කන්න ගිය වෙලාවක වුන දෙයක් නිසා වැරැද්දක් නැතත් එයාගෙ බොස් එයාව රස්සාවෙන් අස් කරනවා. ඉතින් ජින් එයාගෙ අම්මගෙ කීමට ගෙදර උකසට තියලා ඉතුරු කරගත්ත සල්ලි සේරමත් අරගෙන අඳුනන කෙනෙක්ගෙ අවන්හලක් තමන්ගෙ භාරයට අරගන්නවා. පලවෙනි දවසෙ සෙනඟ ගොඩක් හිටියත් ඊලඟ දවසෙ ඒ අයව වංචාවක අහුවෙලා කියලා එයාලට තේරෙනවා. කරකියා ගන්න දෙයක් නැති වෙලාවක ජින්ව හම්බෙන්න හී රා ජින්ගෙ අවන්හලට ඇවිල්ලා ඇය ප්‍රාර්ථනා කරන දේ ඉෂ්ඨ කරලා දෙන්න පුළුවන් කියනවා. ජින් ප්‍රාර්ථනා කරන්නෙ මොකක්ද, ඒකට එයාට ගෙවන්න වෙන මිල මොකක්ද කියලා නරඹලාම දැනගන්නකෝ. මීලඟ කොටසෙන් හමුවෙමු.
උපසිරැසි ගේන්නෙ PSArips එකෙන් නිකුත් කරන පිටපතට නිසා පිටපත එන්න පරක්කු වුනොත් උපසිරැසිය පරක්කු වෙන්න පුළුවන්.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,959 downloadsDownload TWD-S01-E01-E02.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
17 comments
Anonymous
Redrux
උපසිරසියට ස්තුතියි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Thanks! Korean seies walata digatama sub denna..
Anonymous
සබ් එකට බොහෝම ස්තූතියි! කොරියන් සීරීස් වලට දිගටම සබ් දෙන්නකෝ!
Anonymous
සබ් නොදීපු කොරියන් ත්‍රිලර් එකක් දෙන්නකෝ
Anonymous
අලුත් කතාවක් දිලා... තැන්ක් යු
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
harsha
කෝ අනේ The innocent දෙද්දි නාහෙන් අඬ අඬ වැලලුනු සැට් එක.කමෙන්ට් එකක්වත් නොදා හොරෙන්ම බාගෙන ගිහින් වගේ..
ඊයෙ රැම පලෙවෙනි එපිය බැලුව සහෝ.වෙනස විදිහක කතාවක් වගේ.සබ් එකට ගොඩක් ස්තූතියි.ජය
Ishan Madusha
බොහෝම ස්තූතියි සබ් එකට
Anonymous
ඩිනර් නෙමේ ඩයිනර්
Isuru
හොඳ කතාවක්..සබට තෑන්ක්ස්
Anonymous
සබ් එකට තෑන්ක්ස්! Korean Thriller ටිකකුත් දෙමු!
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks bokka❤️
Korean ekak kaalekin