මම ආදි. නළුවෙක් වෙන්න හීන දකින කෙනෙක්. ඒ වුනත් දැනට මගෙ රස්සාව repEAT කියන ආහාර ඇණවුම් ඇප් එකට සම්බන්ධ වෙලා වැඩ කරන එක. 2020 පෙබරවාරි 29 වෙනිදා උදේ නැඟිටලා මං ගියා වැඩට. එදා රෑ මාව හැප්පුනා පොලිස් ජීප් එකක. ආයේ පහුවදා 2020 පෙබරවාරි 29 වෙනිදා උදේ නැඟිටලා මං ගියා වැඩට. එදා රෑ මාව හැප්පුනා පොලිස් […]

මම ආදි. නළුවෙක් වෙන්න හීන දකින කෙනෙක්. ඒ වුනත් දැනට මගෙ රස්සාව repEAT කියන ආහාර ඇණවුම් ඇප් එකට සම්බන්ධ වෙලා වැඩ කරන එක. 2020 පෙබරවාරි 29 වෙනිදා උදේ නැඟිටලා මං ගියා වැඩට. එදා රෑ මාව හැප්පුනා පොලිස් ජීප් එකක. ආයේ පහුවදා 2020 පෙබරවාරි 29 වෙනිදා උදේ නැඟිටලා මං ගියා වැඩට. එදා රෑ මාව හැප්පුනා පොලිස් ජීප් එකක. ආයේ පහුවදා 2020 පෙබරවාරි 29 වෙනිදා උදේ නැඟිටලා මං ගියා වැඩට. එදා රෑ මාව හැප්පුනා පොලිස් ජීප් එකක. මොන මඟුලක්ද මේ වෙන්නේ? මට පිස්සු හැදීගෙන එනවද?
මම චීෆ් ඉන්ස්පෙක්ටර් දුර්ගා. 2020 පෙබරවාරි 29 රෑ මම රාජකාරියකට යද්දි බයික් එකක් හැප්පුනා මම ඩ්‍රයිව් කරපු පොලිස් ජීප් එකේ. ආයේ පහුවදා 2020 පෙබරවාරි 29 රෑ මම රාජකාරියකට යද්දි බයික් එකක් හැප්පුනා මම ඩ්‍රයිව් කරපු පොලිස් ජීප් එකේ. ආයේ පහුවදා 2020 පෙබරවාරි 29 රෑ මම රාජකාරියකට යද්දි බයික් එකක් හැප්පුනා මම ඩ්‍රයිව් කරපු පොලිස් ජීප් එකේ. මොකක්? මගෙ ඔළුව විකාර වෙලාද?
Time Loop එහෙම නැත්නම් කාල ලූපය හොලිවුඩයට නම් නුපුරුදු නෑ. ටයිම් ලූප් තේමා වුනු චිත්‍රපටි, ටීවී සීරීස් වැහි වැහැලා. Triangle (2009), Predestination (2014), Edge of Tomorrow (2014) වගේ ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට බලපු අයට නම් ටයිම් ලූප් කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. දැන් ඔන්න කොලිවුඩයටත් ටයිම් ලූප් ඇතුළ් වෙන්න පටන් අරන්.
