තලෛවන්ගෙ අවසානය එහෙම සටහන් වුණා මතක ඇති. හරියටම පපුවට වෙඩි ප්‍රහාරයක් එල්ල වුනාට පස්සෙ ආයෙ තව මොන කතාද? වෙඩි වැදිලා බිම වැටුණු තලෛවන්ට තවත් වෙඩි ප්‍රහාර කීපයකින්ම ජයන්ත් සංග්‍රහ කරන්න ගියාට ඊට කලින් ජෝ ඉක්මන් වෙලා ජයන්ත්ව එතනින් එක්කන් ගියා. මොකද, කවුරුහරි දැක්ක නම් එතනම එයාලගෙත් අවසානේ ලියවෙන්න ති…

තලෛවන්ගෙ අවසානය එහෙම සටහන් වුණා මතක ඇති. හරියටම පපුවට වෙඩි ප්‍රහාරයක් එල්ල වුනාට පස්සෙ ආයෙ තව මොන කතාද? වෙඩි වැදිලා බිම වැටුණු තලෛවන්ට තවත් වෙඩි ප්‍රහාර කීපයකින්ම ජයන්ත් සංග්‍රහ කරන්න ගියාට ඊට කලින් ජෝ ඉක්මන් වෙලා ජයන්ත්ව එතනින් එක්කන් ගියා. මොකද, කවුරුහරි දැක්ක නම් එතනම එයාලගෙත් අවසානේ ලියවෙන්න තිබ්බ නිසා. කාරණේ ආරංචි වෙච්ච ශිවා ඇතුළු පිරිස සිද්ධිය වෙච්ච තැනට ආවේ වියරුවෙන්. ධාරාවි වැසියන්ගෙ කඳුලු මැද්දෙන් ශිවා තලෛවන්ව රෝහලට අරන් ගියා. තලෛවන් ධාරාවියට දෙවියෙක් වගේ වුනා. තලෛවන් නැති ධාරාවිය නරකාදියක් හා සමානයි කියලයි එහෙ ජීවත්වුණු හැමෝම හිතුවේ.
පෙරළා රහස් මධ්‍යස්ථානයට ආපු ජයන්ත් ඇතුළු පිරිස ඩ්‍රෝන මාර්ගයෙන් ධාරාවියෙ සිද්ධ වෙන දේවල් නිරික්ෂණය කළා. හැමෝම තලෛවන්ගෙ මරණය ගැන ස්ථීර බවකින් කතා කරන්න ගත්තත් ජයන්ත් ඒකට පැකිලුනා. තහවුරු කරපු ආරංචියක් එනකනුයි ජයන්ත් බලන් හිටියේ. ඔය අතර තලෛවන්ගෙ මරණය ගැන ජාන්වි, ඊරා වගේ කට්ටිය බොහොම ඉහළින් සතුටු වෙන්න ගත්තා. ඔය අතරෙයි සකීනා මහේෂ්ට කෝල් කරලා තලෛවන්ට වෙඩි තියපු සිද්ධිය ගැන කිව්වේ. මහේෂ් ඒ වෙලේ හිටියේ ඔෆිස් එකේ. දීපුත් ඒ වෙලාවෙම ආරංචිය ලැබිලා අඬාගෙන මහේෂ් ගාවට දුවගෙන ආවා. ආරංචිය මහේෂ්ට කියනකොටත් මහේෂ් ඒ ගැන දැනගෙන හිටිය එක දීපුට පුදුමයක් වුණත් ඒ වෙලාවේ හැටියට ඒ ගැන පුදුම වෙවී ඉන්න පුලුවන්කමක් තිබුණේ නෑ. ඇරත් මහේෂ් කිව්වෙ එයාට දීපුලගෙ දිහායින් පණිවිඩේ ආවා කියලයි. දීපු තලෛවන් එක්ක එකට ජීවත් වුණේ නැති වුණත් දුව විදිහට තාත්තා කෙරෙහි නොමැකෙන ලෙංගතුකමක් නම් තිබුණා.
