මේ වසරේ ජනවාරි 24 වෙනිදා Amazon Prime ප්ලැට්ෆෝමය හරහා ලෝකය පුරා පරිශීලකයින්ගේ දෝතට මුදා හැරුණු The Forgotten Army AKA Azaadi Ke Liye වෙබ් කතාමාලාව දැනටමත් ඉන්දීය රසිකයින් දසදහස් ගණනක් රස විඳ හමාරයි. ඉතා අධික පිරිවැයක් යට කරමින් බිහි වුණු මේ නිර්මාණය බයිස්කෝප් රසිකයින් වෙතට සමීප කළෙත්, කාලෙකින් දක්න…

මේ වසරේ ජනවාරි 24 වෙනිදා Amazon Prime ප්ලැට්ෆෝමය හරහා ලෝකය පුරා පරිශීලකයින්ගේ දෝතට මුදා හැරුණු The Forgotten Army AKA Azaadi Ke Liye වෙබ් කතාමාලාව දැනටමත් ඉන්දීය රසිකයින් දසදහස් ගණනක් රස විඳ හමාරයි. ඉතා අධික පිරිවැයක් යට කරමින් බිහි වුණු මේ නිර්මාණය බයිස්කෝප් රසිකයින් වෙතට සමීප කළෙත්, කාලෙකින් දක්නට නොලැබෙන ආකාරයේ ගුණාත්මකබාවයක් තිබුණු නිසාවෙන්මයි. IMDb මීටරය 8.1ක් වැනි දැවැන්ත අගයකට කරකවමින්, 96%ක අති දැවැන්ත Google පරිශීලක මනාපයකට උරුමකම් කියමින් පෙළහර පෑ මේ වෙබ් කතාමාලාවේ පෙර කොටස් 03කට උපසිරැසි දී අවසානයි. තව එක් කොටසකින් කතාව සම්පූර්ණයෙන්ම අවසානයි. ඔබ මේ කතාමාලාව ගැන කියවන්න පටන් ගත්තේ, මේ ලිපියෙන් නම් මුලින්ම ගිහින් පළවෙනි කතාංගයේ ලිපිය කියවන්න. සම්පූර්ණ විස්තරයම එතන ඇති!
කතාංග තුනක් පුරාවට ඉන්දීය විමුක්ති අරගලයේ නොනවතින සටනට ඔබත් එක්වී අවසානයි,
දේශයක් වෙනුවෙන්… ජාතියක් වෙනුවෙන්…
අසීමිත කැපකිරීම් කළ උත්තරීතර මනුෂ්‍යයන් පිරිසකගේ වීර්යය ඔබත් දකින්න ඇති…
“අද, මේ මොහොතේ මෙතැන් ඉඳන් අපි අපේ විමුක්ති අරගලය පටන් ගන්නවා
දිල්ලියේ රතු බලකොටුව අල්ල ගන්නකම් කිසිම හේතුවකට අපි අපේ සටන නවත්තන්නේ නැහැ!”
කැප්ටන් සෝදි එහෙම කියන්නේ, විමුක්තිකාමීන්ව යුධ පෙරමුණට ගෙනයමින් තිබුණු දුම්රියට බ්‍රිතාන්‍ය හමුදාවේ ගුවන් ප්‍රහාර එල්ල කළාට පස්සේ,
තමන්ගෙම මිනිස්සු ගින්නෙන් මිය යන විදිහ ඇස් දෙකෙන්ම දකින වෙලාවකයි…
අධිරාජ්‍යවාදීන් ගැන හිතේ තියෙන වෛරය, ගිනි දලු ගාණට රත් වුණු වෙලාවකයි…
ඔව්, ඔවුන් තමන්ගේ සටන පටන් ගන්නවා!
සිංගප්පූරුවේ සිට ඉන්දීය දේශ සීමා දක්වා ලඟාවෙනවා….
පළවන සටන විමුක්තිකාමීන්ගේ දෑස් ඉදිරිපිට!