මේ ජූලි මාසේ 16 වෙනිදා aha ස්ට්‍රීමිං සර්විස් එක හරහා නිකුත් වුන විනාඩි 30 – 35 අතරේ දිවෙන කොටස් අටකින් සමන්විත Crime, Sci-Fi, Thriller කාණ්ඩයට අයත් මේ Kudi Yedamathe තෙළිඟු කතා මාලාවටත් ඒ සංකල්පය හරිම අපූරුවට යොදාගෙන තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ අදටත් IMDB හොඳම ඉන්දියන් චිත්‍රපට 250 අතර 100 වෙනි ස්ථානයේ වැජඹෙන Lucia (2013), ඒ වගේම සිනමා ලෝලීන් අතර අතිශය ජනප්‍රිය වුනු U Turn (2016) වගේ ජනප්‍රිය චිත්‍රපට රචනා කළ Pawan Kumar විසින්. අදටත් සිනමා ලෝලීන්‌ගේ දැඩි ප්‍රශංසාවට ලක් වෙන Raatchasan (2018), Velaiilla Pattadhari (2014) වැනි ජනප්‍රිය චිත්‍රපටවලට රංගන දායකත්වය සපයපු සුරූපී නිළි Amala Paul එක්ක Rahul Vijay, Eshwar Rachiraju, Pradeep Rudra වගේ නළු නිළියො තමන්ගෙ චරිතවලට උපරිම සාධාරණය ඉටු කරමින් දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් මැද IMDB මීටරේ 8.8 ට කරකවන්න සමත් වෙලා තියෙනවා.
ඉතාම කෙටි කාලයකින් උණු උණුවෙම මේ සම්පූර්ණ කතා මාලාවම බයිස්කෝප් රසික රසිකාවියන්ට තිලිණ කරන්න මාත් එක්ක, මයුර සුරාජ් අයියා, ආසිරි ප්‍රියන්ත අයියා, ශසිත් සඳරුවන් අයියා, දහරා මුතුඅමා අක්කා, කවිශල් රසින්ත, හිරාන් එරන්ද, නිර්මාල් විමුක්ති කියන අපි අට දෙනා සැදී පැහැදී ඉන්නේ. ඔයත් කොලිවුඩ් ෆිල්ම් දිරවන්නැති කෙනෙක් වුනත් මෙච්චර කල් හොලිවුඩ්වල බහුලව ව්‍යාප්ත වෙලා තිබුන ටයිම් ලූප් සංකල්පෙත් එක්ක වෙනස්ම, නැවුම් අත්දැකීමක් ලබාගන්න මේ සීරීස් එක හරහා ඔයාට පුළුවන් වෙයි. එහෙනම් එකතු වෙලා ඉන්න අපිත් එක්ක මේ කතා මාලාවේ අවසානය වෙනකම්. කොලිවුඩයෙන් මෙතෙක් නොවිඳපු මේ නැවුම් අත්දැකීම විඳගන්න. ජය වේවා!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
6,230 downloadsDownload Kudi-Yedamaithe-S01-E01.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
36 comments
Kasun Lakshan
ශසිත් සඳරුවන්
සබට තුති වේවා මලේ...
සුපිරිම කතා මාලාවක්. කතා දෙකක් නෑ.
හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.
දිගටම සබ් දෙමු ආ...
ජය!විහඟ ගම්ලත්
ඔබේ ආරාධනය බොහොම සතුටින් ප්‍රතික්ශේප කරමි.ස්තූතියි.
tharidu16
උඹට බැරිනම් නිකම් හිටපං. අපි බලනවා යකො.
Anonymous
Thanks! අලුත් Telugu ෆිල්ම් වලටත් සබ් දෙන්න ..
