37000 ඉක්වමවූ මනාප ප්‍රමාණයකින් IMDB මීටරය 8.6ක් වෙනකම් කරකවන්න සමත් වෙච්ච, පලවෙනි සීසන් එකෙන්ම Top Rated TV Series ලිස්ට් එකේ 180 වෙනකම් උඩහට ගිහිල්ලා… කාලයත් එක්ක ඒ ලිස්ට් එකෙන් එලියට වීසි වෙච්ච, කෝටි 100ක් වියදම් කරලා නෙට්ෆ්ලික්ස්ලා හදපු Sacred Games දෙවනි කතා සමයෙන් පස්සෙ… එදා මෙදා තුර ඉන්දීය ප…

37000 ඉක්වමවූ මනාප ප්‍රමාණයකින් IMDB මීටරය 8.6ක් වෙනකම් කරකවන්න සමත් වෙච්ච,
පලවෙනි සීසන් එකෙන්ම Top Rated TV Series ලිස්ට් එකේ 180 වෙනකම් උඩහට ගිහිල්ලා…
කාලයත් එක්ක ඒ ලිස්ට් එකෙන් එලියට වීසි වෙච්ච,
කෝටි 100ක් වියදම් කරලා නෙට්ෆ්ලික්ස්ලා හදපු Sacred Games දෙවනි කතා සමයෙන් පස්සෙ…
එදා මෙදා තුර ඉන්දීය පුරවරයෙන් එලිදැක්වෙන දැවැන්තම වෙබ් ප්‍රාසාංගික අත්දැකීම!
පලවෙනි කතා සමයෙන්ම Filmfare OTT Awards පහක් දිනාගනිපු,
Breathe, Mirzapur, Paatal Lok, Panchayat වගේ විශිෂ්ඨ වෙබ් කතාමාලාවන් තිලිණ කරපු ඇමසන් ප්‍රයිම්ලගෙ ඔරිජිනල්ම වෙබ් සීරීස් එකක් වගේම,
Go Goa Gone, Happy Ending, A Gentleman අධ්‍යක්ෂණය කරපු Raj & DK අධ්‍යක්ෂණයෙන් හැඩ වැඩ ගැන්විච්ච,
බොලිවුඩයේ දැවැන්තම චරිතාංග රංගන ශිල්පියෙකු වන Manoj Bajpayee ප්‍රධාන රංගන දායකත්වය සපයද්දි…
සියළු දෙනාම විශ්මයට පත්කරමින් දෙවන කතා සමයේ ප්‍රධාන දුෂ්ඨ චරිතය සඳහා ඔබ අප කවුරුත් ආදරය කරන දකුණු ඉන්දීය රංගන තාරකාවිය Samantha Akkineni එකතු වෙනවා.

ඔබ දැනටමත් පලමු කතා සමයට නරඹලා නම් ඉන්නෙ, මතක ඇති ISIS ත්‍රස්තයින් විසින් ඉන්දීය භූමිය තුල සිදුකරන්නට ගිය මහා මිනිස් සංහාරය අවසන් උනේ කොයි ආකාරයෙන්ද කියලා. පලමු කතා මාලාවෙ අවසාන කතාංගය නැරඹූයේ මීට වසර දෙකකට පෙරාතුව වුනත්, ඒ සංවේදී අවසානය තවමත් මතකය පාරනවා හරියට අද ඊයෙ සිද්ධ වෙච්ච දෙයක් වගේ. පෞද්ගලිකව මාව සංවේදී කල අවසානයක් වගේම, මගේ වචන වලින් කියනවා නම්, “මහ මූසල අවසානයක්” කියලා හඳුන්වන්න පුළුවන්. පලවෙනි කතා සමය, මේ දෙවනි කතා සමයත් එක්ක කෙලින්ම සම්බන්ධයක් නැති වුණත්, පලමු කතා සමයේ සිදුවීම්, දෙවන කතා සමයටද බලපෑම් ඇති කරලා තියෙනවා ඔබටම බලාගන්න පුලුවන්. ඒ නිසා, පලවෙනි කතා සමය නැරඹුවෙ නැති කෙනෙක් ඉන්නවා නම් පලවෙනි එක මුලින්ම නරඹලා ඉන්න. මොකද, බොලිවුඩ් රසිකයෙක් විසින් කිසිසේත්ම මග නොහැරගත යුතු කතා මාලාවක් තමයි මේක. ඒ නිසාම, පලවෙනි කතාංගය ගැන විස්තර කරලා තවමත් නොබලපු අයට අසාධාරණයක් කරන්න යන්නෙ නැහැ මං මේ වෙලාවෙ. එහෙනම් කෙලින්ම දෙවනි කතා සමයට එමු අපි. 

