හරි එහෙනම්, මේ දෙන්න හදන්නේ බැග්ඩෑඩ් සෙන්ට්‍රල් කියන සීරිස් එකේ දෙවෙනි කොටසයි. පළවෙනි කොටස කාට හරි තේරුනේ නැත්නම් මොකක්ද ඒ වුනේ කියලා කරුණාකරලා මේ ලිපිය කියවන්න. තාම මේ සීරිස් එක බැලුවේ නැත්නම් පලවෙනි කොටසට ගිහින් ඒකේ තියෙන ලිපිය කියවලාම මේ සීරිස් එක බලන්න කියලා ආරාධනා කරනවා. හරි එහෙනම් කලින් කොටසේ…

හරි එහෙනම්, මේ දෙන්න හදන්නේ බැග්ඩෑඩ් සෙන්ට්‍රල් කියන සීරිස් එකේ දෙවෙනි කොටසයි. පළවෙනි කොටස කාට හරි තේරුනේ නැත්නම් මොකක්ද ඒ වුනේ කියලා කරුණාකරලා මේ ලිපිය කියවන්න. තාම මේ සීරිස් එක බැලුවේ නැත්නම් පලවෙනි කොටසට ගිහින් ඒකේ තියෙන ලිපිය කියවලාම මේ සීරිස් එක බලන්න කියලා ආරාධනා කරනවා. හරි එහෙනම් කලින් කොටසේ මොකද වුනේ කියලා මතක් කරගමු.
2003 වර්ෂයේදී ඇමරිකානු හමුදාව විසින් ඉරාකයේ බලය අල්ලාගත්තට පස්සේ අපිට තේරුම් ගියපු දෙයක් තමයි මුහ්සින් කාඩී අල් කෆාජි කියන්නේ සදාම් හුසේන්ගේ බලය නැතුවුනත් එක්කම තමන්ට තිබුන සේරම දේවල් නැතිකරගත්තු කෙනෙක්. එයාට ඕනකරලා තිබුනේ තමන් හදාගත්තු කෝපි එක බොන්න විතරයි. ඒ වගේම බැල්කනියෙන් එහාට යන්නත් එමාම්ට තමන්ව පේන්නේ නැති වෙන්න. ඉතින් කෆාජි කියන්නේ කිසි කරදරයක් නැතුව සාමකාමීව තමන්ගේ දුවව තමන්ගේ බිරිඳගේ මරණයෙන් පසු රැකගන්න හදන තාත්තා කෙනෙක්.
ඒත්, කෆාජිට දැනගන්න ලැබෙනවා එයාගේ වැඩිමහල් දියණිය අතුරුදහන් වෙලා කියලා. ඉතින් කෆාජි එයාගේ පැත්තකට දාලා තිබුන පොලිසියේ බැජ් එක හොයාගෙන විශ්ව විද්‍යාලයට යන්න ඒක පාවිච්චි කරනවා. එතනදී තමයි කෆාජිට මහාචාර්ය සුබෙයිඩා රෂීඩ්ව හම්බවෙන්නේ. එයත් එක්ක කතා කරනකොට කෆාජි දැනගන්නවා එයා සෝසන් ගැන වැඩිය දැනගෙන හිටියේ නැහැ, තමන් දැනං හිටියේ බොහොම පොඩ්ඩක් කියලත්.
කෆාජිට තමන්ගේ පරීක්ෂණයන් තව දුරටත් කරගෙන යන්න කලින්ම, කෆාජිව ඇමරිකානු හමුදාව විසින් අත්තඩංගුවට ගන්නවා. ඒකට හේතුව වෙන්නේ වැරදි අනන්‍යතාවයකින් පෙනී හිටියා කියන එකට. ඉතින් ඇමරිකානු හමුදාවේ අත්තඩංගුවට පත්වෙන කෆාජි ගොඩක් ලොකු වධහිංසාවලට ගොදුරු වෙනවා. එයා මෙච්චර කාලයක් තියාගෙන හිටපු එයාගේ උඩු රැවුල පවා කෆාජිට නැතිවෙනවා මේ වධහිංසා වල ප්‍රතිඵලයක් විදිහට. කොහොමහරි, එයාගේ වාසනාව වෙනස් වෙනවා. ඒ මෑතකදී බ්‍රිතාන්‍යයේ ඉදන් ඇවිත් ඉරාක පොලිස් බලකාය නැවත පිහිටුවන්න ඕනෙයි කියලා හිතන ෆ්‍රෑන්ක් ටෙම්පල් නිසා.
