ජයන්ත් දුන්නු සෙල්ලම් බඩුවේ රෙකෝඩ් වෙලා තිබ්බ දේ ඇහුවට පස්සේ මහේෂ්ට පැහැදිලි වුණා තමන්ගේ තාත්තගේ මිනීමරුවා තලෛවන්ම තමයි කියලා. හිතේ අමාරුවටත් එක්ක මහේෂ් එවෙලේම ගත්තා ජයන්ත්ට කෝල් එකක්. තමන්ගෙන් මොනාද වෙන්න ඕන කියලයි මහේෂ් ජයන්ත්ගෙන් ඇහුවේ. ජයන්තගේ පැහැදිලි කිරීමෙන් පස්සේ තලෛවන් ගැන තොරතුරු දෙන්න මහ…

ජයන්ත් දුන්නු සෙල්ලම් බඩුවේ රෙකෝඩ් වෙලා තිබ්බ දේ ඇහුවට පස්සේ මහේෂ්ට පැහැදිලි වුණා තමන්ගේ තාත්තගේ මිනීමරුවා තලෛවන්ම තමයි කියලා. හිතේ අමාරුවටත් එක්ක මහේෂ් එවෙලේම ගත්තා ජයන්ත්ට කෝල් එකක්. තමන්ගෙන් මොනාද වෙන්න ඕන කියලයි මහේෂ් ජයන්ත්ගෙන් ඇහුවේ. ජයන්තගේ පැහැදිලි කිරීමෙන් පස්සේ තලෛවන් ගැන තොරතුරු දෙන්න මහේෂ් කැමතිවෙනවා. ඔය අතරේ තලෛවන් හිටියේ වියරු වැටිලා, තමන්ගේ බඩුතොගය පොලිසියෙන් වටලපු එක සම්බන්ධව. මිනිහා බඩු තොගය බාරව ඉඳපු ෆ්‍රැන්සිස්ව ගෙන්නලා ප්‍රශ්න කරනවා. ෆ්‍රැන්සිස් හිටියේ මරණ බයෙන් වුණාට තලෛවන් මිනිහව මැරුවේ නෑ. ඒ වෙනුවට වැඩක් පැවරුවා. ඒ තමයි මේ වෙද්දි ඉස්පිරිතාලේ ඉන්න පොලිසියට ඔත්තුව දුන්නු හාදයාගේ මිනිය අරන් එන එක. ෆ්‍රැන්සිස් ඒ වැඩේ කරන පොරොන්දුව පිට එතනින් ගියේ දෙයියන්ට පින් දිදී. මේ සිද්ධිය තලෛවන්ගේ පුතා වෙන ශිවාට නම් එච්චර ඇල්ලුවේ නෑ. ඔය හුරතල් වැඩ නැතුව ෆ්‍රැන්සිස්ව කෑලි වලට කපන්නයි තිබ්බේ කියන එකයි ශිවාගේ මතය වුණේ. දැන් තාත්තා වයසය, ඒ නිසා එයාට ලොකු බලපෑමක් කරන්න ශක්තියක් නැතිය, ධාරාවී වල තමන්ට තියෙන බලයට තමා මේකෙන් පහරවදින්නේ කියන කාරණා ශිවාගේ ඔලුවේ ඔඩු දිව්වා.