දමිළ විමුක්ති සටන්කාමීන් යනුවෙන් තමාව හඳුන්වාගනු ලැබූවා වූද,
ජනතාව තලා, පෙලා, ඔවුන්ගේ රුහිරු බිඳු මතින් වියරු ඊලාම් සිහිනයක් පසුපස හඹා ගියා වූ…
දමිළ විමුක්ති සටන්කාමී සංවිධානායෙ ප්‍රධාන ත්‍රස්තයින් තිදෙනා,
වීරෝධාර ශ්‍රී ලාංකික හමුදාවේ ප්‍රහාරය හමුවේ ඉන්දියාවට පලා යනවා!
වසර කිහිපයක් නිහැඬියාවකින් ගතවෙනවා.
හදිසියේ ලැබුණු අවස්තාවක් මත ශ්‍රී ලාංකික රජය විසින්,
එදා ඒ ආකාරයෙන් පලාගිය ත්‍රස්තයින් තිදෙනාගෙන් එක් අයෙකු ඉන්දීය රජය මගින් ඉල්ලා සිටිනවා.
ඒ, ඉන්දීය රජයට ඉවත නොදැමිය හැකි වරප්‍රසාදයක්ද සමගින්.
ලැබුණු අවස්තාව හිස මුදුණින් පිළිගන්නා ඉන්දීය රජය,
විශේෂ මෙහෙයුමක් දියත් කරනවා ත්‍රස්ත ප්‍රබලයා ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට.
නමුත්, සියල්ල කණපිට හැරෙන්නට ගතවන්නෙ නිමේෂයක කාලයක් විතරයි!
මොකක්ද උනේ?
මේ වෙද්දි තමන්ගෙ පාඩුවේ රස්සාවෙන් විශ්‍රාම අරං ඉන්න ශ්‍රීකාන්ත් තිවාරි මේකට පටලැවෙන්නෙ කොහොමද?
එහෙනම් මේ තමයි හොඳම වෙලාව…
ශ්‍රි ලාංකික සම්බන්ධයක් සහිත, ජාත්‍යන්තර මට්ටමේ වෙබ් කතා මාලාවක් රසවිඳින්න!

දෙවනි කතාවට මූලිකවම පදනම් වෙන්නෙ ශ්‍රී ලංකාව සහ කොටි ත්‍රස්තවාදය පිලිබඳව. කොටි ත්‍රස්තවාදය ගැන කතාවක් නම් දැනට ජීවතුන් අතර ඉන්න කොටි පැටව් ටික ඇවිස්සුනේ නැද්ද කියලා ඔබට හිතෙනවා ඇති. ඇයි නැත්තෙ? මදි නොකියන්න ඇවිස්සුණා. ශ්‍රී ලංකාවත් කතාවට ගෑවිලා නිසා සහ කතාවෙ සමහර තැන් වල සිංහල භාෂාව සෘජුවම යොදාගෙන තිබීම නිසා කොටි පැටවු ටික තවත් ඇවිස්සිලා ගියා. දෙවන කතා සමයේ නිල ට්‍රේලර් පටය අන්තර්ජාලයට මුදා හැරීමත් සමගම මුළු දකුණු ඉන්දියාවම දෙබරෙට ගල් ගැහුවා වගේ ඇවිස්සිලා ගියා කිව්වොත් මුසාවෙක් නෙමෙයි මං හිතන්නෙ. මේ සඳහා ප්‍රධාන හේතුව වුනේ කොටි හිතවාදී ඉන්දීය දෙමල ජනතාව. ඔවුන්ව උසි ගැන්වූයේ කොටි හිතවාදී දමිල දේශපාලකයන්. ට්‍රේලර් පටයේ ඇතැම් කොටස් උළුප්පා දක්වමින් ඔවුන් පුන පුනා ප්‍රකාශ කර සිටියේ, මෙමගින් ඉන්දීය දමිල ජනතාවට අපහාසයක් සිදුවී ඇතැයි යන්නයි. මේ අතරින්, තමිල්නාඩු දේශපාලනඥයෙකු වන වෛකෝ මේ පිලිබඳව ඉන්දීය රජයට තර්ජනාත්මක ලිපියක් යවමින් ප්‍රකාශ කර සිටියේ, මෙම වෙබ් කතා මාලාව වහාම තහනම් කර සිටින ලෙසයි. විහිළුවට කාරණාව කියන්නෙ, ශරීරකෘත්‍ය කරන්න හරිහමං වැසිකිලියක් වත් නැතිව, කිසි හිරිකිතයක් නැතුව ඒ දේ එලිපිටම කරන එවුන් තමයි කියන්නෙ, වෙබ් කතාමාලාවක තියෙන දර්ශණ කිහිපයක් නිසා තමන්ට අපහාසයක් වෙනවා කියලා. අනිත් පැත්තෙන් ගත්තාම, ජන්දයකුත් අත ලඟ තියාගෙන, කොරෝනා වලින් වැලේ වැල් නැතුව ඉන්න ඉන්දීය රජයෙන් වෛකෝ කරපු මේ ඉල්ලීම හරියට, ඔලුව ගිණි අරං ඉන්න එකා ගාවට ගිහිල්ලා සිගරට් එකක් පත්තු කරගන්න ගින්දර ටිකක් ගන්නද ඇහුවා වගේ හතර හිනා යන වැඩක් විදියටයි පෞද්ගලිකව මං නම් දකින්නෙ. කොහොමින් කොහොමහරි අන්තිමේදී පුරුදු විදියටම කොටි ටික පැරදුණා. ඉන්දීය රජය වෛකෝ ප්‍රමුඛ දමිල කොටි හිතවාදීන්ගේ මෙම ඉල්ලීම තඹ සතයකට ගණන් ගත්තෙ නැහැ. ඔබට පහතින් බලාගන්න පුළුවන් වෛකෝ විසින් ඉන්දීය රජයට යවන ලද ලිපිය සහ, කොටි හිතවාදී සීමන් විසින් තබන ලද සටහනත්.