මේ ටෙම්පල්ගේ උදව්වෙන් කෆාජිට පුලුවන් වෙනවා තමන්ගේ රහස් පරීක්ෂක රස්සාව ආපහු ලබාගන්න. තමන්ගේ පරීක්ෂක අනන්‍යතාවය ආපහු ලබාගන්න. ඒ වගේම පොරොන්දු වෙනවා මේ CPA එක වෙනුවෙන් මිණීමැරුමක් විසඳීමටත්. කොහොම වුනත්, ඉක්මනටම පෙනුන දෙයක් තමයි කෆාජි මේ ග්‍රීන් සෝන් එකට ඇවිත් මේ හවුලේ වැඩකරන්නේ තමන්ගේ අතුරුදහන් වුන දියණිය ගැන වැඩිදුර පරීක්ෂණයන් සිදු කරන්න කියලා.
එතකොට සෝසන් කෝ? එයා ජීවතුන් අතරද?
කතාවේ මුලින්ම අපිට පේන විදිහට කෆාජි ලොකු කාලයක් තිස්සේ තමන්ගේ වැඩිමහල් දියණිය වන සෝසන් එක්ක කතා බහ කරලා නැහැ. අනික සෝසන් සන්ධාන අධිකාරියේ පරිවර්තකයෙක් විදිහට රස්සාව කරනවා කියලා කෆාජි දැනගන්නෙත් මුරූජ්ගෙන්. ඉතාමත් ඉක්මනින් කෆාජිට තේරුම් යනවා ඩොලර් හොයන සෝසන්ගේ රස්සාවට වඩා වැඩි දෙයක් මෙතන තියෙනවා කියලා.
එතකොට මහාචාර්ය රෂීඩ් සෝසන්ගේ අතුරුදහන් වීමට සම්බන්ධයිද?
කෆාජි මුලින්ම රෂීඩ් ගැන ඔත්තු බලන්න ගියපුවාහ, කෆාජි දකිනවා මේ රෂීඩ් මහාචාර්යවරිය තවත් සිසුවියක් එක්ක කතා කරනවා. එයාලා කතා කරන දේවල් මොනවද කියන දේ අහගන්න කෆාජි හිටපු තැන ගොඩක් දුරයි. ඒත් කෆාජිට තේරුම් ගන්න පුලුවන් වුනා ඒ සිසුවියගේ හැසිරීමෙන් එයා බයවෙලා හිටියේ කියන එක ගැන.
කෆාජි මේ ගැන රෂීඩ්ගෙන් ඇහුවහම, රෂීඩ් කියනවා ඒ සිසුවියට මරණ තර්ජන තියෙනවා කියලා කෆාජි මේ හිතපු දේ සහතික කරා. ඉතින් කෆාජි අහනවා මොකටද මේ මරණ තර්ජන එන්නේ කියලා. රෂීඩ් දෙන උත්තරේ තමයි එයා තමන්ගේම මතවාදයක් තියෙන කාන්තාවක් කියන එක අපරාධයක් කියලා සරලවම උත්තර දෙනවා. කෆාජි රෂීඩ්ගෙන් තමන්ගේ දියණිය ගැන ප්‍රශ්ණ කරනවා. එයාගෙන් අහනවා සෝසන්ට මේ සන්ධානයේ රස්සාව ගන්නයි, මේ ඩොලර් හොයන්නයි එයා උදව් කරාද කියලා. රෂීඩ් කෆාජිගේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්නේ නැතුව කෆාජිගේ පොලිස් ලාංජනයේ කිසිම අධිකාරියක් නැහැ කියලා ඉක්මනින් යන්න යනවා. ඒ වගේම කෆාජි ඉක්මනින්ම අපරාධකාරයෙක් වේවි කියලත් රෂීඩ් කියනවා.
රෂීඩ් යනවත් එක්කම කෆාජි ඇගෙන් අහනවා ඇයි ඔයා මේ අතුරුදහන් වීම ගැන පුදුම නොවෙන්නේ කියලා. රෂීඩ් ඒකට උත්තරයක් විදිහට එයා බුද්ධිමත්, දේශප්‍රේමී කාන්තාවක්. ඒ වගේම අද ඉරාකයේ කාන්තාවන් අතුරුදහන් වෙන එක පුරුද්දකට ගිහින් කියලා උත්තර දෙනවා. කෆාජි බැරිම තැන රෂීඩ්ට කියනවා මම මේ දේවල් අහන්නේ තාත්තා කෙනෙක් විදිහට, පරීක්ෂකයෙක් විදිහට නෙමෙයි, එයා අහන දේවල් වලට මොනවා හරි උත්තරයක් දෙන්න කියලා. රෂීඩ් ඒකට සෝසන් ලෞකික සහ නිදහස් ඉරාකයක් විශ්වාස කරන කෙනෙක්, ඒත් ඔයා එයාගේ තාත්තා විදිහට ඒක දැනගෙන ඉන්න ඕන කියලා උත්තරයක් දීලා එතනින් යන්න යනවා.
