මීට අවුරුදු දෙකකට කලින් පපුව හිරිවට්ටගෙන ඉවර වෙච්ච ඒ කතාව මතකයි නේද? පලවෙනි කතාසමය අවසානයේ නොදැනීම ඔලුවට අත ගිහින්, “තවත් කාලයක් බලන් ඉන්න වෙනවනේ” කියන හැඟීම හිත වටේ කරක් ගස්සන්න තරම් ප්‍රබල වෙච්ච ඒ කතාමාලාව මතකයි නේද? ඔව්, ඒ ද ෆැමිලි මෑන්. ලොකුම ලොකු විරාමයකට පස්සේ තමන්ගේ දෙවැනි අදියරත් එක්ක ඊයේ ක…

මීට අවුරුදු දෙකකට කලින් පපුව හිරිවට්ටගෙන ඉවර වෙච්ච ඒ කතාව මතකයි නේද? පලවෙනි කතාසමය අවසානයේ නොදැනීම ඔලුවට අත ගිහින්, “තවත් කාලයක් බලන් ඉන්න වෙනවනේ” කියන හැඟීම හිත වටේ කරක් ගස්සන්න තරම් ප්‍රබල වෙච්ච ඒ කතාමාලාව මතකයි නේද? ඔව්, ඒ ද ෆැමිලි මෑන්. ලොකුම ලොකු විරාමයකට පස්සේ තමන්ගේ දෙවැනි අදියරත් එක්ක ඊයේ කල එලි බැස්සේ ගොඩක් අයගේ ඉවසිල්ල මාරම විදිහට පරික්ෂා කරලා. ඇත්තම කිව්වොත් මාරම විදිහට පරික්ෂා කරා 😀 ඉතින්, තාමත්.. තාමත් ෆැමිලි මෑන් එක්ක එකතු වෙලා නැත්තම් මේ නොමසුරු ආරාධනය ඒ වෙනුවෙන්. පොඩි වෙලාවක් වෙන් කරන්න.
දැන් අපි ඉන්නේ දෙවැනි කතාසමයේ නොවැ. අද මට අරන් එන්න නියමිත වෙලා තියෙන්නේ 5වෙනි කතාංගය. කට්ටිය ඉතින් උදේ සිසිල සහෝදරයාගෙන් පටන් ගෙන මේ වෙද්දි කොටස් 4ක් බලලනේ ඇත්තේ. ඉතින් ඉවසිල්ලක් නැති අයට 5වැනි කොටසත් බලන්න කියලා ආරාධනා කරන ගමන් පුරුද්දට වගේ කලින් කොටස මතක් කරලා ඉන්නම්. රාජි කියන්නේ කවුද කියලා දැන් කවුරුත් දන්නවා. කලින් කොටසෙදි දැක්කනේ රාජි තමන් අතින් වෙච්ච ඝාතනය හංගන්න කරපු දේවල්. ඔය අතරේ රාජි වැඩ කරන තැනට නන්දාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න පොලිසියෙනුත් ආවනේ. ඒ වගේම අපේ ශ්‍රී පැත්තට හැරුනොත් මතකනේ මිනිහා ආයේ TASC එකට එක්කහු වුණා. මේක ශ්‍රීගේ පවුලට දැන් කොහොම බලපාවිද? සුචීත් ශ්‍රී ගියපු ගමන් එයාගේ පරණ රස්සාවටම යන්න ගත්තා. අර්වින්ද් ඉන්නෙත් එතන. බලමු ඒ කතන්දරේ මොන පැත්තට යයිද කියලා. ඔය අතරේ ද්‍රිතිගේ පලහිලව්වත් වෙනම පැත්තකට ඇදෙනවා. කොහොමහරි පහුගිය කොටස අවසානයේම ශ්‍රීටයි තල්පඩේටයි වෙන්නේ නොහිතපු දෙයක්. ඒ ගැනත් කුතුහලයක් ඇති. රාජි කොහේ යයිද? ඊළඟට මොනවා කරයිද? ශ්‍රීටයි තල්පඩේටයි මක්වෙයිද? හැම එකටම උත්තර ටිකක් මේ කොටසින් බලාගත්තහැකි. එහෙනම් මේ ඇති. අපි යනවා. සුබ රාත්‍රියක්.
එහෙනම්, හයවෙනි කතාංගයත් අරගෙන පසිඳු මධුමාල් සහෝ ඒවි හෙට (05 වෙනිදා) උදේ 9.00 වෙද්දි.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
6,346 downloadsDownload TFM-S02E05.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
PHOENIX
Subtitles
15 comments
Anonymous
Praveen Ranasinghe
අඩො උබලා මරු බන්❤️ මාර ගේමක් ගහන්නෙ සෙට් එක..හෙට වෙද්දි සීසන් එකටම සබ් දෙය් වගෙ..
උබලට ජයවේවා බයිස්කොප් එකෙ ඔක්කොම අයට උබලා නිසා ඉක්මනට ආසාවෙන් බලන්න හිටපු සිරිස් එක ඉක්මනට බලාගන්න පුළුවන් , ආයෙත් පාරක් කියන්නෙ.ජයම වේවා !Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
chamath
THANK YOU VERY MUCH BROTHER!!!
Sanjeewa2010
Pattaaaaaaaaaa
Chandima Prasad
ගොඩක් ස්තූතියි සබ් එකට.......ජයවේවා බයිස්කෝප්..
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Sahan
Thanks a lot sub ekata
danu
superb work , good luck
mindika
Thanks !!!
Anonymous
Thnx for sub ...❤️
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manu
Godak sthuthi..jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ස්තුතියියි.
හෙට 9 වෙද්දි දෙන්නල එහෙනම් ඈ.