වෛකෝ විසින් රජයට යවන ලද ලිපිය

සීමන් විසින් තබන ලද සටහන

 

එහෙනම්, පලවෙනි කොටසට මේ ඇති කියලා හිතනවා. පලවෙනි කතා මාලාව බලපු කෙනෙක්ට නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මේකත් බලන්න කියලා. ඒ රහ කොහොමද කියලා ඒ අය දැනටමත් හොඳටම දන්නවා. තවමත් නොබලපු කෙනෙක් ඉන්නවා නම් මේ තමයි වැඩේට බහින්න හොඳම වෙලාව. හිත හිතා ඉන්න දෙයක් නැහැ. කිසිම ආකාරයකින් ඔබව රස්තියාදු කිරීමකින් තොරව දවසක් දෙකක් ඇතුලත දෙවන කතා සමයේ කතාංග නවයටම උපසිරැසි ඔබ අතට ලැබේවි. එක් එක් කතාංගයේ අවසානයේ සටහනක් දාන්නම් ඊලඟ කතාංගය ලබාගන්න පුළුවන් දිනය සහ වෙලාව හරියටම. ඒ වෙලාවට ඇවිල්ලා උපසිරැසිය අරගෙන යන්නයි තියෙන්නෙ. 

එහෙනම්, දෙවනි කතාංගයත් අරගෙන තරිඳු රුක්ෂාන් ඒවි අද සවස 5.00 වෙද්දි. හැමෝටම ජය!

රස හඳුනන්නෝ…
ඉවසීම ඇත්තෝ…
ගුණාත්මක උපසිරැසි ලබන්නෝ…
බයිස්කෝප් සමඟම රැදෙන්නෝ!
(උපසිරැසිකරණයේ Google Translate රැල්ලෙන් ඔබ්බට…)

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

7,703 downloadsDownload TFM-S02E01.zip37 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Next BT1

             

 

Subtitles

7,703 downloadsDownload Subtitles37 KB

42 comments

  1. Sanjeewa2010

    Thnxxxxxxxx

    1. Sachith

      Download link ekak ewannako pls

    2. isuru srinath sjs

      Baiscopedownloads එකේ දාලා තියෙනවා.

  2. නිර්මාල් විමුක්ති

    Niyamayi Sisila aiye....

  3. Nethini123

    Waiting.....
    Thank you so much.....................

    1. Anonymous

      Download link ekak tiyenaeanm danawada... Mta hoyaganna nah ne

    2. isuru srinath sjs

      www. baiscopedownloads. co එකේ බලන්න.ඒකේ තියෙනවා.

  4. Nishi

    Thanks sub ekata... Download link ekak dennakoo..

    1. isuru srinath sjs

      baiscopedownloads එකේ තියෙනවා..