tharidu16
hammmooooooooooooooooo yako dan dawas 4 vithara karalin downloada karala balagena hitiye. thank kipayakam reqwest karala. mechchara ikmanin labayi kiyala hituwe na. thanks machi............. jayawewa
Anonymous
english ewath one.thnkz
Sohan Jayasooriya
මචන් මේකයි අලුතින් එන සීරීස් ගොඩක් ඒවා රිනිව් වෙනවනේ.. සීසන් 1 එක කොහොමහරි දුන්නත් ආයෙ අලුත් සීසන් එද්දි කලින් සීසන් කරපු අය බිසී උනොත් එතනත් ඒ සීරීස් එක හිර වෙනව.. ඒකේ අසාධාරණෙත් වෙන්නෙ ඔයාලටමයි...දැනටම බලන්නකෝ බාගෙට දීලා නවත්තපු සීරීස් කොච්චර තියෙනවද කියලා..සීසන් 1 එක එක්කෙනෙක් දුන්නට පස්සෙ ආයෙ සීසන් 2 ආවොත් වෙන කෙනෙක් හරි දෙයිනෙ කියලා කියන්න පුලුවන්..ඒක මෙහෙමනෙ මචන්.. සබ් හදන අය සබ් කරන්න තෝරගන්නෙ තම තමන් කැමති ෆිල්ම්, ටීවී සීරීස්.. සයිට් එකෙන් කාටවත් බල කිරීමක් නෑ ඔයා මේකට සබ් එක හදන්න අරකට සබ් එක හදන්න කියලා.. සයිට් එකෙන් අපිට යෝජනා කරනව තමයි මෙහෙම ෆිල්ම් එකක් ආවා සබ් එක කරමුද කියලා.. ඒත් ඒක බාරගන්නෙ සබ් හදන කෙනා කැමති නම් විතරයි.. ඉතින් ඔන්න ඔය හේතුව නිසා සීසන් 1 එකෙන් පස්සෙ අලුත් සීසන් ආවොත් සීසන් 1 එකට සබ් දීපු කෙනා බිසී උනොත් සීසන් 2 එකට සබ් කරන්න කෙනෙක් නැති වෙන්න පුලුවන්.. බලන්නකො එහෙම මග නැවතුන සීරීස් සෑහෙන තියෙනවනෙ සයිට් එකේ.. මේ විදිහට සෙට් එකක් එකතු වෙලා හරි සමහර එහෙම මග නැවතුන සීරීස් ඉවර වෙනකම් සබ් කරලා දුන්නා තමයි.. ඒත් හැමදාම ඒක බලාපොරොත්තු අමාරුයිනෙ අර මං උඩින් කිව්ව හේතුව හින්දා.. ඒ හින්දයි සයිට් එකේ අලුතින් එන සීරීස් හැම එකම දෙන්නැතුව සීමිත සීරීස් ප්‍රමාණයක් විතරක් දෙන්නේ.. ගොඩක්ම දෙන්නෙ මිනි සීරීස් සහ දැනට ඇවිත් නතර උන ටීවී සීරීස් විතරනේ.. රිනිව් වෙන සීරීස් දෙන්නෙ ගොඩක්ම සීමිත් ප්‍රමාණයක් විතරයි.. ඒක 100%ක් සාදාරණ නැති බව දන්නව මචන්.. ඒත් සීරීස් බාගෙට සබ් කරලා මගින් නවත්තන එකත් සාදාරණ නෑනේ.. පැති ගොඩක් තියෙයි.. ඒ හින්ද අවුලක් ගන්නෙපා මචන්..
harsha
සොහාන් සහෝ.
කතාව 90%ක් ඇත්ත.එව්නාට මම ඔය උඩින් කියපු ලිස්ට් එකෙන් 5ක්ම තියෙන්නෙ රිනීව් නොවන මිනි සීරීස්.
කේට් වින්ස්ලට් ඉන්න එකටවත් ට්‍රයි එකක් දෙමුකො.
එපි 7යි තියෙන්නෙ.Sohan Jayasooriya
ආහ් එහෙම නම් අනිවා ට්‍රයි එකක් දෙන්නම් සහෝ.. ශුවර්..
harsha
වෙලාව හොයාගන්න අමාරුනං time-2021 කියන සීරීස් එක උනත් කමක් නෑ මචන්.Got එකේ හිටිය එඩර්ඩ් ස්ටාක් මේන් කාස්ට් එකට ඉන්නෙත්.එපිසෝඩ් තුනයි තියෙන්නෙ..කැමති එකකට දෙන්න.තෑන්ක්ස්..
Anonymous
මේච්චර ඉක්මනින් හමබෙයි කියලා නිකමටවත් හිතුවේ නැ. ආර්යා 2020 එකත් බැලුවේ වෙන සයිට් එකකින්නේ.