සිද්ධිය ආරංචිය වෙලා මාත්‍රේ එනව තලෛවන්ලගෙ දිහාවට. බෝනම්මා ඇතුළු හැමෝගෙම අඩුවක් නැති දෝෂාරෝපණය මිනිහට එල්ල වුණා. ඔය අතරේ වියරු වැටිලා හිටිය ශිවා, ඊලඟ තලෛවඅන් තමන්‍ය කියලා හැමෝටම කියනවා. කාගෙත් මූණු වල ප්‍රශ්නාර්ථයක් වගේ පුදුමයක් ඇතිවෙනවා මේ වෙච්ච දේ නිසා. ඔය අතර වෛද්‍යවරු මහන්සි වුණේ තලෛවන්ව බේරගන්න. ඒත් හැම උත්සාහයක්ම හමුවේ තලෛවන්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැතිවෙනවා. පවුලේ හැමෝම තලෛවන්ගෙ කාමරේට එකතු වෙන්නෙ දරාගන්න බැරි දුකකින්. ඒත් ඒ එක්කම වෙන්නේ හිතාගන්න බැරි දෙයක්.
ධාරාවියම මගුල් ගේක සිරිගත්තා. ජයන්ත්ට ජාන්වීට තමන්ගෙ කෝපය, බලාපොරොත්තුඅ කඅඅඩබ්වීම දරාගන්න එබැරිවුනා. ඊරා විතරයි සිද්ධ වෙච්ච දේ උපේක්ෂා සහගතව දරාගත්තේ. හැමදේම සමනය වෙලා තියෙද්දි දීපු දැනගන්නව මහේෂ්ට තලෛවන්ගෙ වෙඩි තැබීම ගැන පණිවිඩය ලැබුනේ ගෙදරින් නොවෙන විත්තිය.
සකීනා-මහේෂ් හමුවීම වෙන කෙනෙක්ගෙ ඇස ගැටෙන එක, ජාන්වි ජයන්ත්ට දුන්නු උසස්වීමත් එක්කලා ජාන්වී පෙන්නපු ඒ අමුතු හැසිරීම, ෆ්‍රැන්සිස්ව ඉන්න තැනකින් කුදලන් ඇවිත් තාරාගෙ දඩ බල්ලන්ගෙ බඩ පුරවන්න ශිවාට තියෙන ඉවසුම් නැති ආසාව වගෙ ගොඩක් උද්වේගකර දේවල් 6 වෙනි කොටසෙදි සිද්ධ වුණා.
මේ 7 වෙනි කොටස එක්කත් එකතු වෙන්න එහෙනම්. 8 වෙනි කොටස එක්ක හමුවෙමු.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
6,857 downloadsDownload Dharavi-Bank.S01E07.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
- #Dharavi Bank (222) Sinhala sub
- #Dharavi Bank (222) Sinhala subtitles
- #Dharavi Bank S01 Sinhala subtitles
- #Dharavi Bank Season 1 Sinhala sub
- #Dharavi Bank Season 1 Sinhala subtitles
- #Dharavi Bank Sinhala sub
- #Dharavi Bank Sinhala subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Sarthak Dasgupta
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonali Kulkarni
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Suchitra Pillai
- #Suniel Shetty
- #TV
- #Vivek Oberoi
- #සිසිත සමරතුංග
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Kantha_DLA
Anonymous
Ai bn me sub download kkaranna bari
Protocol not support kyla watenowChe
Machan ekmanata sub eka dennako thanks
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kolitha4
Thanx bro
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Dharavi Bank [S01: E07] Sinhala Subtitles | ඇහැට ඇහැක් [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/03/Dharavi-Bank-2022-1.jpg)

ගොඩක්ම ස්තූතියි සිසිත සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!