බයිස්කෝප්වාසීන්ට සුභ දවසක්! “චේන්සෝ මෑන්” වලට පස්සේ තවත් ඇනිමේ එකකට ඔන්න එහෙනම් අත්පොත් තියනවා. ඉල්ලීම් ටිකකුත් ලැබිලා තිබ්බා මේකටත් සබ් දෙන්න කියල. ඉදිරියේදී තුන්වෙනි කතා සමයත් එන නිසා සබ් දෙන්න මගෙත් අදහස තිබ්බා. එහෙනම් ඔන්න වැඩේ පටන් ගත්තා. 😎 ඉතින් සුපිරි වීරයෝ ගැන කිව්වාම මොනවගේ චිත්‍රයක්ද මැවෙ…

බයිස්කෝප්වාසීන්ට සුභ දවසක්! “චේන්සෝ මෑන්” වලට පස්සේ තවත් ඇනිමේ එකකට ඔන්න එහෙනම් අත්පොත් තියනවා. ඉල්ලීම් ටිකකුත් ලැබිලා තිබ්බා මේකටත් සබ් දෙන්න කියල. ඉදිරියේදී තුන්වෙනි කතා සමයත් එන නිසා සබ් දෙන්න මගෙත් අදහස තිබ්බා. එහෙනම් ඔන්න වැඩේ පටන් ගත්තා.  😎

ඉතින් සුපිරි වීරයෝ ගැන කිව්වාම මොනවගේ චිත්‍රයක්ද මැවෙන්නෙ? සුපිරි බලයක් තියෙන, මිනිසුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතයත් අනතුරේ දාගෙන සටන් කරන සුපිරිම සෙට් එකක්නේ මේ “සුපිරි වීරයෝ” කියන්නේ. විවිධාකාරයේ උපද්‍රව වලින් මෙයාලා මිනිස්සුන්ව බේරගන්නවා. කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුවයි ඒ තරම්ම කැපවෙන්නේ. ඉතින් මේකත් අන්න ඒ වගේ සුපිරිම බලයක් තියෙන, සුපිරි වීරයෙක්ගෙ කතාවක්. මිනිහගේ නම තමා “සයිතමා”. ඇත්තම කිව්වොත් පොර ආතල් එකට තමයි සුපිරි වීරයෙක් වෙලා තියෙන්නේ. මිනිහට තියෙන බලය කොච්චරද කියනවනම්, ඕනෑම විදිහේ සතුරෙක් මිනිහා “වන් පන්ච්” එකකින් ඉවර කරනවා. ඒ නිසයි “වන් පන්ච් මෑන්” වෙන්නෙ. 👊 දැන් ඔයාලා හිතයි, ඉතින් වන් පන්ච් එකකින් ඔක්කොම ඉවරයක් කරනවනම් මෙලෝකේ රහක් නෑ නේද කියල? නෑ, මේක ඇත්තටම ආතල් එකේ හිනාවෙන ගමන් බලන්න පුලුවන් සුපිරිම ඇනිමේ එකක්. ආතල් වගේම තමා මේකේ තියෙන ෆයිට්ස් ආ…. 🔥 ගැම්මක් තමයි.

ඉතින් මේ ඇනිමේ එකත් “වන් පන්ච් මෑන්” මන්ගා එක මූලාශ්‍ර කරගෙන තමා නිර්මාණය වෙන්නේ. මේ මන්ගා එක ඇත්තටම සුපිරිම ආර්ට් වර්ක් එකක් තියෙන මන්ගා එකත්. පසුගිය කාලයේ සෑහෙන කතාබහකටත් ලක්වුණා මේ මන්ගා එක. මන්ගා එක නිර්මාණය වෙන්නෙ දෙදෙනෙකුගේ එකතුවෙන්. වන් පන්ච් මෑන් කතාව “One” විසින් නිර්මාණය කරනකොට, ඒක සිතුවමට නගන්නේ “Yusuke Murata” විසින්. මේ දෙපළගේ එකතුවෙන් තමයි මන්ගා එක එළියට එන්නෙ.

ඉතින් මන්ගා එක මූලාශ්‍ර කරගෙන ඇනිමේ එක නිර්මාණය කරන්නේ “MAD House” ස්ටුඩියෝ එක විසින්. ඉතින් මේ ස්ටුඩියෝ එකනම් සුපිරි ඇනිමේ සෙට් එකක් එළියට දාපු තැනක්.🔥 ඒ වගේම මේක Action, Adult cast, Comedy, Parody, Seinen, Superpower කියන genres වලට තමා වැටෙන්නේ. ඒ වගේම ඇනිමේ වෙනුවෙන්ම වෙන්වුණු MAL 8.50 ක අගයක් මේ ඇනිමේ එකට ලැබිලා තියෙනවා. ඉතින් ඕක තමා මූලික තොරතුරු වෙන්නෙ.

ඉතින් කලින් කිව්වා වගේම මේ ආතල් එකට වීරයෙක් උන පොරකගෙ කතාවක්. මිනිහට ඕනෙම එකෙක් ඉවර කරන්න වන් පන්ච් එකක් විතරයි ඕනේ. එහෙනම් අද ගෙනාපු කොටස් දෙක බලලම ඉන්නකෝ. ඉතුරු ඒවටත් ඉක්මනින්ම සබ් දෙන්නම්. 😎

” I became a hero for fun.”

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

7,504 downloadsDownload One-Punch-Man-S-01-E-01-02.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

Subtitles

7,504 downloadsDownload Subtitles19 KB

15 comments

  1. Anonymous

    Thanks ❤️ puluwan nm vinland saga ekata sub eka denna try krnnko

    1. Pavith Wijesooriya

      අදහස නම් තියෙනවා. උත්සහ කරන්නම්...

  2. PCVENOM

    thanks enakan balan hitiye kawada hari

  3. Anonymous

    Chinsow man sinhala sub .srt update karamu ne

  4. Lisj

    Chinsow man sinhala sub .srt update karamu ne

  5. H.a.i. Dissanayaka

    ස්තූතී

  6. Tharindu

    Ado supiriyak bro thanks sub akata

  7. Bimsara Yashan(ඔලිව)

    සුපිරිම සීරිස් එකකට තමා අත ගහලා තියෙන්නෙ. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  8. Anishka

    Good Work !

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. ashen

    s02 ekath denna ikmanata

  11. Akila Dilhara

    Thanks for Sub...

  12. Akila Dilhara

    Thanks for Sub...

  13. Janida aken

    Ta

  14. mss

    Thank you machan, sub eka supiri

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.