ආයුබෝවන් හැමෝටම. MX|Player හරහා 2022 වසරේදි විකාශනය වෙච්ච තවත් ජනප්‍රිය හින්දි කතාමාලාවක් වෙන Dharavi Bank එක්කයි අපි පහුගිය දවසක ඉඳන් මේ එකතු වෙන්නේ. Crime | Thriller | Drama| වලට අයත් වෙන මේ කතාමාලාවට 7.8ක දැවැන්ත IMDb අගයකුත් හිමියි. අපි කවුරුත් ආදරේ, දන්න කියන Sunil Shetty සහ Vivek Oberoi ප්‍රධ…

ආයුබෝවන් හැමෝටම. MX|Player හරහා 2022 වසරේදි විකාශනය වෙච්ච තවත් ජනප්‍රිය හින්දි කතාමාලාවක් වෙන Dharavi Bank එක්කයි අපි පහුගිය දවසක ඉඳන් මේ එකතු වෙන්නේ. Crime | Thriller | Drama| වලට අයත් වෙන මේ කතාමාලාවට 7.8ක දැවැන්ත IMDb අගයකුත් හිමියි. අපි කවුරුත් ආදරේ, දන්න කියන Sunil Shetty සහ Vivek Oberoi ප්‍රධාන චරිත මවන Dharavi Bank කතාමාලාව කොටස් 10කින් යුක්තයි. පළවෙනි කොටස ඊයේ බලන්න ඇතිනේ. අපි පොඩ්ඩක් ඒක මතක් කරගෙනම අද අරන් ආපු දෙවනි කොටස බලන්න යමු.

ධාරාවී කියන නම් අපි කාටත් පුරුදු වචනයක්. ඇතැම් සිනමාපට වල, ගීත වල ඔය නම නිතරම වගේ ඇහෙනවා. ඉතින්, ඉන්දියාවේ විශාල මුඩුක්කු ප්‍රදේශයක් තමයි ඔය ධාරාවී කියන්නේ. අපි දැන් කතාව පැත්තට හැරෙමුකෝ. ඔය කියපු ධාරාවී කියන ප්‍රදේශයේ නොකෙරෙන දෙයක්, සිද්ධ නොවෙන දෙයක් හිතාගන්නත් නැති තරම්. මේ ධාරාවිය පුරාම ආධිපත්‍ය පතුරගෙන හිටියේ එකම එක්කෙනෙක්. ඒ තමයි තලෛවන්. තලෛවන්ගේ නම කියපු ගමන් ඕනම කෙනෙක් පොඩ්ඩක් සලිත වෙනවා. ඒ, මිනිහට තියෙන බය වගේම ගෞරවය හින්දත්. තලෛවන්ට තියෙන මේ බලය ඒ ප්‍රදේශයේ මහ ඇමතිනී ජාන්වීට ලොකු ප්‍රශ්නයක් වේගන ආවා. ඒ මොකද තලෛවන් තමයි එළඹෙන මැතිවරණයේදී විරුද්ධ පක්ෂයේ අපේක්ෂායා වෙනුවෙන් වියපැහැදම් කරන්නේ. මේ නිසා තලෛවන්ගේ මේ බලපරාක්‍රමය කොහොම හරි බිඳලා දාන්නයි ජාන්වී උත්සහ කරේ. ඒ වෙනුවෙන් එයා පොලිසිය උසි ගන්වලා බැංකුවක වැටලීමක් කරා මතක ඇති. ඒත් ජාන්වීට වුවමනා දේ නම් ලැබුනේ නැහැ කියලා මතක ඇතිනේ. මේ පොඩි පොඩි සෙල්ලම් වලින් වැඩක් වෙන්නේ නැහැ කියලා ජාන්වීට තේරුම් ගිහින් තිබුණේ. ධාරාවී බෑන්ක් ගැන හැම තොරතුරක්ම එයාගේ කනේ තිබ්බ ත්‍රිපාටිත් අතුරුදහන් වෙලයි හිටියේ. (එයාට අත් වෙච්ච ඉරණම ගැන අපි කතා නොකර ඉමු) ඉතින් ජාන්වී මේ සැරේ ලොකු මෙහෙයුමක් කරන්නයි පොලිසියේ පිහිට පැතුවේ. තලෛවන්ව ඉවරයක් කරලම දාන්නයි එයාගේ එකම අරමුණ වුණේ. මේ අරමුණ නිසාම තලෛවන්ට නුදුරු අනාගතය පුරාම සැනසිල්ලේ නිදාගන්න බැරි වෙන තරමට වැඩ සිද්ධ කරන ලොකුම හතුරා බිහි වෙනවා. ඒ තමයි ජයන්ත්..

අපි හම්බවෙමු තුන්වෙනි කොටස එක්කත් ඉක්මනටම..

 

              Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,354 downloadsDownload Dharavi.bank_.S01E02.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

8,354 downloadsDownload Subtitles17 KB

9 comments

  1. Anonymous

    Thanks

  2. Naveen Mbr

    බොහෝම ස්තූතියි අයියේ!

  3. Anonymous

    Elaz

  4. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි සිසිත සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. Anonymous

    Episode 3 plz

  6. whoami

    thank bro

  7. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  8. mayura

    සබට බොහොමත්ම තුති මචෝ

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P