Alfa
Penoza කියන නෙදර්ලන්ත කතාවේ remake එකක්.ඔරිජිනල් කතාවත් එක්ක හැරෙන්නවත් බෑ..
Anonymous
ඒක උඹට හිතෙන විදිහනේ. අනික් ඕනෑම එකක මුල් එක තමයි කවුරුත් හොදයි කියන්නේ. භාෂාව හා සංස්කෘතිය වෙනස්නේ.
Alfa
සමහරවිට සහෝ කියන එක ඇත්ත වෙන්න ඇති.මම මේ කමෙන්ට් එක දැක්ක නිසයි දන්න දේ පිලිබඳ රිප්ලයි කරෙ.penoza බැලුවෙ සැහෙන කාලෙකට කලින් බන්.පස්සෙ ලඟදි යාලුවෙක් කීව මචන් සීරීස් එකක් තියෙනවා බලමුකො කියලා.බලද්දි ආර්යා කියලා එකක්. පලවෙනි විනාඩි 10න්ම තේරුනා රීමේක් එකක් කියලා.ඒකයි රිප්ලයි කරේ මචන්.දෙකම බැලුව හින්ද මට හිතුන විදිහටනම් penoza ඉස්සරහින් ඉන්නව..කලින් ම ඒක බලල තිබ්බ නිසාත් වෙන්න ඇති.
Anonymous
අනේ බන් අලුතින් දෙන එකත් නවත්වන්න එපා බන්(පහල කමෙන්ට් කරපු අය)
අපි වගේ ඉංග්‍රීසි,හින්දි,කොරියන් කලවමට බලන උන් ගොඩක් ඉන්නෝ
ඇයි බන් ඔච්චර ඉන්දියන් ඒවට බනින්නේ කස්ටිය ඉන්දියන් නෙවෙයි ඕනම රටක නිපදවෙන නිර්මාන සියල්ල අරන් බැලුවොත් බාල නිර්මාන ඕන තරම් තියේ
අපේ වැඩේ තමයි හොද ඒවා හොයන් නරබන එක
ප්ලීස් කස්ටිය ඕකට වාද කරන් නැතුව කැමති නැත්නම් නොබලා ඉන්න කැමති අය කමෙන්ට් එකකුත් දාගෙන සබ අරන් යන්න...............
සොහාන් සහෝ සබට බොහොම ස්තුතියි!ප්‍රමිත හසන්ත
ආපෝ ආපහු ඉන්දියන් සීරීස්.පල්ලෙහා කමෙන්ට් වලට මමත් එකඟයි.ඉන්ග්‍රීසි ඒවටත් ඔය ගැම්මෙන්ම දෙමුකො.සෑහෙන සෙට් එකක් තියෙනවා බන්.මේවනං බැලුවත් එකයි නැතත් එකයි.අවූරුද්දකට දෙකකට විතර කලින් මෙහෙම ජාතියක් තිබ්බද බන්.ඉන්දියන් සීරීස්.අනේ අපොයි.එව්නාට අපි අවුරුදු ගානක් තිස්සෙ බලන්න පුරුදු වෙච්ච ඒව.ඉස්සර සයිට් එකේ වගේ ඒවට දියල්ලකො බන්.
pasindu
මේකත් දෙන ගමන් හොලිවුඩ් එකකුත් දෙමු නේ.මේවටත් අපි වගේ පොඩි පිරිසක් කැමති උනාට ඒ කාලෙ ඉඳන් සබ් දුන්නෙ ඒවටනෙ.මම උනත් අදටත් කැමතිම සීරීස් හොලිවුඩ් තමා.යාලුවො පාවා කියන්නෙ සීරීස් වලට සබ් පරක්කුයි කියලා.බහුතරය ගැනත් අපි හිතමු.එතකොට ප්‍රශ්නෙ ඉවරනෙ.