දේශ සීමාවේ ස්ථානගත කර තිබෙන සතුරු සේනාංකයට තව මීටර් 500යි.
අද කතාව එතැන් සිට…
මගේ පෞද්ගලික මතයට අනුව මේ එපි පහේ මිනි සීරීස් එකේ වැඩියෙන්ම හිතට දැනුණු කතාංගය තමයි මේ. පස්වෙනි අවසාන කතාංගයම පිරිලා තියෙන්නේ දේශප්‍රේමීත්වයෙන් තමයි. හැබැයි මේ එපියේ හැමදෙයක්ම ගාණට ෆීල් වෙනවා. දෙබස් පවා මාර විදිහට දැනෙනවා. ඒ කතා වැඩක් නැහැ…. මන් කියපු දේට එකඟද කියලා තම තමුන්ම බලලා කියන්නකො එහෙනං.
මේ පැය බාගය අවසාන වෙනකොට, මේ අපේ රටේ නෙමෙයි, අල්ලපු රටේ කතාවක් කියලාවත් නොතේරෙන තරමට රට ගැන ආදරයක් ඇතිවේවි. ඇඟේ හිරිගඬු පිපෙන තරමටම හිතට දේශප්‍රේමීත්වය..වීරත්වය කියන දේ හැඟේවි.
යුද්ධය උත්කර්ෂයට නැංවිය යුතු නැහැ තමයි. හැබැයි වීරත්වය උත්කර්ෂයට නංවන්න ඕනෙමයි! මොකද හැම වීරයෙක් පිටිපස්සෙම අසීමිත කැපකිරීම් කන්දරාවක් හැංගිලා තියෙනවා. මේ මම කියපු බහුබූතේ මොකක්ද කියලා තේරෙයි බැලුවට පස්සේ. මේකේ අන්තිම හරියේ එක සිංදුවක් තියෙනවා,Azaadi Ke Liye කියලා. දැන්මම කියලා තිබ්බෙ, පොඩ්ඩක් අවධානයෙන් ඒ සිංදුවත් අහන්න ඕනෙ හින්දා. සිංදුව කියන්නේ Arijit Singh. මිනිහා කොච්චර වැඩ්ඩෙක්ද කියලා දන්නෝ දනිති. ඒ නිසා මම ඒ ගැන කියවන්න යන්නේ නැහැ. Aashiqui 2, Ek Villain, Malang වගේ චිත්‍රපටිවලින් වැඩ පෙන්නපු Arijitගේ Janam Janam, Channa Mereya,Hawayein, Tera Chehera වගේ සිංදු මිනිහව ඉන්දියාවේ නොමැරෙන ගායකයෙක් කරපු උන්මාද.
කබීර් ඛාන් ලියලා ඩිරෙක්ට් කරපු, කින් ඛාන්, නොහොත් ශාරුක් ඛාන් narrate කරපු, අජිත් සින්ග් සහ ප්‍රීත්ම් එකතු වෙලා music කරපු, Amazonලගේ නිෂ්පාදන දායකත්වයෙන්, චිත්‍රපටියක් වෙනුවෙන් යොදන තරමේ බජට් එකකින් හැදුණු කාලෙකින් දකින්න හම්බෙන්නේ නැති WAR කැටගරියේ හයි-කොලිටි වෙබ් කතාමාලාවේ හතරවන කොටස ඔබ වෙනුවෙන් මඟ බලාගෙන ඉන්නවා. අවසාන කොටස සමඟින් ඉක්මනටම මුණ ගැහෙමු. මොකද මේ කතාව අවසාන වෙන්නේ, ඔයා හිතන්නෙවත් නැති තැනකින්!!!
පහළ කමෙන්ට් තීරුව වෙන් වෙලා තියන්නේ මන් වෙනුවෙන් නෙමෙයි,
ඔයා වෙනුවෙනුයි..

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,304 downloadsDownload TFA-S01E04.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිනු වීරක්කොඩි
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