ඔය අතරේ තලෛවන්ගේ නියෝගය යටතේ රෝහලේ ප්‍රතිකාර ලබන ජෝගේ ජීවිතේ බිලිගන්න කෙනෙක් ආවා මතක ඇති. අනූ නමයෙන් ජෝගේ ජීවිතේ බේරුනත් මිනිහා කළේ රෝහලින් පැනගන්න එක. කවුරුත් නොහිතපු විදිහට මිනිහා කෙලින්ම ගියේ ෆ්‍රැන්සිස් ගාවට. තමන්ව මරන්න ෂොයිබ්ව එව්වේ ඇයි කියලා අනංමනං අහලා ෆ්‍රැන්සිස්ට සද්දයක් දාලයි මිනිහා එතනින් ගියේ. මහ ඇමතිනි ජාන්වී සහ ජයන්ත් අතර පලවෙනි හමුව සිද්ධ වෙනවා මතක ඇති. පළමු හමුව කිව්වට දෙන්නා කලින් අඳුනනවත් වගේ එකක් පේන්න තිබ්බා. ඒ හමුව ඉවර වෙද්දි ජයන්ත් ජාන්වී හොය හොය හිටිය ලොකු දෙයක් දුන්නා මතක ඇති. ඒ අර ඩයරිය. ඔය අතරේ සකීනා කලින් දවසේ වෙච්ච සිද්ධිය මයිකල්ට කියනවා. මයිකල් තරහින් වියරු වැටුනත් ඒක එළිපිට නොපෙන්නා හීන් නූලෙන් වැඩක් දෙන්නම් කියලා හිතාගන්නව. සකීනාට කෝල් එකක් එනවා මතක ඇති. ඒ මහේෂ්ගෙන්. ඉක්මනටම සකීනාව හම්බෙන්න ඕන කියලයි මහේෂ් කිව්වේ නම්.
ජයන්ත්, ඊරා සහ එයාලගේ දරුවා සම්බන්ධ අතීත කතාවක් පෙන්නුවා බලන්න ඇති. මයිකල් අන්ධ වෙච්ච හේතුවත්, ජයන්ත් සහ ඊරා තලෛවන්ට මෙච්චර වෛර කරන්න හේතුවත්, එයාලා අදටත් මෙච්චර විඳවන්න හේතුවත් ඔයාලා දකින්න ඇති. තලෛවන්ගේ පලියගන්නකම් ඒ දෙන්නටම ඉවසුමක් තිබ්බේ නැහැ. ජාන්වී පවරපු මේ මෙහෙයුම් ඒකට ලොකුම ආශිර්වාදයක් වුණා. පහුගිය කොටස ඉවර වෙන්නේ ජෝගේ දර්ශනයකින්. එයා එනවා තලෛවන්ව හම්බෙන්න. තමන්ව මරන්න හදන මනුස්සයව හම්බෙන්න ජෝ මොකටද ආවේ? අද කොටස බලලම දැනගමු.
ඉතින් දැන් අපි බලාගෙන යන්නේ MX|Player හරහා 2022 වසරේදි විකාශනය වෙච්ච Dharavi Bank කතාමාලාව. Crime | Thriller | Drama| වලට අයත් වෙන මේ කතාමාලාවට Sunil Shetty සහ Vivek Oberoi ප්‍රධාන චරිත මවනවා. මේ කතාමාලාව කොටස් 10කින් තමයි සමන්විත වෙන්නේ. එහෙනම් අද කොටසත් බලන්න. ජයවේවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,659 downloadsDownload Dharavi.bank_.S01E04.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
- #Dharavi Bank (2022-) [S01: E04] Sinhala Subtitles
- #Dharavi Bank (222) Sinhala sub
- #Dharavi Bank (222) Sinhala subtitles
- #Dharavi Bank S01 Sinhala subtitles
- #Dharavi Bank S01E04 Sinhala Subtitles
- #Dharavi Bank Season 1 Sinhala sub
- #Dharavi Bank Season 1 Sinhala subtitles
- #Dharavi Bank Sinhala sub
- #Dharavi Bank Sinhala subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Sarthak Dasgupta
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonali Kulkarni
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Suchitra Pillai
- #Suniel Shetty
- #TV
- #Vivek Oberoi
- #සිසිත සමරතුංග
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Achi
Anonymous
Thanks
Naveen Mbr
බොහොම ස්තූතියි අයියේ!
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි සිසිත සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Tharidu106
MAHANSIYATA THANKS. KATTIYA ATHARE BEDAGENA OKKOMA TIKA EKAPARA DUNNA NAM MARU. DOWNLOAD KARA THAWAMA BALAUWE. OKKOMA DENAKAL INNAWA.
Anonymous
Next episode plz
Can't waitBuddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dharavi Bank [S01: E04] Sinhala Subtitles | කවුද ඔත්තුකාරයා?? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/03/Dharavi-Bank-2022-1.jpg)

අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