  5. Sandun Gunawardana

    Thank You Very Much Sahoo..Season eka out una gamanma sub eka dunnata

  6. සනිඳු ලක්ඛිත

    ඔන්න කාලෙකට පස්සේ අපි දන්න අපි හොය බයිස්කෝප් ගැම්ම.. සිරාවට පට්ට සිසිල් අයියේ.. මේ වගේ පුලුවන් ඉක්මනටම සබ දෙන්න වටින සීරීස් එකක් මේක. පළවෙනි සීසන් බැලුවෙත් බයිස්කෝප් සබ් දීලා තිබ්බ නිසාමයි. දෙවෙනි එකනම් එනකම් බලන් හිටියේ එනවුසමන්ට් ආව ගමන්. ඔය කොටි සීන් එකනම් ඉන්දියාවේ ගොඩක් දේවල් වලට ඇදෙනවා. හැබැයි ඉතිං අර කිව්වත් වගේ කවුරුත් පඩේකට ගනන් ගන්නේ නෑ. ලෝකෙ දැන් හැදෙන ෆිල්ම්/සීරීස් බහුතරේක ISIS එහෙම ගෑවිලා තියේ. සමහරවිට අකුරක් හලලා. එහෙම බලනකොට උන් ඒ ෆිල්ම්/සීරීස් හදන උන්ටම කෙලවලා ඉවරයක් නැති වෙන්න ඕනි. ඕනිම ෆිල්ම් එකක සීරීස් එකක් ගන්න දේවල්, ඉගෙන ගන්න දේවල් තියේ. හැබැයි ඒ සේරම බදාගන්න ගියාම ඔය වෛකෝ වගේ ටිපර් වෙලා තමා නතර වෙන්නේ.. මෝඩ යක්කු..
    සබට බෝම ස්තූති.. ජය වේවා.. බුදුසරණයි..!

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  8. Pasindu Madumal

    අම්බෝ ඒ ලිපියයි වචන ටිකයි,
    සබට තුති සිසිල අයියා ❤️

  9. isuru srinath sjs

    අයියේ නියමයි... ලිපියත් මරු.. ලස්සන වදනකුත් තියෙනවා... බොහොම ස්තුතියි අයියේ උපසිරැසියට.. ජය වේවා..! ❤️

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    සීරීස් එක ආපු දවසෙම පැයෙන් දෙකෙන් උපසිරැසි දීලා
    නියමයි...

  11. udaya

    thanks

  12. Anonymous

    මරු කියන්නේ මරේ මරු
    ස්තුති වේවා සිසී.

  13. chamath thilakarathna

    කියන්න වචන නෑ බන්.ආදරෙයි.හොද දේ අගය කරන්න ඕනේ season එක එනකොටම episode 3ක් දාලා.thank you very much brother

  14. Denuwan

    Thanks mchn

  15. tharidu16

    ekadigatama dunnata passe balanawa. thawa okkoma dila nane
    thanks

  16. Dan

    Finally the long wait is over. Thank You ...

  17. Anonymous

    එනකන් බලන් ඉදිය සීරිස් එකක්. Tnxs සබ් එකට

    1. Ashan

      යකෝව්...මෙව්වනෙ වැඩ ...සබ් දීලත් ඉවරනෙ ඔක්කොම ...සුපිරි ඈ ..පට්ට වැඩක්..සබ් දීපු කාටත් ස්තූතියි ..ආදරෙයි බයිස්කෝප් ❤️❤️❤️❤️

  18. Lakshitha

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා!!

  19. Pramukmili

    Thanxxx bro..............

  20. Kushan

    Sub akta thanks

  21. Tharindu07

    Sub denna mahansi una siyalumadenata Thanks....!!!!! Jayaweva....!!!!

  22. Chandima Prasad

    ගොඩක් ස්තූතියි සබ් එකට.......ජයවේවා බයිස්කෝප්..

  23. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  24. viraj

    thanks..........

  25. Sasitha Asaranga

    thank you wewa. dan ne dakke meka.

  26. Dan

    Thank You ...

  27. mindika

    Thanks !!!

  28. Anonymous

    Thnx for sub ...❤️

  29. Anonymous

    Thnx for sub ...❤️...

  30. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

  31. H.M.Sasanka Virajith Herath

    Elakiri Bokka

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. Anjana

    තෑන්ක්ස්

  34. Manu

    Godak sthuthi..Jaya wewa!

  35. Himanga Vinod

    "Protocol not supported" කියලා වැටෙන්නෙ ඇයි කිසිම sub එකක් download කරන්න බැ..

    1. විමා

      alt Key එක ප්‍රෙස් කරගෙන ඩව්න්ලෝඩ් කරන්න