Kushan
Sub akta thanks
S.K
දැකලවත් නැති උන්ගේ කමෙන්ට් වලට අපහාස කරකර රිප්ලයි කමෙන්ට් කරකර පාහර වැඩ නොකර තමන් කැමති සීරීස් එකක් තියෙනම් කමෙන්ටුවක් දාන් පලයල්ලා , වේලාවක් තියෙන වෙලාවට ඒවටත් සබ් දේවි බයිස්කෝප් එකෙන්
Mare of easttown(2021),Mouse(2021) වගේ ලගදී ආපු සුපිරිම සිරීස් දෙක මන් නම් සිංහල සබ් එක්කම බැලුවා පොඩ්ඩක් හොයලා බලපන් ඒවයි සබ් මෙතන වැලලෙන්නේ නැතුව(බයිස්කෝප් තරම්ම සබ් කොලිටි නෑ ඒ වුනාට කතාව තේරුම් ගන්න පුලුවන්)
දැන් මේකටත් රිප්ලයි කරලා අර උඩ කියපු නම නිකරුනේ දාගන්න එපාtharidu16
මේවා මගේ කමෙන්ට් නෙවෙයි. මගේ කමෙන්ට්වල මම ඊමෙල් එක සබ්මිට් කරලා ඇත්තේ.
Anonymous
Thanks bokka❤️
Sohan bokka ara kalin deepu animal film wage set ekak demu aapahusachintha
menna mekata dila.iye balala iwara kare.matanan echchra set un ne.wenas kathawk nisa kmk ne.mita wada denna watina katha thiyenw ewnt.set ekm ekthu wela thawa demu.
Alfa
සරලවම කතාව මෙච්චරයි.පල්ලෙහා harsha සහෝ ඉල්ලල තියෙන සීරීස් වලින් කීපයක් හරි දෙන්න උත්සහා කරන්න. මොකද ඔයාල සබ් කරන්නෙ අපිට බලන්නනෙ.ඉතින් අපි බහුතරය කැමති ඒවත් දෙන්න. මේවත් දෙන්න. දෙගොල්ලොටම සාදාරණ විදිහට සබ් දෙන්න.නැතුව ඉන්දියන් කතා විතරක් එක දිගට දෙන්න එපා. කලවමේ දෙන්න.
kavindu
time,your honour,shadow and bone,hacks,sweet tooth වගේ කතා වලටත් දෙමු.මේ සබ් වලටත් ස්තූතියි..
Anonymous
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
සොහාන් සහෝ ඔය පහල තියෙන බාල කමෙන්ට් ඔයා ගනන් ගන්න එපා,බාලයෝ බාල වැඩ තමයි කොහොමත් කරන්නේ,ඒක මේ රටේ උන්ගේ වැරැද්ද කරන්න දෙයක් නෑ,ඕවා නිවැරදි කරන්න ගියොත් අපිත් මුන්ගේ ගානට වැටෙන එක වෙන්නේ
උසස් රසවින්දනය කියන එක කොහොමත් හැමෝටම නෑ,මොනවා කරන්නද පව තමයි
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු සහෝSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Kavindu
උපසිරසියට ස්තුතියි
Nuwan
Thanks sohan saho
Api nm mewa aasawen blnow
Wade athaharinna epa sahosachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
කවිඳු ජයවර්ධන
ඉන්දියන් කතා එච්චරම සෙට් නැති උනත් සොහාන් අයියා නිසාම බලන්න ඕනෙ.ලිපියෙ හැටියටත් නරකම නෑ වගේ.සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ..
Chandima Prasad
Thanks Sub Ekata.
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Pramukmili
Thanx bro..........
suppa
පට්ට ෆිල්ම් එක , එක දිගට ඔක්කොම ටික බැලුවා , ස්තුතියි සබ් වලට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


උපසිරසට ගොඩාක් ස්තුතියි සහෝ.....ඊළග ටිකත් ඉක්මනට දෙන්න,මරු කතාවක් වගේ