පස්සේ අපිට දැකගන්න ලැබෙනවා සෝසන්ගේ අතුරුදහන්වීමට රෂීඩ් සම්බන්ධයි කියලා විශ්වාස කරපු එකට කෆාජි රෂීඩ්ගෙන් සමාව අයදිනවා. ඒත් මිනීමරන කාන්තාවක් විදිහට එයාව විශ්වාස කරන්න බැරිවුනාට, අපිට හිතන්න පුලුවන් මේ රෂීඩ් කියන මහාචාර්යවරිය එයා කියනවට වඩා වැඩි දෙයක් දන්නවා කියලා. විශේෂයෙන්ම සෝසන්ගේ වැඩකටයුතු සම්බන්ධයෙන්. අනික් කාරණය තමයි මුරාජ්ට තියෙන ප්‍රශ්ණේ. ඒ තමයි ඇයි මගේ අක්කා එයා අකමැති නැත්නම් විශ්වාස නොකරන අය ගාව වැඩකරන්නේ කියන එක ගැනයි.
එතකොට සනාට මොකද වුනේ?
කලින් කොටස අවසන් වෙනකොට වගේ, අපිට දැකගන්න ලැබෙනවා සෝසන් එයාගේ යාලුවන් වෙන අම්ජාඩ්, සනා සහ සහරා කියන අයත් එක්ක රහස් ප්‍රතිරෝධක කණ්ඩායමක කොටසක් කියලා. පාලු ගොඩනැගිල්ලක, සෝසන්ගේ යාලුවෝ තුන්දෙනා එයා නැතුව හම්බවෙනවා. ඒ එයා මැරිළා කියලා උපකල්පනය කරමින්. ඉතින් මේ තුන්කට්ටුව එකතුවෙලා ඇමරිකානු පුරවැරසියෙක්ව සිරභාරයට ගන්නවා.
අපිට මුට ජීවත් වෙන්න ඉඩ දෙන්න බැහැ කියලා අම්ජාඩ් කියනවා. ඒ වගේම අම්ජාඩ් කියනවා මේ මනුස්සයා කියන දේ ඇත්ත වුනත්, සනාට පහර දුන්න අය කවුද කියන දේ මේ මනුස්සයා දන්නේ නැතිවුනත්, ඒ හැමෝටම කලින් මැරෙණ්න ඕන මේ මනුස්සයා කියලත්. ඒකට සහරා උත්තර දෙනවා අපි සටන් කරුවෝ නෙමෙයි, අපි ඉගෙන ගන්න ළමයි කියලා. ඒත් අම්ජාඩ් තදින්ම කියනවා අපි දැන්ම කරන දෙයක් කරන්න ඕන, අපිට වෙන විකල්පයක් නැහැ කියලා. ඉතින් මේ අම්ජාඩ්ගේ වචන සානාට ගොඩක් ලොකුවට හිතට වදිනවා. අම්ජාඩ් දිගටම කිව්වේ එහෙම කරොත් මට විතරයි ලැඡ්ජාව, වෙන කෙනෙක්ට ඒකෙන් ලැඡ්ජා වෙන්නේ නැහැ කියලයි. උදේ එලිය වැටෙනවත් එක්කම, සනා මේ හිරකාරයා ලඟට ඇවිත් මුකවාඩම ගලවලා දානවා. ඒක කරන්නේ බොහොම හෙමින්, ලයාන්විතව. ඊටපස්සේ සනා ඒ ඇමරිකානු හිරකාරයාගේ ඔලුවට වෙඩි තියනවා, සනා තමුන්වම මරාගන්න කලින්.
ඉතින් සහරා එයාගේ යාලුවාගේ මිණිය දිහා බලාගෙන අඩනකොට අපිට පුදුමයක් හිතෙනවා. මොකක්ද මේ වුනේ කියලා. මෙච්චර දෙයක් කරගන්න තරම් මේ මිනිස්සු මොනවද සනාට කළේ? මේක තමයි එයාගේ එකම ගැලවීම කියලා එයාට දැනුනේ ඇයි කියන ප්‍රශ්ණ.
ඉතින් අද කොටසින් මෙතන ඉදන් ඔයාලට කතාව දැනගන්න පුලුවන්. එහෙනම් අනිත් කොටසින් හමුවෙමු. ජයවේවා…!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,163 downloadsDownload Baghdad-Central-S01-E02.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-06-07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
7 comments
sachintha
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Anonymous
Thank you... tc...
suranuwan
thanks bro..
Kavinu
Thnkq!
ස්ටෝරිය මරු වගේ...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks...........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි