ජයන්ත් සහ දාජි ඇතුළු පිරිස එයාලගේ රහස් මධ්‍යස්ථානයේ ඉඳන් ඩ්රෝන යානා මාර්ගයෙන් තලෛවන්ගේ ගෙවල් ගැන ඇහැගහගෙනයි හිටියේ. මිනිහා එලියට එන්නේ කොයි වෙලේද මොන පාරෙන්ද කියන එක ගැන තමා මේ කට්ටිය විමසිලිමත් වුණේ. ඔය අතර පෝලියෝ එන්නත් බෙදන්නත් ධාරාවියට ඩොක්ටර්ලා ජෝඩුවක් බැහැලයි උන්නේ කියලා මතක ඇති. ඉතින් ඔය අතර…

ජයන්ත් සහ දාජි ඇතුළු පිරිස එයාලගේ රහස් මධ්‍යස්ථානයේ ඉඳන් ඩ්රෝන යානා මාර්ගයෙන් තලෛවන්ගේ ගෙවල් ගැන ඇහැගහගෙනයි හිටියේ. මිනිහා එලියට එන්නේ කොයි වෙලේද මොන පාරෙන්ද කියන එක ගැන තමා මේ කට්ටිය විමසිලිමත් වුණේ. ඔය අතර පෝලියෝ එන්නත් බෙදන්නත් ධාරාවියට ඩොක්ටර්ලා ජෝඩුවක් බැහැලයි උන්නේ කියලා මතක ඇති. ඉතින් ඔය අතරේ තලෛවන් වීරා ඇතුළු තමන්ගේ සහචරයන් එක්ක පොඩ්ඩක් එලියට බැස්සා. ජයන්ත් ඇතුළු පිරිස තමන්ගේ ඩ්රෝන යානා ටික ඔත්තු බලන්න කියලා යෙදෙව්වා. වැඩේ දැනට නම් හරියටම වෙන පාටයි. මෙතනදී කිසිම වැරැද්දක් නොවෙන්න ජයන්ත් පරිස්සම් වුණා. ජාන්වී හිටියේ කාටත් වැඩිය නොයිවසිල්ලෙන්. ඒ තලෛවන්ගේ ආධිපත්‍යයේ අවසානය ගැන මාධ්‍ය සාකච්ඡාවක් තියන්නයි. ඒ වගේම මතක ඇති කපුටෙක්ගේ මළකුණක් තලෛවන්ට කරපු හදිය. තලෛවන් ගොඩක්ම කලබල වුණා මතක ඇති. ඒ සම්බන්ධවත් සැඟවුණු කාරණාවක් තියෙන පාටයි.

තලෛවන්ගේ බාල පුත්‍රයාගේ විශේෂ සිදුවීමකුත් පෙන්නුවා. වීරා, කමල් කියලා හාදයෙක් එක්ක විශේෂ සම්බන්ධතාවයක් පැවැත්තුවා. තලෛවන් කපුටු සිද්ධියෙන් ගොඩක් කැළඹීමට පත් වෙලයි උන්නේ. මිනිහාට ඕන වුණා කෝවිලට යන්න, හැබැයි තනියමම. මේකට ශිවා බලවත් විරෝධයක් පෙන්නුවත් තලෛවන් නෙමේ ඒ කීම කනකට ගත්තේ. ජයන්ත්, දාජිත් එක්ක ධාරාවියට ගොඩ බැහැලයි උන්නේ. ඩ්රෝන යානා පිහිටෙන් තලෛවන් කෝවිලට යන ගමන් මග ගැන එයාලා දැනුවත් වෙලයි හිටියේ. අනිත් පැත්තෙන් ජෝ වැඩේට සූදානම් වෙලා හිටියා. ඒ කියන්නේ අන්තිම ජවනිකාවට වෙලාව ඇවිත්.

ඉතින් අද කොටසත් බලන්න ගන්න. මේ එකතු වෙලා ඉන්නේ සුනිල් ෂෙට්ටි සහ විවේක් ඔබරෝයි ප්‍රධාන චරිත මවන Dharavi Bank එක්කයි. හත්වෙනි කොටසත් එක්ක ඉක්මනින්ම හමුවෙමු.

 

              Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,230 downloadsDownload Dharavi.Bank_.S01E06.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

7,230 downloadsDownload Subtitles16 KB

12 comments

  1. whoami

    thanks bro sub ekata

  2. Anonymous

    7 sub eka thiyenne

    1. Ravindu_Heshan

      හරි එක දැණ් අප්ඩේට් කලා සහො

  3. Anonymous

    EP 7 sub ekane downlod une

    1. Ravindu_Heshan

      හරි එක දැණ් අප්ඩේට් කලා සහො

  4. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි සිසිත සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  6. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  7. Anonymous

    Episode 7 plz brother

  8. Leo

    E meka deela iwara karapanko bokkas

  9. Anonymous

    7 sub eka ekmanata dennako thank you

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P