The Outpost “ඈත මුරපොල” පළමුවැනිසහ දෙවැනි සහ තෙවැනි කතාමාලාවෙ උපසිරැසි වලට ස්තූති කරපු කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි..!! අද ඉඳන් ඊළඟ කතාමාලාවත් බලන්න පටන් ගමු නේද? මේ පටන් ගත්තෙ “The Outpost” කතා මාලාවෙ කීවෙනි කතා මාලාව (Season) ද කියලා ප්‍රශ්නයක් තියනවා. මේ පටන් ගත්තෙ Season 3B, එහෙම නැත්නම් තුන් ව…

The Outpost “ඈත මුරපොල” පළමුවැනිසහ දෙවැනි සහ තෙවැනි කතාමාලාවෙ උපසිරැසි වලට ස්තූති කරපු කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි..!!
අද ඉඳන් ඊළඟ කතාමාලාවත් බලන්න පටන් ගමු නේද? මේ පටන් ගත්තෙ “The Outpost” කතා මාලාවෙ කීවෙනි කතා මාලාව (Season) ද කියලා ප්‍රශ්නයක් තියනවා. මේ පටන් ගත්තෙ Season 3B, එහෙම නැත්නම් තුන් වෙනි කතාමාලාවෙ දෙවැනි පරිච්ඡේදය කියලා කිව්වත්, මේකෙ වීඩියෝ පිටපත් නම් කරලා තියෙන්නෙ Season 4 (4වෙනි කතා මාලාව) කියලා. ඉංග්‍රීසි උපසිරැසි නම් කරලා තියෙන්නෙත් 4 වෙනි කතා මාලාව කියලා. ඒ නිසා මමත් මේක 4වෙනි කතාමාලාව කියලාම කියන්නම්.
මේ 4වෙනි කතාමාලාව විකාශනය වෙන්න පටන් ගත්තේ 2021 ජූලි 15 වෙනි බුහස්පතින්දා. මේ කතාමාලාවත් තවත් සති 12ක් ඒ කියන්නෙ සම්පූර්ණ කොටස් 13ක් සෑම බුහස්පතින්දාම CW Network නාලිකාවෙ විකාශනය වෙනවා. ඒ විකාශනයට සමගාමීව අපේ සිංහල උපසිරැසි දෙන්නත් ඔන්න බයිස්කෝප් කණ්ඩායම තීරණය කළා. ඒ ගැන බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටත් ස්තූති කරන්න අමතක කරන්න එපා. “ඊළඟ සීසන් එකත් පටන් අරගෙන ඔන්න” කියලා මට මේ ආරංචිය දීලා වැඩේ භාර දීපු චාමර සම්පත් සහෝදරයටත් බොහොම ස්තූතියි.
The Outpost SE04 EP01 (Someone Has to Rule) / කවුරුන්හෝ පාලනය කළ යුතුයි
තුන්වෙනි කතා මාලාව අවසන් වුණු හැටි මතකයි නේද? අළු ග්‍රහයා ඇතුළට ගියපු ටැලොන්, සෙඩ්, ව්‍රෙන් තුන් දෙනා සෙඩ්ගෙ මල්ලි “කෝර්වන්” ගෙ උදව්වෙන් ටැලොන්ගෙ තාත්තා “සයිවෙක්” හොයාගන්නවා. අවුරුදු ගාණක් පාළු ගුහාවක් ඇතුළෙ හෙල්ල 4ක් ඇනිලා හිටියත් එයා පණපිටින් හිටියෙ එයාගෙ ඇඟේ තියෙන කළු කින්ජ් නිසා. ඒ අතරෙ යවාල්ලාගෙ අනුගාමිකයො මුරපොලට පැනලා ගොඩාක් දෙනෙක් ආසාදනය කරනවා. ෆාලිස්ටාව බේරගන්න ගිහින් ටොබින් මැරෙනවා. අනිතිමේ දි කළු කින්ජ් තමන්ගෙ ඇඟට ගත්ත රෝස්මන්ඩ් රැජිණ, එහෙම නැත්නම් ග්වේන්, යවාල්ලාව මරන්න කරන්න පුළුවන් එකම දේ කරනවා. කළු කින්ජ් ස්පර්ශ වෙන හැම දේම විනාශ වෙන බව මතකයිනේද? ඉතින් අන්තිමට කළු කින්ජ් නිසා යවාල්ලා වගේම රෝස්මන්ඩ් රැජිණත් අළු බවට පත් වෙනවා.
දැන් මේ රාජධානියට පාලකයෙක් කෝ? දැන් ඉතින් වෙන කවුරු රජ වෙන්නද? සුදුසුම කෙනා ටැලොන් නෙවෙයිද? ගැරට්, ජැන්සෝ, සෙඩ් ඇතුළු කට්ටියම ඔටුන්න භාර ගන්න කියලා ටැලොන්ට කියනවා. ඉතින් ටැලොන් ඔටුන්න දා ගනියිද? ටැලොන්ට රජකම අරගෙන රාජධානිය පාලනය කරන්න පුළුවන් වෙයිද? බ්ලැක්බ්ලඩ්ස්ලා කොහොම වෙතත් මිනිස්සු ඒකට කැමති වෙයිද? රතු කින්ජ් තියෙන ෆාලිස්ටා, ටොබින් නැතත් රජකමට උත්සාහ කරන එකක් නැද්ද? ප්‍රශ්න ගොඩයි.
මගේ උපසිරැසි වලට හොඳ කියපු, අඩුපාඩු පෙන්නලා කමෙන්ට් කරපු හැමෝටමත්, බයිස්කෝප් එකේ මගේ පළවෙනි කඩඉම වන 50වෙනි උපසිරැසියටත් www.baiscope.lk එකෙන් වගේම Facebook එකේ “බයිස්කෝප් සිංහලෙන්” Page එකේ මට සුභ පැතුම් එකතු කරලා තිබුණු හැමෝටමත් මම ආපහු ස්තූති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. එක එක්කෙනාට වෙන වෙනම ස්තූති කරන්න බැරි වුණු එකට සමාවෙන්න.
මුළු ලෝකෙටම වසංගතයක් වෙලා තියෙන COVID-19 වෛරසයෙන් මුළු ලෝකෙම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව කටයුතු කරලා, ලැබෙන එන්නතත් විදගෙන හැමෝම ආරක්‍ෂා වෙලා, මේ වසංගතය පැතිරෙන එක නවත්වන්න උදව් කරන්න කියලත් ඉල්ලනවා.
එහෙනම් ඊළඟ කොටස “A Throne of Our Own”එකත් එක්ක මුණ ගැහෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත සඳහා අදාළ වේ.
4,488 downloadsDownload The-Outpost-2018-S04-E01.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංජීව කේ. ලියනගේ
Subtitles
17 comments
Anonymous
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Nisala
Thanks for subtitles
Puluwan nam elite series eketh sub genna
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
Thanks balan hitiya sub anakan
Anonymous
Sub rakata thanks
Anonymous
Innocent eka wge hoda thriler series ekakta sub dennkoo
Sohan Jayasooriya
ඉවසලා ඉන්න.. ළඟදිම ලැබෙනව..
Sohan Jayasooriya
ස්තූතියි අයියෙ සබ් එකට
prasanga
thanks....
gayan
the terror aeries ekt sub dennko
Isuru
Thank you ayya
Anonymous
thank you very mech saho
Lahiru Lakshan
thanks
RVMENDIS85
Thanks for sinhala sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



මේ සීරීස් එකට සබ් එක දෙනවට ස්තූතියි.